Wednesday, November 21, 2012

පූස් නැට්ට ....


මේ සිද්දිය උනේ  මං  පොඩ්ඩා සන්දියේදී. මෙහෙමයි ඉතින් එතකොට මගේ අම්මගේ තාත්තා ගොඩාක් වයසයි ඒ නිසාමද කොහෙද ටික දවසකින් සීයා අපිව දාලා යන්න ගියා. ඉතින් මොනවා කරන්නද කියලා හැමෝම හිත හදාගෙන අවසන් කටයුතු කරන්න කතා කරගත්තා.

ඔන්න ඉතින් මළ ගෙදරට යාලු හිතමිත්‍රාදී, නෑදෑ,අසල්වැසි එකී මෙකී නොකී හැමෝම එන්න පටන් ගත්තා. මහා ගෙදර එකම යුද්ධයක් මේ එන අයට සංග්‍රහ කටයුතු කරන්න එන අයව පිළිගන්න ඔන්න ඔහොම වැඩ ගොඩයි. මේ අස්සේ ඉතින් මේ පොඩි එකා මොනවා කරන්නද? සෙල්ලම් කරන්නවත් අහල පහල කෙනෙක් නෑ නේ කියලා දුකෙන් සාංකාවෙන් ඉන්නකොට දෙයියෝන්ටත් දුක හිතිලද කොහෙද මෙන්න එනවා  අපේ ලොකු අම්මගේ පුතා.

ඒ හලෝ අපි සෙල්ලම් කරමුද? එකත් ඉතින් දෙයියෝ දීලා වගේ එයාම ඇහුවා. අර මොකක්ද එකකට කියනවනේ ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ  කිව්වද මොකක්ද එකක්. ඉතින් මං ඉබ්බා වෙන්නේ නැතුව හා හා කිව්වා.

හා කිව්වට මොකද දෙන්නටම කරන්න සෙල්ලමක් මතක් වෙන්නේ නෑ. ශිකේ මාර වැඩේ මොකක්ද නංගී සෙල්ලමක් මතක් කරනවකෝ මෙන්න මෙයා මට බර බරේ දානවා. මෙන්න මේ වෙලාවේ අපි හිටියේ ගේ ඉස්සරහ තිබුන මල් ගහක් ළඟ. ඔයාල දන්නවත් ඇති අර  බළල් නැටි කියලා කියන්නේ....



මේ තියෙන්නේ එක තමයි. දන්න අයටයි දන්නැති අයටයි බලාගන්න බැරියෑ........

කතාවෙන් කතාවෙන් කරන්නට සෙල්ලමක් වත් ඔලුවට පාත් වෙන්නේ නැත.

“අයියේ.....”

“හ්ම්ම්ම්.........?”

“මේ ගහට කියන නම මොකක්ද ...........?”

“ඕකට කියන්නේ බළල් නැටි කියලා......”

“ශා...... එක තමයි හරියනම නම නේද...........?”

“මේ විකාර කියවන්නේ නැතුව සෙල්ලමක් කරනවද නැද්ද...........?”

“හරි ඉතින් ඔයාම මතක් කරන්න අයියේ........”

අයියා සෙල්ලමක් මතක් කරයි ඒ අස්සේ මන් ඉතින් ඔය කිව්ව ගහෙන් මල් දෙකක් කඩාගෙන කලිසම පිටිපස්සෙන් තියාගෙන  


“දැන් මං පුසෙක්.......”

“හහ් ! මැටි පුසෙක්........” අයියා මාව එතනම පල් කළේය

මදැයි ඕවට කියන්නේ ඉල්ලගෙන අහගන්නවා කියලාය. මොනවා කරන්නද ඉතින් අනිත් මල අයියාගේ කලිසමේ පිටිපස්සෙන් තියන්න තරම් මොළගෙඩියක් ඒ කාලේ තිබුනේ නිකම් පිනට වගේ. 






කොහොමින් කොහොමින් හරි මට ඕක මතකම නැතුව ගියේ අපි දෙන්නට පොඩි අයිඩියා එකක් පාත් උන නිසා... එක තමයි තරගෙට ටොනික් මූඩි එකතු කරන එක වැඩිපුරම එකතු කරපු එක්කෙනා දිනුම්! ඔන්න ඉතින් ටික වෙලාවක් යනකොට අපි දෙන්නටම අමතක උනා කියමුකෝ සීයා ගේ මළගේ කියලා.

එහාට දුවනවා මෙහාට දුවනවා ඒ අතරේ පොඩි අමුත්තකුත් තිබුනා අපි යන යන තැන ඉන්න කට්ටිය හිනා වෙනවා!

අනේමන්දා  මළගෙයක් උනාම හිනාවෙන්න හොද නෑ කියලනේ අම්මා කිව්වේ!

ඔන්න ඉතින් අපි සෑහෙන ටොනික් මූඩි ටිකකුත් හොයාගෙන දැන් ගණන් කරන්න තමයි කුස්සිය පැත්තට යන්න හිතුවේ. එතකොටම කොහෙද ඉදන් අම්මයි ලොකු අම්මයි මතු වෙලා අපි දෙන්නව ඇදගෙන ගියා පැත්තකට කතා වෙලා හිටියා වගේ දුන්නේ නැතෑ පශ්චාත් භාගේ රත් වෙන්නම!

මේ මොකද දෙයියනේ මේ වෙන්නේ ?

“මොනවද මේ පිටිපස්සේ ගහගෙන දුවන්නේ............? කිව්වා නේද දඟ කරන්න එපා කියලා........? “ ලොකු අම්මා කියවගෙන යනවා එතකොට තමයි අර බළල් නැට්ට මතක් උනේ!

8 comments:

  1. Replies
    1. හපෝයි කියන්න එපා ඉතින් මොනවා කරන්නද අර කාගේද මන්දා පිගානටලුනේ හෙනහුරා පාත් වෙනවා කියන්නේ :D

      Delete
  2. හොකෑස්.. නැට්ට විතරක් මොකෝ.. අං 2කුත් හයි කරා නම් ගැලපෙනවා... :D

    ReplyDelete
    Replies
    1. මොකෑ.......? පුසට කවදද අං ආවේ?

      Delete