Wednesday, December 19, 2012

පාර හරිද???


මාසෙකට විතර පස්සේ මාත් ගියා අනේ ක්ලාස් එකට.ඔක්කොටම කලින් කියලා ඔෆිස් එකට ගියා අලුතෙන් ටියුට් එහෙම දීලද බලන්න යන්තම් ඇති පරණ එකම තමයි තාම කොරනවා කිව්වේ. එත් ලෙක්චර්ස් තියෙන හෝල් එක මාරු කරලා. ඔඩිටෝරියම් එක ලගින් උඩට යන්නලු. මදැයි කොලා දැන් ඉතින් හොයපන්කෝ ඔඩිටෝරියම් එකක්! ඔන්න ඉතින් විනාඩි ගානක් ඇවිදලා ඇවිදලා එහෙ මෙහෙ ඇවිදින අක්කලා අයියලාගෙන් පාර අහගෙන ඔඩිටෝරියම් එක ළඟ ට ආවා එත් කෝ උඩට යන්න පඩිපෙලක් තියා ඉනිමගක් වත් නෑ නොවැ.


ඉතින් ඒ පාර මං අහල පහල ඉන්න අක්කලා දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා E4 හෝල් එක කොහෙද තියෙන්නේ කියලා.

 අදහන්න වටිනවා ඉතින් කියලා වැඩක් නෑ “එහෙම එකක් දන්නේ නෑ නංගියෝ “ එහෙම නැත්නම් අනිත් කෙනාගේ මුණ දිහා බලලා

 “ එහෙම එකක් තියෙනවද බන්..?” කියලා අහල මං දිහා මුණ බේරී කරන් බලන ගමන්  “ අනේ අපි දන්නෑ දන්න කෙනෙක්ගෙන් අහන්න”

ඔන්න ඉතින් අන්තිමට කියපු එකට නම් මට යකා නැග්ගා ඇයි යකෝ මුනේ ලියලා තියනවයෑ මං පාර දන්නවා මගෙන් අහන්න කියලා....?

ඇවිදලා ඇවිදලා කකුල් දෙකත් රිදෙනවා ඔන්න ඔහේ  ක්ලාස් එකේ ළමයෙක් එනකම් ඔෆිස් එක ලඟට වෙලා ඉන්නවා කියල ඉතින් එතන තිබුන පුටුවක වාඩි  වෙලා ඉන්න ගමන් පොඩි කල්පනාවකට වැටුනා.

ඔන්න එතකොට මගේ ඉස්සරහට පොල් ගහක් වගේ උස සහෝදරයෙක් ඇවිත් මගෙන් මොනවද ඇහුවා. ( මොනවද ඇහුවා කියල කිව්වේ ඉතින් ඇත්තටම මොකක්ද ඇහුවේ කියලා මට ඇහුනේ නෑ) මං ආයේ ඇහුවා මොකක්ද කියලා ( ඔන්න ඉතින් ආයේ මොකක්ද කිව්වා එකත් මට ඇහුනේ නෑ.) තව සැරයක් ඇහුවොත් ඉතින් මොකක්ද කියලා අනිවා මං චාටර් වෙනවා කියන එකනම් වෙනවා ඒ හින්දම මං ලේසිම උත්තරේ කිව්වා “ සොරි මං දන්නේ නෑ..”

“තෑන්ක්ස් නංගී...” කියාගෙන එයත් යන්න හැරුනා. ඔන්න එතකොටම ඔලුවට ආවා මේ මනුස්සයා ඇහුවේ ෆස්ට් ෆ්ලෝ එකට යන්නේ කොහෙන්ද කියල නේද! පව් අප්පා කතා කරනවා කියලා බලද්දී සෑහෙන දුරක් ගිහින්නේ නමක් දන්නෙත් නෑ ඔන්න ඔහේ කමක්නෑ කියලා ෆස්ට් ෆ්ලෝ කියලම කෑගැහුවා. අනේ ඇති යන්තම් මාව බේරලා එයා හැරුනා. ඉතින් ඒ උදව්වත් කළා .( හැබැයි අද නම් බොරු කිව්වේ නෑ)

ඉස්සර ඉදන් මගේ පොඩි අවුලක් තියෙනවා එහෙම කිව්වම ඉතින් ලොකු දේවල් හිතන්න එපා මේකයි අවුල. කවුරු හරි මගෙන් පාර ඇහුවොත් ඉතින් පාර දන්නවා උනාට පෙන්නලා දෙන්නේ වෙන පාරක්. ඇත්තටම ඉතින් ඒක හිතල කරන දෙයක් නෙමෙයි. ඔන්න ඔහොම පාර නොදැන පාර අහපු ලිස්ට් එකේ දන්න අඳුරන අය වගේම නොදන්න අයත් ඉන්නවා ඒ අය අතරේ අම්මා, නැන්දා, නේවී එකේ සහෝදරයෝ දෙන්නෙක්, මල ගෙදරක යන කස්ටියක් වගේ අය ඉන්නවා. 


දවසක් මෙමා බස් හෝල්ට් එකේ බස් එකක සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් ඇස් දල්වාගෙන බලන් ඉන්නකොට මෙමා ඉස්සරහා නැවැත්තුවේ නැතෑ හෙන සිරා හයිබ්‍රිඩ් කුලේට අයිති කාර් රාජයෙක්! මෙමා ත් ඉතින් බැලුවා කව්ද කියලා වාව් ආ.... ( ඒ වෙලාවේ එහෙම කියවුනේ නෑ එත් හිතුනා ) හෙන සිරා අයියලා දෙන්නෙක්නෙ.

“ නංගී  මේ ඇඩ්රස් එකට යන්නේ මොන පැත්තෙන්ද............?”

“ ආ.. ඔය ඉස්සරහ හම්බවෙන හන්දියෙන් දකුණට හැරෙන්න ....”

“තෑන්ක්ස්.... ඔයාත් යන්නේ ඒ පැත්තට නම් නගින්න.. අපි ඩ්‍රොප් කරන්නම්...”

ඔන්න එතකොට මෙමා ට පොඩි කාලේ ඉගන ගත්ත පාඩමක් මතක් උනා.නන්නාදුනන අය කතා කලවිට ඔවුන් සමග නොයන්න. හප්පේ සිරා උනාට කමක්නෑ බස් එකේම යනවා.

“ නෝ තෑන්ක්ස් මං ඒ පැත්තට නෙමෙයි යන්නේ..”

ඉතින් එකත් ගියාට පස්සේ මෙමා ආයේ බස් කටුවක් එනවද කියල පාර දිහා බලන් ඉන්නකොට තමයි දෙයක් මතක් උනේ! 7 ඉලව්වයි ! පාර කිව්වේ වැරදියට නේ!

දැන් ඉතින් මොනවා කරන්නද පාර වැරදුනාට කමක්නෑ බස් එක එන්න කලින් මෙතනට නම් ආපහු එන්න නම් එපා කියලා දෙයියන්ට කිය කිය ඉන්නකොට ඔන්න බස් එක ආවා.

මෙමා බස් එකෙන් බැහැලා ගෙදර ගේට්ටුව ඇරගෙන ආවා. අහ්හ්....... කව්ද ඇවිත් වගේ යකෝ අද දකින්නෙම හයිබ්‍රිඩ් නේ කියලා හිතාගෙන ගේ ඇතුලට ආවා.

හුටා! ( ඒකනම් ලාවට වගේ කටින් පිට වුනා) මෙන්න අර ජෝඩුව අපේ ගෙදර!

මට නම් දැන් මාන්දවිකයි  වගේ තාම මෙමා එකම තැන හිටගෙන. අර ජෝඩුවත් එහෙමයි ( මෙමා දිහා හැරිලා බලාගත්ත ගමන් මයි ) එතකොට තමයි මෙමා ගේ මව් තුමිය සබයට ආවේ.

“ ආ පුතේ තේ බොන්න... ඔයා දැන්ද පුතේ ආවේ..? ඔයාට මතකද මේ අයියලා දෙන්නව...?”

අප්පේ මේ මොකක්ද මේ වෙන්නේ මගෙන් මෙයාලව අදුරනවද අහන්නේ...?

“නෑ අම්මේ..”

“ඇයි ළමයෝ අපි ක්වාටස් වල ඉන්නකොට ඒ කාලේ ඔයාත් එක්ක සෙල්ලම් කරපු ළමයි දෙන්නව අඳුනගන්න බැරිද...?"

හපොයි මේ ඒ රිලව් දෙන්නද?  ඔන්න ඒ අස්සේ අර මෙමා ගෙන් පාර  අහපු සහෝදරයා  කටහඩ අවදි කොලා.. ඉතින් කියන්න දෙයක් නෑ කාලා හමාරයි තමයි.

“ හානේ අපිටත් අඳුනගන්න බැරි උනානේ මෙයාව. මෙයා නිසා තමයි ආන්ටි පාර වැරදුනේ...”

  



9 comments:

  1. හෆුයි... බලාගෙන ගියාම මෙයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ..
    මොකටද දැං ක්ලාස් යන්නෙ ? කුකරි ක්ලාස් වෙන්ටැ ? (තිත් දෙකයි ඩී)

    ReplyDelete
    Replies
    1. //හපොයි මේ ඒ රිලව් දෙන්නද? //

      හපොයි කොල්ලො නැති තැන හැම කෙල්ලම මෙහෙමද දන්නෙ නෑ කතා කරන්නෙ :(

      Delete
  2. මන් හොඳ ළමයෙක්:D හි හි.... කුකරි නම් නෙමෙයි. දුක් නොවන්න සොයුර හැමෝටම එහෙම කියන්නෙත් නෑ :P අනික ඉතින් නැති තැන නෙමෙයිනේ මන් කිව්වේ ;)

    ReplyDelete
  3. සාමන්‍යයෙන් ගෑල්ලමයෙක් අළුතෙන් පෑනක් ගත්තත් ඒක හතර වටේ හැමෝටම පෙන්නනවා :P ඔයා තාම මේ බ්ලොග් එක යාළුවොන්ට පෙන්නුවෙ නැත්ද ? That's impossible

    ReplyDelete
    Replies
    1. ආ පටන් ගත්ත ගමන්ම නම් යාලුවෙක් දෙන්නෙක්ට කිව්වා එත් ඊට පස්සේ හිතුනා එහෙම කරලා වැඩක් නෑ ඒක නිකම් බලෙන් වැඩ කරව ගන්නවා වගේ කියල. ඉතින් ආයේ කියන්න ගියේ නෑ කව්රු හරි මේ බ්ලොග් එක දැකලා කියවන එක යාලුවොන්ට කියලා මේක බලපන් කියනවට වැඩිය මගේ හිතට හොදයි.:D

      Delete
  4. අදයි ගොඩ වැදුනේ. අපූරැවට ගලපලා තියේ. ඒ වුනාට ඇත්තමයි නගා රිලවු කියලා අපහාස කරාට ඕං..හෙහේ..ඇයි සින්ඩි වල දාන් නැත්තේ අඩවිය. මම කමෙන්ට් ලින්කුවක් දැකලා ආව මිසක් නැත්නම් මඟ හැරෙනවා නෙව..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මගේ පුංචි බ්ලොග් නවාතැනට. බොහොම ස්තුතියි අයියේ :) හි හි ඒ ඉතින් රිලව් කියලා කිව්වේ යාලු ෆිට් එකටනේ:P සින්ඩි ගැන අදහසක් තිබුනා ඒක එහෙම්මම අමතක වෙලා තිබුනේ.

      ඔබටත් එසේම වේවා! චිරං ජයතු෴

      Delete
  5. Replies
    1. කියා වැඩක් නැත වහ කන්න හිතුනා

      Delete