Thursday, December 6, 2012

රජ කකුල


මංගල යෝජනා කිව්වම ඉතින් මොනවද මතක් වෙන්නේ කියල අහන්න දෙයක් නෙමෙයිනේ වෙන මොකක්ද ඉතින් යෝජනාවට පස්සේ එන්නේ මගුල නේ ?

 මගුල කිව්වම හිතන්න එපා අර ටිකක් තද උනාම ඕනේ මගුලක් කරගන්න කියනවා කියලා. මේ කියන්නේ ඔරිජිනල් මගුල් ගැන. ඒ කිව්වේ සිංගල් දිවියට සමු දීලා යුග දිවියක් පටන් ගන්නවා කියන එක හරිය?




මේ මංගල්‍ය ගැන කියනකොට ආදර සහ යෝජිත විවාහ කියලා දෙකක් තියෙනවලුනේ? ආදර විවාහ වල නම් ගොඩක් ප්‍රබේධ තියෙනවලු එත් යෝජිත විවාහවල මුලිකව තියෙන්නේ දෙකයි ලු.

එක තමයි බඳින්න කල වයස ආවාම ඔය දන්නා කියන කට්ටියගෙන් එන යෝජනා

දෙක තමයි කල වයස පහු උනාම බැරිම තැන මංගල දැන්වීම් තීරුවේ සහය පතන එක

(මන් නම් ඉතින් ඉහත කී කරුණු නම් වැඩිය දන්නේ නෑ කියන්නෝ තමයි කිව්වේ )

දැන් තමයි ඉතින් කතාව කියන්න යන්නේ........

අපි ඉතින් ඒ ලෙවල් කරන කාලේ ඔය ලන්ච් බොක්ස් ගෙනියන පුරුද්දක් තිබුන කට්ටිය එහෙම නෙමෙයි බත් මුලක් ගෙනිච්චා  මොකද කියනවනම් කෑවා අත හොද ගත්තා වැඩේ ඉවරයිනේ ? ආයේ ගෙදර උස්සගෙන යන්න දෙයක් නැනේ?


ඉතින් දවසක් සෝඩියම් ( මගේ අඹයෙක් ) බත් එක ඔතාගෙන ආවේ මංගල යෝජනා තියෙන පත්තර පිටුවක. කට්ටිය ඉතින් පත්තර පිටුව දැක්ක ගමන් කෑම පැත්තක තියල පත්තරේ පොඩ්ඩක් බැලුවා (ඉස්සරහට අපිටත් ඕවගේ එකක් ලියන්න උනොත් එහෙම දැනගෙන ඉන්නත් එපැයි) ඔන්න එතකොට තමයි මේක දැක්කේ.

“මහනුවර බොදු  රජ    කකුල. අවු: 29 ක් වන උස අඩි 5’6ක් වන ව්‍යාපාරික පවුලක ව්‍යාපාරික පුතුට මනාලියක් මව සොයයි. “




තේරුනාද බලන්නකෝ...........:P




2 comments:

  1. "රජත කුල." කියල නේද එන්න ඕන ? වැඩිපුර "ක" අකුරක් වැදිල..
    එහෙමද ? මටත් ටියුබ් ලයිට් වගේ.

    ReplyDelete
    Replies
    1. මන් දන්න විදිහට නම් රජක කුල වෙන්න ඕනේ. කොහොමද දන්නෑ ඉතින්.:D

      Delete