Friday, December 14, 2012

හෙට දවසේ ලොක්කන්ගේ අද කාලේ පොඩි වැඩ....


අදකාලේ පොඩි එවුන් ගැන ඉතින් කුමන කතාද කියලත් හිතෙනවා වෙලාවකට අර කියනවා වගේ පැහිලා හොදටම පැහිලා විතරක් නෙමෙයි ඉදිලා. ඒක එක අතකට ඒ පොඩි එවුන්ගේ වැරැද්ද නෙමෙයි දැන් කාලේ වැරැද්දනේ.




ඔන්න දවසක් මං  ක්ලාස් ඇරිලා බස් එකේ ගෙදර යනගමන්. මං  වාඩි වෙලා හිටියේ  පිටිපස්සෙම ෂිට් එකට ඉස්සරහා ෂිට් එකේ මේ බස් එක කොච්චර හොඳ ද කියනවනම් මහරගම ඉඳන් පන්නිපිටියට යන්න විනාඩි 20ක් ගියා ඒ මදිවට හවස වැඩ ඇරිලා යන, ක්ලාස් ඇරිලා යන අපි වගේ ළමයි වගේ එකී මෙකි නොකී හැමෝම බස් එකේ ඇත්තම කිව්වොත් බස් එකේ කට කපලා සෙනඟ. බස් එක තාම ගාටනවා මොකට මෙහෙම ගාටනවද මංදා කොහොම උනත් මන් ඉතින් එක දන්න නිසාම බස් ස්ටෑන්ඩ් එකටම ගිහින් බස් එකට නගින්නේ නැත්නම් මේ වෙලාවට මගින් නැගලා යන්න වෙන්නේ අනිවා  හිටගෙන කියලා දන්න නිසාමයි.

හවස බස් එකේ යනවා කියන්නේ ඉතින් නොමැරී මැරෙනවා වගේ තමයි. ඔන්න වෙලාවකට එනවා දොඩම් සුවඳක් ටික වෙලාවකින් මාළු ම්ම්ම් තව පාන් සුවඳක් ඒ වගේම තමයි දාඩිය ගඳ හම්මේ වැස්ස දවසකට  එහෙම හවස බස් එකේ යනකොට සැප නහයේ

ඔහොම බස් කොට කොට යනවා මන් හිටපු ෂිට් එකට පිටිපස්සේ ෂිට් එකේ හිටියේ අම්මෙකුයි අවුරුදු 04 ක විතර පොඩි කොලු පැටියෙක් ඔන්න ටික වෙලාවකින් ඒ පොඩි එකා කතාව පටන් ගත්තා....




“ අම්මේ ඇයි අම්මේ මේ බත්  එක යන්නේ නැත්තේ......?”

“මේ යන්නේ පුතේ බස් එක...”

“ නෑ අම්මේ ඇයි හිමින් යන්නේ........”

අම්මා කතා නැත පොඩි එකා නැවතත් එයම අසයි

“ ඇයි අම්මේ මේ බත්  එක හිමින් යන්නේ...? මේක කැඩිලා ද..?”

අම්ම කතා නැත. පොඩි එකා නැවතත් කට හඬ අවදි කළේය.

“මේ බත්  එක කැඩිලාද යකෝ........?”


                      ඔන්න ඔහොමලු ඉතින් උනේ...................





තව දවසක් එත් මං ක්ලාස් ඇරිලා එද්දී බස් එකට නැග්ගා ඉදගන්න ඉඩ තිබුනේ නම් නෑ ඉතින් මන් හිටගත්තා ෂිට් එකේ අයිනේ ඉඳගෙන හිටියේ තාත්තේකුයි චූටි කොලු පැටියෙකුයි. පොඩ්ඩා නම් තාත්තගේ අතේ හිටියේ අවුරුදු 03ක් විතර ඇති පොඩ්ඩට . ටික වෙලාවකින් තාත්තගේ අතේ හිටපු පොඩ්ඩා හිටගෙන අනිත් පැත්ත හැරුනා. පිටිපස්ස ෂිට් එකේ ඒ කෙලින්ම  හිටියේ ඕ ලෙවල් ක්ලාස් යන නංගී කෙනෙක්(එයාගේ අතේ තිබුන ටියුට් එකෙන් තමයි හොයාගත්තේ:D කොහොමද මගේ රහස් පරීක්ෂක වැඩ:P). මෙන්න පොඩ්ඩා අර නංගී දිහාට අත් දෙකම දික් කරගෙන සින්දුවක්  කියන්න පටන් ගත්තා. 


“මත ඔයා මගේ පණ වගේ... ළඟ නැතත් මගේ ළඟ වගේ....”

හප්පේ මාරයි ලස්සනටම කියනවා එච්චරයි කියන්න දන්නෙත් (අර තරු තරගේකට ගියානම් අනිවා තේරෙනවා)  අර නංගී නම් රතු වෙලා ලැජ්ජාවටම. බස් එකේ අය හිනා වෙනවා තව කට්ටියක් බනිනවා ඒ අස්සේ අර පොඩි එකා තාම සින්දුව කියනවා.......

“මත ඔයා මගේ පණ වගේ............”



14 comments:

  1. //මත ඔයා මගේ පණ වගේ............//
    පොඩි එකා නිසා හොඳයි. අපි වගේ කිව්ව නම් ශෝචනීයයි..(දිව දොට්ට)

    මං නම් බස් වල යද්දි පොඩි උන් ඉන්න පැත්ත පලාතක යන්නෙ නෑ. දවසක් ක්ලාස් ඉවර වෙලා ගෙදර එද්දි අම්ම කෙනෙක් නැඟ්ඟා ළමයි 2ක් එක්ක. එකෙක් වඩාගෙන අනිකට අවුරුදු 6ක් විතර. ඉක්මනට බහිනව කියල වාඩි උනෙත් නෑ.වඩාගෙන හිටපු එකාටත් අවුරුදු 2ක් 3ක් විතර.. කෙල්ලෙක්.. ඉතිං මං වාඩි වෙලා හිටපු තැනට ඇවිත් වඩාගෙන ඉඳපු පොඩි එකාව මටයි මගේ සීට් එකේම කොනේ හිටපු අක්ක කෙනෙක්, අපි 2 අතරෙ පොසි ඉඩෙන් වාඩි කරා.. ටික දුරක් යද්දි....

    පොසි එකී - "අම්මි චෝ චෝ "
    අම්මා - "පොඩ්ඩක් ඉන්න දරුවෝ දැන් බැස්සම ජෝ දෙන්නම්"

    ටික වෙලාවකින් මට තේරුණා බබා හම්බ උනා කියල මගේ පස්ස පැත්ත තෙත් වෙද්දි. මගේ එහා පැත්තෙ හිටපු අක්කත් "ඊයෑ...ක්" ගාල කෑ ගහගෙන නැඟිට්ටා.
    මොනව කරන්නද.. පොසි එකාව මරන්නයැ.. ඒකිගෙ දෙමාපියන් මතක් කර කර පිටිපස්සට බෑග් එකත් පහත් කරන් ගෙදර ආවා.

    එදා ඉඳන් අද වෙනකම් පොඩි එකෙක් ළඟට ආවත් ඉතා කැමැත්තෙන් සීට් එක දීල මං නැඟිටිනවා :P

    ReplyDelete
  2. දවසක කියලා බලන්නකෝ ඊට පස්සේ බලමු ශෝචනීය ද කියලා:P

    හි හි මරු වැඩේනේ වෙලා තියෙන්නේ. දැන් අර අක්කත් ඔයා වගේම එක අනුගමනය කරනවා ඇති :P

    ReplyDelete
    Replies
    1. ඒ අක්ක බැංකුවක මං හිතන්නෙ. සාරියත් ඇඳන් කොහොම ගියාද මංද. මට නම් වෙලාවට පිටේ එල්ලන් යන බෑග් එකක් තිබුණා :P

      Delete
    2. සාරියක් නම් එච්චර අවුලක් වුනේ නැතුව ඇති:)කොහොම උනත් වෙලාව ටිකක් හොඳ වෙලා තියෙනවා මොකද බෑග් එක ලග තිබ්බනේ :P

      Delete
  3. අර පොඩි එකා ඒ සිංදුව කියද්දි තාත්තට මොනව හිතුනද දන්නෙ නෑ :)

    ReplyDelete
    Replies
    1. පොඩි එකා සින්දුව පටන් ගනිද්දී නම් තාත්තා හැරිලා බැලුවා කාටද මේ කියන්නේ කියලා ඊට පස්සේ බැලුවේ නෑ. තාත්ත ත් තරුණ කෙනෙක්. ( තාත්තා පොඩි එකාට මුකුත් කිව්වේ නැත්තේ කිව්වනම් පොඩි එකා මොන මොනවද කියයිද කියල වෙන්නට ඇති :P)

      Delete
    2. තාත්තටත් තමන්ගෙ තරුණ කාලෙ මතක් වෙන්න ඇති.. තාත්ත තරුණ කාලෙ කරපුව පොඩි එකා දැන්ම කරන එක ගැන ආඩම්බර ඇති :P

      Delete
    3. ඔය කියන්නේ අපුරුවට :P

      Delete
  4. ඔයාගේ කථාව වගේ ම යාසිගේ කථාවත් පට්ට
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. :D සන්තෝසයි එහෙම කිව්වට. මේ පැත්තට ආවට ඉස්තුතියි කොහොමද පාර හොයාගත්තේ? :)

      Delete
  5. ලස්සන කතා දෙක.. අර පොඩි එකා සින්දුව කිව්වේ හිටගෙන ගිය ගෑනු ළමය දිහා බලාගෙන කියල නේද කිව්වේ ;)

    ReplyDelete
  6. අහ්හ් නෑ නෑ පොඩි එකා සින්දුව කිව්වේ පිටිපස්සේ ෂිට් එකේ ඉඳගෙන ගිය ගෑනු ළමයට :D

    ReplyDelete
  7. ෂිට් .. මම පොඩිකාලේ ඕක දන්නේ නැහැනේ ;)

    ReplyDelete
    Replies
    1. හපොයි හොඳ වෙලාවට දැනගෙන හිටියේ නැත්තේ නැත්නම් එහෙම කට්ටිය බස් වල ගිහින් ඉවරයි :P

      Delete