දැන් කොහොමද මන් ජීවත් වෙන්නේ
එකට ජීවත් වෙමුයි කියලා දිවුරපු
හීනෙන් වත් තනිවෙන්න දෙන්නේ නෑ කියපු
මගේ ආදරේ විතරක්ම නොවී මගේ ජීවිතේම වෙච්ච
ඔයා...........
අද ;
මගෙන් ඈත් වෙලා යන්න ගිහින් ......
වෙන ජීවිතෙකට ලං වෙලා
මගේ අතේ එල්ලීගෙන
හුරතලේට තුරුල් වෙලා
කුඩේ යටින් මාත් එක්ක ඇවිදගෙන ගිය පාරේම........
වෙන කෙනක්ගේ අතක් අල්ලගෙන
මගේ ඇස් ඉස්සරහෙන්ම ඇවිදගෙන ගිහින්
දැන් පැය ගානක් ගෙවිලා ඇති
ඒත් ඒ පැය ගාන ගණන් කරන්න බෑ මට
කල්පයක් වගේ වෙලා....
මගේ පුංචි ලෝකේ නැවතිලා ගිහින්...
මම තාම මෙතනමයි ...
තව යන්න බෑ මට
අද මන් යනවා යන්නම මේ ලෝකෙන්
බොනවා මන් මේ වහ බෝතලේම ...
මට බෑ මැරි මැරි ජීවත් වෙන්න .....
ඔය හිතටත් සැහැල්ලුවක් වෙයි මම යන්නම ගියාම....
උගුරේ ඉඳන්ම පිච්චීගෙන පහලට යන මන් බිව්ව අමුර්තය
මෙච්චර අමාරුද ඉක්මනට මැරෙන එක ....
අනේ මගේ අම්මේ මට බෑ ඉවසන්න ....
මාව පොඩි කාලේ ඉඳන් තුරුලේ තියාගෙන නලවපු
උණුහුම මට අමතක උනේ කොහොමද....
ආදරෙයි අම්මේ මන්....
තරහක් හිතන්න එපා ...
මේ පුතාට සමාව දෙන්න ...
ටිකකට අම්මව අමතක කරලා යන්න ගියාට .........
අම්මාට ආදරේනම් ඔහොම් කරයිද?
ReplyDeleteඑහෙම වෙනවා සමහරක් වෙලාවට.....
Deleteමොකද හිතන්නේ දාලා ගිය එක්කෙනා ගැන
ඒක ගැනයි තරහ, දුක , වේදනාව තියෙන්නේ ...
ඒ දුකට උත්තර හොයනකොට පොඩි කාලේ ඉඳලා දුක් විඳලා
අසනීපයක් උනාම නින්ද නැතුව ලඟට වෙලා හිටපු අම්මව තාත්තව අමතක වෙනවා...
මට ආදරේ කරන තව දෙන්නෙක් ඉන්නවා නේද කියල අමතක වෙනවා...
අන්තිම මොහොතේ මතක් උනාම තිබුන දුකටත් වැඩි දුකක් දැනෙන්නේ
යන්නේ නැතුව නවතින්න හැදුවට එතකොට පරක්කු වැඩියි....
සමහර අය අඩන්නේ යද්දී මාව මතක් උනේ නැද්ද කියලා....?
අමතක උනාම නෙමෙයි
අන්තිම මොහොතේ හරි මතක් උනා ....
ඒත් හැරෙන්න බෑ ..
එතකොට පරක්කු වැඩියි ....
කියාගන්න බෑ අනේ...
Delete:) ඒ මොකෝ?
Deleteහ්ම්ම්ම්ම් ඔය තත්වේ මන් පුද්ගලිකව විඳලා තියෙනවා ..
ReplyDeleteවැඩේ කියන්නේ මට ඔහොම වත් කෙනෙක් නැහැ ..ඉන්නවට
ඉන්නවා ...
මම නම් ඔබට දොස් කියන්නේ නැහැ ..ඔබ සාදාරනයි ..අඩුම
තරමේ ඔබේ මළ දේහයට අවමන් නොකර ඉන්න හරි මට
පුළුවන් ..
මම කියන්නේ නැහැ " ඔබ හරි මෝඩයි " කියල ..
" ඔබ අසරණයි , මට ඒක දැනෙනවා . ඔහොම හරි
ඔබේ සැනසුම ළඟා කරගත්ත එකට ඔබට දොස් කියල
බැහැ ..ඔබව ඔයින් ගලවාගන්න බැරි උන අපිටයි අපි
දොස් කියන්න ඕනේ .." එච්චරයි මම කියන්නේ ..
ඔබට සැනසුම හිමි වේවා ...!
ඇත්ත ...
Deleteදුක තියෙන කෙනා කොහොම හරි සැනසුමක් හොයාගන්න දගලනකොට
දුක කියාගන්න කෙනෙක් නැති උනාම
යන්න තියෙන එකම පාරේ යන්න ගියාම
ජීවත් වෙලා ඉන්න අයට ඊට වඩා දුකක් තමයි
ඒත් මේ ලෝකේ ඉන්න හැමෝම ආත්මාර්තකාමියෝ
තමන්ට ඉන්නේ තමන් විතරමයි
ReplyDeleteදෙපාරක් හිතන්න දෙයක් වෙන්න,කරන්න කලින්
අත්දැකීමෙන් කියන්නේ..
පන දෙනවා වගේ යාලුවෝ ඉදියත්
ඔය එකෙක්වත් අන්තිමේ නෑ...
ඒකනම් ඇත්ත
Deleteදැන් ඉන්න හැමෝම කල්යාන මිත්රයෝ නෙමෙයි
එහෙම අය හිටියේ අතීත කාලේ විතරමයි
මා පොඩි පුතු අම්මේ - මා ඔබ ලග අම්මේ...
ReplyDeleteජෝතිපාල මහත්තයගෙ “මේ ජීවනයේ“ ගීතය මතක් වුනා. මුලු ගීතය පුරාවටම කෙල්ලෙක් ගැන කියවිලා.. අන්තිම පද ටිකෙන් මුලු ගීතයව අම්මා ගැන කියවෙන ගීතයක් බවට පත්වුනා.
මේක එහෙම එකක් නෙවේ වගේ මචන් ..
Deleteබලන්න කමෙන්ට් රිප්ලයි දිහා ...මම
වැරදි වෙන්නත් පුළුවන් ...
හ්ම්ම් කාලයක් මන් ඒ සින්දුව එක දිගට ඇහුවා ....
Deleteඒකනේ කියන්නේ හැමදේකම තේරුම තියෙන්නේ අන්තිමට කියල ;)
එහෙම එකක් නෙමෙයි වගේ කියලා හිතුනේ ඇයි?....
Deleteමේ පදයක් පදයක් ගානේ ගින්දර තියෙනවා
Deleteපිච්චිලා අළු වෙන්න බලාගෙන ඉන්න ..ඒකයි ..
හ්ම්ම් ඒකත් එක අතකට ඇත්ත
Deleteපපුව තාමත් ගැහෙනව මගෙ
ReplyDeleteපපුව ගැහෙනවානම් බය වෙන්න දෙයක් නෑ ..........
Deleteමටනං ඔය සංවේදී හැගීං දැනෙන්නෑ අප්පා..
ReplyDeleteඒක නිසා සීරියස් කමෙන්ට් එකක් දාන්ට අමාරුයි..
සීරියස් කමෙන්ට්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ හැමෝම එක විදිහට හිතන්න පටන් ගත්ත දවසකට තමයි :)
Delete:( ක්මෙන්ට් එක්ක දාන්න බෑ,, පස්සේ එන්නම්
ReplyDeleteඒකට කමක් නෑ මෙහෙම හරි ඇවිත් යන්න ආවනේ :)
Deleteසමාජ යථාර්ථය මේකලු
ReplyDeleteහ්ම්ම් බොහෝ දුරට ....
Deleteපුහ්......... යකෝ....,
ReplyDeleteඅවුරුදු 21ක් යනකම් කවල පොවල උස්මහත් කරල තොපිව හැදුවෙ ඔය "අම්මා" කියන මනුස්සයට තිබ්බ කැහිල්ලකට නෙවෙයි.. මාස 10ක් දරාගෙන ඉඳල ලේ ටික කිරි කරල නොපෙව්ව කියල කවුරුවත් නඩු දාන්නෙ නෑ.. එහෙම කරන්න ඕන කියලා නීතියකුත් නෑ...
හැම දෙමවුපියෙක්ම දරුවන්ගෙන් ප්රති-රැකවරණය බලාපොරොත්තු වෙනවා. ඒක නෑ කියන්න බෑ.. තමන්ටත් බැරි උන දවසක තමන් කරා වගේ තමන්වත් බලා ගනීවි කියලා ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා.. ඒක පිටතට පෙනීම හෝ නොපෙන්වීම එක් එක් පුද්ගල චරිතය මත වෙනස් වෙනවා..
ඉතිං උඹට කිසි අයිතියක් නෑ තමන්ගෙන් තමන්ගෙ ජීවිතේ උදුරා ගන්න.. මොකද ඔය ජීවිතේ සැබෑ හිමිකරුවා තමන් නෙවෙයි... යම් දවසක ඔය ජීවිතේ වටිනාකම ඒ දෙමව්පියන්ට ගෙවල ඉවර කරපු දවසක උඹට පූර්ණ නිදහස තියෙනවා තමන් කැමති දෙයක් තමන්ගෙ ජීවිතේට කර ගන්න...
තවත් කෙනෙක් නිසා තමන්ගෙ ජීවිතේ එපා වෙන තරම් දුර්වල මනසක් තියෙන කොන්ද පණ නැති එකෙක් නම් ඉතිං ණයකාරයො විදියටම මැරිල යන එක තමා හොඳ....
මන් හිතන්නේ නෑ මේකට අවුරුදු වයස බලපානවා කියල... ඕනෙම කෙනෙක්ට ජීවිතේ එපා වෙන තරමටම හිතට වැඩ දෙන ප්රශ්නයක් ආවාම. උත්තර හොයල හොයලා හෙම්බත් උනාම මන් මැරුණා නම් මේ ප්රශ්න ඉවරයි කියන දේ ඔලුවට එනවා.. අනික අපිට ඔහේ යනගමන් ආ මැරෙන්න ඕනේ කියල කෝච්චියකට බෙල්ල තියන්නවත් බෙල්ලේ වැල දාගන්නවත් වහ කුප්පියක් කටේ තියාගෙන බීගෙන බීගෙන යන්නවත් බෑ නේ ඒකට හිතාගන්න බැරි තරමට හිතට ආවේගයක් ඕනේ... ඒ වගේ වෙලාවට හිතෙන්නේ තමන් ගැන විතරයි.. වෙච්ච දේවල්
Deleteමන් කියන්නේ නෑ එහෙම මැරෙන එක හරි කියලා.. අපේ ජීවිත අපිට ඕනේ වෙලාවට නැති කරගන්න තරම් අයිතියක් නෑ ඒක ඇත්ත.. මන් මෙතන කිව්වේ ජීවත් වෙන හැම කෙනාටම එක වගේ දුක සතුට වේදනාව දරාගන්න පුළුවන් කමක් ලැබිලා නෑ... එහෙම උනා නම් කවදාවත් අපිට අහන්න ලැබෙන්නේ නෑ කැම්පස් යන්න බැරි උනා කියලා සිය දිවි නසා ගත්ත අය ගැන.. තමන්ගේ ආදරේ නැති උනා කියලා වහ බීපු අය ගැන.. ගත්ත ණය බේරන්න බැරුව ගියා කියලා මරුන අය ගැන.. ඔන්න ඕකයි මට කියන්න ඕනේ උනේ
අර මැරෙන්න තිබුන හයිය ජීවත් වෙන්න තිබුන නම් කොච්චර හොඳ ද ?
/// අර මැරෙන්න තිබුන හයිය ජීවත් වෙන්න තිබුන නම් කොච්චර හොඳ ද ? //
Deleteඑච්චරයි ..................
හ්ම්ම් ....
Deleteවස බීල මැරෙන හැටි දැකල තියනවා මං. ඒ රෝගී වුනු දෙන්නෙක් ළඟ රෑ ඉන්න හොස්පිටල් ගිය අවස්ථා දෙකකදී. හයියෝ විඳින දුකක්...!
ReplyDeleteහ්ම්ම් ඒ දුක නම් කියල වැඩක් නෑ .... උපරිම දුකක් විඳලා තමයි වස බිව්වොත් මැරෙන්න වෙන්නේ
Delete:O
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:)
Deleteඑසේම වේවා !!!
This comment has been removed by the author.
ReplyDeleteමිනිස්සු හදවතින් ආදරේ කරන්න ඕනී ඒත් තීරණ ගන්න ඕනී මොලෙන් ආදරේ අන්ධවෙන්නේ හදවතින් විතරක්ම තීරණ ගත්තු දාට
ReplyDeleteඇත්ත.... ඒත් අහක ඉන්න අපි කොච්චර කොහොම කිව්වත් ප්රශ්නෙට මුණ දීලා ඉන්න කෙනා ඉස්සෙල්ලම බලන්නේ තමන්ගේ හිත නිදහස් කරගන්න ... මේ වගේ වෙන්නේ එතකොටනේ?.... මොකද බුද්ධියෙන් ගන්න තීරණ වලට උත්තර හම්බවෙනකොට ටිකක් පරක්කු වෙනවා නේ
Deleteහ්ම්
ReplyDeleteමමත් ඔය තත්වෙටම අවිත් තියෙනවා. නමුත් මොන දේ උනත් ජිවිතෙනම් නැතිකරගන්නේ නැහැ
ReplyDeleteහැමෝටම එක වගේ දරාගන්න පුළුවන්කමක් නෑ නේ .... දුක උනත් සතුට උනත් එක විදිහට හැමෝටම දරාගන්න බෑ ...
Delete