අද දවස නම් ඉතින් ඉරිදා දවසක් මන් අද තමයි
කැලැන්ඩරේ බැලුවේ ... ආයේ කියල වැඩක් නෑ අන්තිමට කැලැන්ඩරේ බැලුවේ කවද්ද කියන්න
නම් මතකයක් නෑ. මන් හිතන්නේ ගිය අවුරුද්දේ වෙන්න ඇති .. අද මාර්තු 31 .. ඊයේ තමයි
ඉරුවා ගේ උපන්දිනේ තිබ්බේ ..
ඔන්න ඉතින් 30 වෙනිදට යෙදුන ඉරුවා ගේ හැපී බර්ත්
ඩේ එක නිමිත්කොටගෙන දවසක් රෑ වෙලාවක මුණු පොතේ ප්‍රාධුර්භුත උන අපේ ගිම් යෝජනාවක්
සභාවට ඉදිරිපත් කළා...
“ 21 නේ එහෙම නිකම් අතාරින්න බෑ නේ .. අපි ට්‍රීට්
එකක් ඉල්ලමු..”
“ අහා..! ඔයා ඉරුවාට කිව්වද?...”
“ ඔව් කිව්වා 31 වෙනිදා දාගන්න කිව්වා "
ඉතින් ඔහොම කිව්වාම මේ කියාගන්න බෑ තව මොනවා
කියන්නද ආයේ “හා” කියලා යෝජනාව සභා සම්මත කොරන්නේ නැතුව?
ඔන්න ඉතින් ඒ අතර මැද දවස් ටිකේ ගිම් එක්ක මම
පොඩි රහස් සාකච්චාවක් කරලා මොකක්ද දෙන තෑග්ග කියල තර්ක විතර්ක කරලා අන්තිමට එකක්
තෝරගත්තා... ඔන්න දැන් ඒකත් හරි ...
ඉතින් ඉරිදා දවසේ ගියා කියමුකෝ K.F.C එකට... හා දැන් ඒක නෙමෙයි මන් මේ කියන්න පටන්
ගත්තේ මන් මේ කියන්න ගියේ මේ අපේ ඉරුවා ගැනනේ ...
හප්පේ දැන් අවුරුදු 5ක පුරාණ මිත්‍ර කමක් නොවැ
තියෙන්නේ ... මොනවා උනත් 10 වසරේ ඉඳන් එකටම තමයි මායි ඉරූයි හිටියේ ... දුකයි
සැපයි හැම දේම කියන්න මට හිටියේ ඉරුවා තමයි.. අපි එකම බස් තමයි ගෙදර යන්නේ.. පන්තියේ
එකට ඉඳලත් ආයේ ගෙදර ගිහිනුත් කෝල් කරලා පිස්සු නටනවා ඒ දවස් වල නම් අපේ ගෙවල් වල
ෆෝන් බිල නම් ටිකක් විතර වැඩි උනාද මන්දා.. ඒ කාලේ ඉතින් තිබ්බ පිස්සුව තමයි
සින්දු පිස්සුව ආයේ ඉතින් කියන්න ඕනේ නෑ ..
එතකොට ගිම් , එරා, උත්පලා, පාට දෙකේ චතුලා දෙන්නා
හිටියේ වෙන පන්ති වල ඒ උනාට කට්ටිය ඉන්ටර්වල් එකට එකට කෑවේ .. මන් ඉතින් කෑවේ
කොහොමද කියල මතක් කරන්න යන්නේ නෑ.. මොනවා උනත් බත් එකේ තියෙන මාළු කෑල්ල ගිම්
කෙලින්ම පැහැරගන්නවා..
ආ ඉතින් දැන් ඔන්න මේකයි කියන්න ගියේ අපේ ඉරූ ඒ
කාලේ ඉඳන්ම උරග කුලේ කස්ටියට ටිකක් විතර පරාන බයයි. දවසක් මමයි ඉරුවයි ඉස්කෝලේ
ඇරිලා යනකොට අඩි 100ක් විතර දුරින් ඉන්න තලගොයෙක්ව දැකලා උච්ච ස්වරයෙන් කෑගැහුවා හම්මෝ .. මන් හිතුවේ මිනී කන කිඹුලෙක් වත් දැකලද
කියල. බලනකොට මේ සිඟිති තලගොයි පැටියෙක්නේ ...
ඉතින් ඔහොම කාලේ ගෙවිලා ගියා .. ඒ ලෙවල් වලටත්
අපි එකම පන්තියට වැටුනේ ... ඉතින් ඒ ලෙවල් එග්සෑම් එකේ අන්තිම දවසේ තියෙන්නේ ඉතින්
සුපුරුදු පරිදි අපේ අසාමාන්‍ය වූ සාමාන්‍ය දැනීම උරගා බලන පේපර් එකනේ .. ඉතින්
ඉරුවා හිටියේ මන් හිටිය ශාලාවට එහා ශාලාවේ .. ඉතින් දැන් ඔන්න අපි දැනීම උරගා බල
බල කල්පනා සයුරේ ගිලිලා ඉන්න වෙලාවේ එහා ශාලාවේ මහා ලොකු සද්දයක්...
දඩ බඩාස් ... සරාස්.. දඩින් බිඩින් .. අම්මෝ...
හූ..
මලා ..! මොකක්ද හප්පේ ඒ සද්දේ? කාට හරි හාට්
ඇට්ටෑක් එකක් හැදිලාද කොහෙද .. ඔව් ඔව් දැන් හෙට පත්තරෙත් යයි “ අසාමාන්‍ය ලෙස
දැනීම උරගා බැලීමට ලියමින් සිටි පේපරය අතරතුර හාට් ඇට්ටෑක් “ කියලා.. අඩේ කාටද
ආඩම්බර ...?
ඉතින් මොනවා කරන්නද අපිට යන්න දුන්නේ නෑ නේ උදව්
වෙන්නවත් අඩුම තරමේ සිහි නැතුව වැටුනා නම් කව්රු උනත් පව්නේ අපි ගිහින් වතුර ටිකක්
වත් මුණට හලනවනේ.. ඉතින් ඔහොම වෙලාව ගිහින් ගිහින් වෙලාව ඉවර වෙලා අපි විභාග
ශාලාවෙන් එලියට පැන්නා...
ඔන්න ඉරුවා එනවා.. අහගන්න ඕනේ මොකද උනේ කියලා..
කාටද හාට් ඇට්ටෑක් එක හැදුනේ කව්ද වැටුනේ කියල..
“ ඒ ඉරූ.. මොකක්ද අර සද්දේ...? “
“ අම්මෝ මාර වැඩේනේ උනේ...?”
“ ඒක තමයි ඇහුවේ මොකක්ද උනේ..?”
“ ඒ පන්තියේ මන් ඉඳගන්න ඩෙස් එක ළඟ තියෙන අර කබඩ්
එක...”
“ඔව් ඉතින් ඒක උඩ ගියාද එක පාරටම?”
“ නෑ නෑ ඒකේ ඇතුලේ ඉඳන් තලගොයෙක් ආවනේ මන් පේපර්
එක ලිය ලිය ඉන්නකොට...”
ඔන්න ඔහොමයි ලු උනේ මොනවා උනත් හැපී බර්ත් ඩේ
ඉරුවෝ ...