Friday, January 11, 2013

මගේ ගමන සහ මගේ සෙරෙප්පුව.... 02 වෙනි කෑල්ල


ඔහොමයි කියලා ඉතින් ආවා කියමුකෝ එලියට එතකොට තමයි කියාගන්න බෑ ට මතක් උනේ සූටි කාලේ අම්මයි තාත්තයි එක්ක ඇවිත් බලනකොට සත්තු ඉන්න පැත්තකුත් කෞතුකාගාරේ තිබුනා නේද කියලා. ඉතින් කියාගන්න බෑ හට ඒකට යන්න හෙන ආසාවක් තිබුනේ. කොහොම හරි අනිත් තුන් දෙනාට පින් අනුමෝදන් කරලා කැමැත්ත ගත්තා, ඒකටත් පොඩ්ඩක් හොට දාලා යන්න. ඔන්න ඉතින් කෞතුකාගාරෙ පිටිපස්සට වෙන්න තිබුන ස්වභාවික විද්‍යා කෞතුකාගාරෙ පැත්තට ආවා කියමුකෝ ඔන්න ඇතුලට යන්න ඕන්න මෙන්න තියෙද්දි

“ මිස්... ටිකට් අරන් යන්න .........”

“හුටා මේකටත් ටිකට් ඕනෙද......? අනේ මේ යමු යන්න ඔය සල්ලි වලින් අයිස් ක්‍රිම් කනවා ..........” 

වක්කඩේ ඇරියා වගේ එහෙම කිව්වේ නද්දා. කටේ සද්දේ කොච්චරද කියනවනම් එතන හිටපු මනුස්සයටත් ඒක ඇහුනා

“ පුතාලා තාම ඉස්කෝලේ යනවද.........”

“ අහ්හ් ... ඔව් අන්කල් .....”

“ මේකනේ පුතාලා...  මේ කෞතුකාගාරෙ නඩත්තු කරන්නයි තමයි එහෙම මුදලක් අය කරන්නේ. ඒකත් පොඩි මුදලක්නේ පුතාලගෙන් අය කරන්නේ..... පිටරට අයගෙන් තමයි ටිකක් සැලකිය යුතු ගානක් අය කරන්නේ.........”

මාළුවා කට හින්දලු නහින්නේ මදැයි ඉතින් කොලා ඔය අහගත්තෙ. පොලොව පලාගෙන යන්න හිතුනත් ඉවසගෙන හිටියා අන්තිමට පොලව පැලුව එකටත් ගෙවන්න වෙයිනෙ. ඔන්න ඉතින් අපි තුන් දෙනාම නද්දා ව කන්න වගේ බලන් ඉන්නකොට නද්දාට තේරුණා මෙතනින් ශේප් උනත් අපෙන් නම් කාලා හමාරයි තමයි කියලා.

“ අනේ අන්කල් එහෙම හිතලා කිව්වා දෙයක් නෙමෙයි අන්කල් මට සමාවෙන්න..........”

හප්පේ මෙන්න නද්දා හෝ ගාලා කියවනවා. අපිත් ඉතින් ශෝක මුඩ් එක මුණ ට අරන් බිම  බලාගත්තා. ඉතින් අපි ටිකට් ගත්තා කියමුකෝ ඇත්තටම වැඩි ගානක් නෑ ළමයින්ට ටිකට් එකක් රු. 20 යි. වැඩේ කියන්නේ අපි ඇතුලට යනකොට අර අන්කල් අපිත් එක්කම ඇවිත් කෞතුකාගාරෙ  හැම දෙයක් ගැනම විස්තර කරලා කියලා දුන්නා.

ෆොටෝස් ගන්න නම් ඉතින් අවසර පත්‍රයක් ගන්න ඕනේ. කියාගන්න බෑ කට්ටියට එච්චර සල්ලි තිබුනෙත් නෑ .අනික ඉතින් එහෙම පින්තුර අරන් කොරන්න දේකුත් නෑ නේ? බලපත්‍ර වල ගණන් මිනුම් තිබුනේ මෙහෙමයි

සාමාන්‍ය කැමරා බලපත්‍රය
රු:   250.00
වීඩි‍යො/කැමරා බලපත්‍රය
රු:  2000.00

ඉතින් සවාභාවික විද්‍යා කෞතුකාගාරෙ ක්ෂීරපායි , උරග, පක්ෂි, මත්ස්‍ය , උභය ජීවි වගේ සත්තු වගේම දැනට ඉන්න වගේම වඳ වෙලා ගිහින් තියෙන සත්තු ගැනත් හරි අපුරුවට විස්තර කරලා තියෙනවා ඒ වගේම විවිධ වර්ග වලට අයිති ශාක වර්ග , පාෂාණ වර්ග ගැනත් විස්තර තියෙනවා සවාභාවික විද්‍යා කිව්වම ඉතින් ඒවත් අයිතියිනේ......?

ආ ඉතින් ඔහොම යනකොට ඉන්නවා සංරක්ෂණය කරපු ඇත්ත සත්තු ඒ අතරින් අර අපිත් එක්ක ආපු අන්කල් පෙන්නුවේ දිවියෙක්ව. ඒකා දැන් ඔහොම ගලක් වගේ හිටියට හෙන වැඩර් කෙනෙක් ලු. පුනානි දිවියා කියලලු කියන්නේ හෙන වැඩර් කිව්වේ....... ඉතින් මේ යාළුවා පන පිටින් ඉන්න කාලේ මිනිස්සු 13න් දෙනෙක්ව මරලා තියෙනවා මෙයාව අල්ලාගෙන තියෙන්නේ 1924 අගෝස්තු 16 වෙනිදා  ලු.

ඔහොම ඉතින් එක එක විකාර කියව කියවා යනකොට....කියාගන්න බෑ ගේ හිත ගත්ත දෙයක් තමයි සර්පයෝ .ඉතින් බෝතල්ගත් කරලා ඉන්න සර්පයෝ දිහා බලන් ඉන්නගමන් අර අන්කල් කිව්වා දවසක් කෞතුකාගාරෙ  බලන්න ආපු පොඩි එකෙක්ද කොහේද අතින් ගහල ඒ බෝතලයක් වැටිලා බිඳිලා. එතන පොලව පිච්චුන පාර තාම තියෙනවා. 

ඔන්න ඔහොම ඉතින් ඒ සවාභාවික විද්‍යා කෞතුකාගාරෙත් බලලා එලියට ආවා කියමුකෝ ඊට පස්සේ අපේ කස්ටියට ආපු රාජකීය පුරස්නේ තමයි කොහේ ඉදන්ද දවල්ට කන්නේ කියන එක.

“ අර තියෙන්නේ බන් කැන්ටිම යමු යමු...........”

“ බෑ බන් එකේ ඇතුලට වෙලා කනකොට නිදහසක් නෑ ........ වටපිට බලන ගමන් කන්න ඕනේ........”

“ මේකාට සත්තු බලලා ඔලුව විකාර වෙලා...... වටපිට බලන්නයි කන්නයි දෙකක් එකට බෑනේ කාලා ඉවරවෙලා ඕනනම් වටපිට බලන්න........ මෙන්න මෙහෙ යන්........”

“ ඒ මේ අපි විහාරමහාදේවි එකට  යමුකෝ බන් එතැනදී කමු..........”

“නරකම නෑ ඇවිදගෙන යන දුරනේ එහෙනම් යමු.......”



අපිත් ඉතින් ගියා කියමුකෝ විහාරමහා දේවියට හයියෝ කපුටෝ ........... මදැයි ඉතින් කාපන්කෝ ටකරම් කියලා ඉතින් ඉස්කෝලේ පුරුද්දටම ගෙනාපු බත් මුල දිගඇරගෙන වටවෙලා  කෑවා....

 ඉතින් ඒ අතරේ වටපිට බල බල කන්න ඕනේ කිව්ව අපේ පුංචි සුරංගනාවී වට පිට බලනගමන්

“ අර බලන්නකෝ අර අක්කයි අයියයි මොකක්ද කරන්නේ හෙවනකට වෙලා මුණත් කුඩේකින් වහගෙන........”



“ අනේ මේ පව් නොදී මේ බත් එක දිහා බලාගෙන කනවද බබා වෙන්නේ නැතුව.........?”

ඔන්න ඉතින් සුරංගනාවී අවට සුන්දරත්වය වින්දනය කරන එක පසුවට කල් දාලා කන්න පටන් ගත්තා.

දැන් ඉතින් කස්ටිය කාලා එහෙම ඉවර වෙලා ගත්තා කියමුකෝ ෆොටෝ. සිරාවට කව්රු හරි අපි දිහා බලාගෙන හිටියානම් අනිවා හිතනවා මුන්ට නම් පිස්සු කියලා... හොඳ වෙලාවට එතන අපි දිහා බලන්න කෙනෙක් හිටියේ නෑ  ඔක්කොම වගේ හිටියේ ඉරට්ටේ ඉල්ලක්කම් නිසා එයාලා එයාලගේ වැඩ.

ඊටපස්සේ ඉතින් අපේ කස්ටිය ගාලු මුවදොර පිටිය දක්වා යන බස් එකකට නැග්ගා නැග්ගා කියමුකෝ ටිකට් ගන්න හදනකොට තමයි දැක්කේ මේක අනිත් පැත්තට යන බස් එකක් කියලා. ඉතින් ලැජ්ජ නැතුව ශේප් එකේ ඊලග හෝල්ට් එකෙන් බැහැලා හරි බස් එකේ බෝඩ් ලෑල්ල බලලා නැග්ගා.

ඉතින් බස් එකෙන් බැහැලා ටික දුරක් යන්න තියෙනවනේ. ඔය අස්සේ තමයි කියාගන්න බෑ දැක්කේ පාලමක් යට ඉන්න පෙලිකන් කුරුල්ලෙක්ව.

“ ඒයි නද්දා අරබලන්න පෙලිකන් කෙනෙක්.........”

“ මොකෙක්..........?”

“ අර.. ඉන්නේ බන් කුරුල්ලෙක්. ලොකු හංසයෙක් වගේ.......”

“ කෝ බන්......”

එහෙම කියලා නද්දා මගේ ළඟටම ආවා හයියූ ........ විනාසයි......... සියලු දේ අනිත්‍යයි කියලා නද්දා මගේ සෙරෙප්පුව පෑගුව ආනිසංසය හේතුකොටගෙන සෙරෙප්පුව දෙකඩ උනා.....!



“හප්පේ ! සොරි බන්......”

මූ මෙතන සොරියක් කියන්න එන්නේ මගේ සෙරෙප්පුව කඩා බිඳ දැම්මාට පසුවය. ශිකේ මන් මෙකාටනේ කුරුල්ලෝ පෙන්නන්න ගියේ. කොරන්නට මෙලෝ දෙයක් නැත. ඒ අස්සේ දිගා සහ සුරංගනාවීද එතනට පැමිණ තතු විමසා එක එක යෝජනා කරති.

“ ඕකට අපි කට්ටක් ගහමු........”

ඔන්න දැන් සෙරෙප්පුව කට්ටක් මගින් පාස්සා ගැනීමට හෙන ගෙමකි. පාරේ යන මිනිස්සුන්ද එකා දෙන්නා අප දෙස බලමින් යයි ඒ අතර පා පැදියකින් යන කොලුකම ඔලුවටම ගැසූ කොල්ලන් දෙදෙනෙකි

“ ආ...... මොකෝ නංගී පාලමෙන් වතුරට පනින්නද බලන්නේ.........?”

එහෙම කිව්වා පමණි. ඉස්සරහ තිබුන ගලක හැපී දෙදෙනාම බිමට පතබරියන් වෙන්නට ගියෝය. අපිට ඉතින් හිනා ගියේ නෑ ලූ.

ඉතින් සෙරෙප්පුවට හෙන ගේමක් දී කට්ට අමුනාගෙන අපි එතනින් යන්න ගියෙමු. අඩි  දහයක් ගියේ නැත කට්ට ගැලවී  කියාගන්න බෑ ගේ කකුලේ ඇනුනි. ඔන්න ඉතින් ආයෙත්

“ අපි මේක සුපර් ග්ලූ ටිකකින් අලවමු.........”

“ දැන් කෝ සුපර් ග්ලූ තියෙනවද..........?”

“ නෑ ඉතින් මන් මේ කිව්වේ අපි කඩේකින් ගමු....”

ඔන්න ඉතින් කියාගන්න බෑ  කකුලක් අද්ද අද්ද ඇවිදගෙන යනවලු. එත් සුපර් ග්ලු එකක් ගන්න කඩයක් තියා ස්රෙප්පුව මහගන්න වත් තැනක් හම්බුනේ නෑ අප්පේ ඒකනම් පෙර කල පවක්ද කොහෙද. ඔන්න ඉතින් ඉස්සරහ පෙන්න තියෙනවා චෙක් පොයින්ට් එකක්.

“ අන්කල් මේ ළඟ තියෙනවද බුක් ෂොප් එකක්......?”

“ මේ පැත්තේ නම් නෑ .......... ඇයි මොකක් හරි හදිස්සියක්ද...........?”

“ඔව් මේ සුපර් ග්ලු එකක් ගන්න අන්කල්.......... එහෙනම් අපි යනවා.......”

ඔන්න ඉතින් අපි එතන පහුකරගෙන යනකොට එතැන හිටපු තව කෙනෙක් අහපි

“ ආ........ සුපර් ග්ලු හොයන්නේ මේ නංගී ගේ සෙරෙප්පුව අලවන්නද........?”

හයියූ........ ඉතින් මට නද්දා ව කතහැකි. ඔහොම ඉතින් ගෝල් ෆේස් එකටත් ගියා කියමුකෝ බැලූ බැලූ අත තිබුනේ කුඩ. රෝස පාට කුඩ, කළු කුඩ, මල් මල් කුඩ ආදී එකී මෙකි නොකී ජාතියේ කුඩ 



කුඩ අතරේ මේ දෙන්නව දැක්කම ටිකක් බලන් ඉන්න හිතුනා...  මුහුද දිහා බලාගෙන හිටිය කෙල්ලගේ මුණ දිහා බලාගෙන කොල්ලා මොනවා හිතුවද මන් දන්නේ නෑ ඉතින්... කියාගන්න බෑ ට සින්දුවක් මතක් වෙලා කියන්න හැදුවත් නද්දා කියාගන්න බෑ ගේ කට වැහුවේ කියාගන්න බෑ සින්දු කියන්නන ගියොත් වෙන නස්පැත්තිය දන්න නිසා.


ඉතින් ටික වෙලාවක් වෙරළට වෙලා ඉඳලා ටිකක් මුහුදු රැල්ලත් පාගලා අපි යන්න ලෑසති උනා හපොයි හෙන වැස්සක් කඩන වැටුනානේ! කුඩයක් ගෙනල්ලා තිබුනේ හෙවනටත් කුඩේ ඉහලාගෙන යන දිගා විතරයි .කරන්න දෙයක් නෑ වැස්සේම ගිහින් 138 ක නැග්ගා.  ඉතින් නද්දා බහින්න කලින් කියාගන්න බෑ ගේ සෙරෙප්පු දෙක නද්දා ට දීලා නද්දා ගේ සෙරෙප්පු දෙක ඉල්ලගත්තේ කියාගන්න බෑ ට ටිකක් දුර යන්න තිබුන නිසා. කොහොම හරි ගෙදර යනකොට 8 ට කාලයි. 





Thursday, January 10, 2013

මගේ ගමන සහ මගේ සෙරෙප්පුව



අද උදේ තේක බොන ගමන් මට මතක් උනා අපි සූ එකට යන්න ගිහින් වෙච්ච වැඩක්. තව ටිකෙන් කටට හලාගත්ත තේ ටිකත් රිවර්ස් වෙනවා. ඉතින් මතක් වෙච්ච වෙලාවේම ඕක ලියාගන්න ඕනේ කියල හිතුනට ලැපා ව ඕන් කලාම හිතුනා මේක බලන අය හිතයි ද දන්නේ නෑ මේ “ කියාගන්න බෑ”  රින්ගන්නෙම සූ එකට මේකේ මොකක් හරි රහසක් ඇති කියලා  :P ඉතින් එහෙම හිතලා සූ කතාව ටිකක් පස්සට තල්ලු කරලා දාලා කෝප්පේ අඩියේ ඉතුරු වෙච්ච කෝපි කුඩු ටික දිහා බලාගෙනම  කල්පනා කළා කොහෙද යකෝ මන් ගිහින් තියෙන්නේ කියලා. ඔන්න එතකොට මතක් උනා අපේ ගමන.

අපේ ගමන කිව්වේ කියාගන්න බෑ ඒ ලෙවල් කොරන කාලේ යාලුවෝ සෙට් එකත් එක්ක ගිය පොඩි ගමනක්. මෙහෙමයි ඒක උනේ. 2011 ඒ ලෙවල් පන්තියටත් වැටුනා කියමුකෝ ඔන්න ඉතින් අවුරුදු නිවාඩුවත් හම්බුනා. නිවාඩු දෙන්න කලින් ඉදන්ම අපේ කට්ටියට ඕනේ උනා කොහේ හරි යන්න එකට ඉතින් වැඩිය දුර නොවන තැනක් තෝරාගන්න උනේ අපිට ඉතින් කොල්ලොන්ට වගේ එහෙ මෙහෙ යන්න තරම් අවසර හම්බවෙන්නේ නෑ කියලා මුල ඉදන්ම දන්න නිසා දැන් දහ අතේ කස්ටිය කල්පනා කොරලා කල්පනා කොරලා එක එක තැන් යෝජනා කරනවා

“අපි යමු බීච් එකට....”

“ඔව් ඔව් තොගේ අම්මා එවයි...”

“එහෙනම් යමු සූ එකට....”

“ අනේ මගෙන් අහගන්න එපා....”

“වෝර්ටර් වර්ල්ඩ් යමු....?” 

“ දුර වැඩියි බන් යන්නම වෙලා යනවා...”

“ අපි කෝච්චියෙන් නුවර යමුකෝ....”

“හීනෙන් තමයි....”

ඔන්න ඔහොම තමයි කතාව උනේ මේක දිහා බලාගෙන හිටපු කියාගන්න බෑ ට මල පැන්නා

“ ඔතන ඉදන්ම යයි ජපානේටම අනේ යකෝ ආයේ කතා නෑ අපි යන්නේ මියුසියම් එකට 12 වෙනිදා 7.30 වෙනකොට බස් හොල්ට් එකට ඇවිත් ඉන්න ඕනේ නැත්නම් දාලා ගියා...”

“ ඒ අපි ඒ එක්කම යමුකෝ ගෝල් ෆේස් අනේ බන් කාලෙකින් ගියෙත් නෑ ....” නද්දා චුරු චුරු ගාන්නට විය

“තොපි හිතන්නේ අපිට ගෝල් ෆේස්  යන්න දෙයි කියලද? ඕක කියන්න ගියොත් අන්තිමට වෙන්නේ කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා අවුරුද්දට ගෙවල් අස් කරන්න..........”

ඔන්න ඔහොම කතාව ඒකමතිකව ස්ථිර වෙලා කස්ටිය ගෙදර ගියා. ඉතින් මමත් දෙයියනේ කියලා බත් පිගානට එහෙම වග කියලා පොඩි නැප් එකක් දාන්න හිතාගත්තා විතරයි මගේ ජන්ගමයා චුක් චුක් ගෑවා.

“ අනේ බන් මට කොල්ලා යන්න එපා කිව්වා බන් ගෙදරින් නම් යන්න කිව්වා එත් මෙයා එපා කිව්වා මන් එන්නේ නෑ බන් මන් ආවොත් එයා මාත් එක්ක තරහ වෙයි....”  ඒ  චූටි පණිවිඩේ අපේ සරුංගලයා ගෙන්.

“ හපෝ මෙහෙමත් ලව්.....” මට එහෙම තමයි කියවුනේ

ඔන්න තව ටිකකින් එනවා කෝල් එකක් අපේ සෝඩියම් ගෙන්

“ ඒ මේ මන් කතා කරන්නේ....” ඔව් ඉතින් මම කිව්වම මූ විතරනේ ඉන්නේ අනේ අම්මපා

“ ඔව් මන් දන්නවා මොකද දැන් එන්නේ නෑ කියන්නනේ ගත්තේ....?

“ අනේ තරහ වෙන්න එපා බන් දන්නවනේ අපේ ගෙදර හැටි අනික අපි අවුරුද්දට ගමේ යනවනේ බන්....”

“ හරි අවුලක් නෑ බය වෙන්න එපා බලෙන් උස්සන් යන්නේ නෑ......”

ඔන්න ඉතින් මුන් එක්ක කොහේ හරි යන්න දාගත්තොත් ඔහොම්මම තමයි. කමක්නෑ අන්තිමට ඉතින් ඉතුරු උනේ 4 දෙනයි. කියාගන්න බෑ, නද්දා, පුංචි සුරංගනාවී සහ දිගා  තමයි ඔන්න චාරිකාවට සෙට් උනේ.

12 වෙනිදා උදේ ඉතින් කට්ටිය සෙට් වෙනවා කියපු තැනට මන් දුවගෙන යනකොට අඩු වෙලා හිටියේ මන් විතරයි අනිත් තුන් දෙනා මාව කන්න වගේ බලන් ඉන්නවා. මට  බස් හෝල්ට් එකටයන්න තව අඩි 10ක් විතර තියෙද්දී බස් එකක් ආවා හත්තිලව්වයි මුන් මාව දැක දැක්ම නැග්ගනේ බස් එකට!

හප්පේ මන් කකුල් දෙකට පින් දිදී දුවලා ගිහින් බස් එකට නැග්ගා, අම්මෝ තාමත් මුන් ටික මාව කන්න වගේ ඉන්නේ මන් හිතන්නේ උදේට කාලා නෙමෙයි වෙන්ට ඇති එන්න ඇත්තේ. 




එතකොටම වගේ කතාව පටන් ගත්තේ දිගා

“ අනේ තෝ නේද කිව්වේ වෙලාවට ආවේ නැත්නම් දාලා යනවා කියලා.....? අපි මේ දුර පිලියන්දර ඉදන් වෙලාවට ආවා ළඟ ඉදලත් තොට වෙලාවට එන්න බෑ..... දැන් කියද බලනවා වෙලාව....?”

හප්පේ මේකාගේ කට ඉතින් ගම කනවනේ බස් එකේ ඔක්කොම වගේ ඇස්  කරකවනවා අපේ පැත්තට. මන් ඉතින් පොඩ්ඩක් හෙමින් කතාව පටන් ගත්තා

“ හරි ඉතින් මන් හිතලා පරක්කු උනේ නෑ නේ ... අනික පොඩි අවුලක් තියෙනවා....”

“මොකක්ද අවුල....?”

“මට ඔරලෝසුවක් නෑනේ බන් වෙලාව බලන්න....”

“ර්ර්ර් අනේ යකෝ ඔය ජන්ගමයා තියෙන්නේ බලනවකො එකෙන් වෙලාව....”

“ එකේ වෙලාව වැරදියි බන් අද එලාම් එක ඕෆ් කරන්න ගිහින් ජන්ගමයා ඇඳෙන් වැටිලා කෑලි 3ක් උනා ඉතින් මන් වෙලාව හද හද හිටියේ නෑ....”

“ හපෝ ඇති ඇති ....”

ඔන්න ඉතින් කතාව එහෙම්මම සාමදාන කොරගෙන කස්ටිය මියුසියම් එක ලඟින් බැහැගෙන පාරෙන් අනිත් පැත්තේ තියෙන මියුසියම් එකට ගියා කියමුකෝ.



ඉතින් ඔහොම ඇතුලට ගිය ගමන්ම තියෙන්නේ තොලුවිල බුද්ධ ප්‍රතිමාව



ඒ එක්කම වගේ තියෙනවා මේ කෞතුකාගාරේ ගැන පොඩි විස්තරයක්.  මේ විස්තර ටික නම් ලියාගත්තේ මීට කලින් වෙලාවක අපේ ඉස්කෝලේ ඉතිහාස සංගමෙන් කෞතුකාගාරේට ගොඩබැස්ස වෙලාවක. වාසනාවට ඒ පොත මට හොයාගන්න පුළුවන් උනා මොකද මගේ කාමරේ පොතක් එහෙම ඕනේ වෙලාවට හොයන්න ගියොත් ආයේ එකපාර හොයාගන්න වෙන්නේ නෑ කාමරේ අනිත් පැත්තම හරවලා ඕනේ හොයාගන්න එක්කෝ පොත හොයන අදහස අතහැරගන්න ඕනේ :D

මේ කෞතුකාගාරේ  පටන් අරගෙන තියෙන්නේ 1877 ජනවාරි 01 වෙනිදා එතකොට ඒ කාලේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වරයා වශයෙන් හිටපු ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ගේ අදහසක් වශයෙන් තමයි මේ කෞතුකාගාරේ  පිහිටුවල  තියෙන්නේ. ඉතාලි ගෘහ නිර්මාණශිල්පයට අනුව තමයි මේ කෞතුකාගාර ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ගෘහනිර්මාණ ශිල්පියා තමයි  ජේ.පී. ස්මිදර් කියන පුද්ගලයා.

ඔන්න ඉතින් ඔහොම යනකොට කෞතුකාගාරේ  නරඹන්නන්ගේ පහසුවට එක එක යුග වලට බෙදලා තියෙන්නේ. අපි පොලොන්නරුව යුගයේ කෞතුක වස්තු බල බල ඉන්නකොට මන් දැක්කා නද්දායි පුංචි සුරංගනාවීයි මොකක්ද එකක් දිහා බලාගෙන බර කයියක් ගෙන ඉන්නවා. මාත් ඉතින් හොට දාන්න ඕනේ කමටම ඒ පැත්තට ගියා. බලනකොට මේ දෙන්නා බලන් ඉන්නේ ශිව ලිංගේ දිහා.



“ මේ මොකක්ද බන්....?” එහෙම ඇහුවේ නද්දා

“ ඇයි අකුරු බැරිද අර යටින් තියෙන්නේ මොකක්ද කියලා.......”

“හරි එකේ තියෙන්නේ ඉතින් ශිව ලිංගේ කියන්නේ හින්දු ආගමේ අය වන්දනාමාන කරනවා කියලා විතරනේ........ මට තියෙනවා ප්‍රශ්නයක්.........”

අහ්හ් ....... මට මුලින්ම කියන්න අමතක උනානේ මේ නද්දා කියන්නේ කොහේ ගියත් ප්‍රශ්නයක් හිතන කෙනෙක් ඇත්තටම ප්‍රශ්නයක් තිබුනේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. දැන් ඉතින් මෙතනට ඇවිදිනුත් මේකාට ප්‍රශ්නයක් ඇවිත්නේ ඔන්න ඉතින් මන් ඇහුවා මොකක්ද උද්ගත වෙලා තියෙන ප්‍රශ්නේ කියලා.

“ ඉතින් මොකක් නිසාද හින්දු අය ශිව ලිංගේ ට වඳින්නේ.........?

හොඳ වෙලාවට කියාගන්න බෑ ඉතිහාසේ කලේ ඉතින් ඔන්න ඒකත් කියලා දුන්නා තව ඉතින් හින්දු ජනතාවගේ විශ්වාසයක් තියෙනවලු මේ ශිව ලිංගය කිරි වලින් දෝවනය කරන කිරි දරු ගැබක් බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවොන්ට බොන්න දුන්නාම ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා කියලා.......... මේ කතාව කියාගන්න බෑ අහපු දෙයක් ඒකතාව කිව්වේ කියාගන්න බෑ ගේ ඉතිහාසය උගන්නන ගුරුතුමී තමයි. 

ඉතින් ඔන්න එක එක යුග ලස්සනට බලාගෙන යනවා කියාගන්න බෑ ට නම් හෙන හැපී ඒ උනාට ඉතින් අනිත් තුන් දෙනාට යන්න හදිස්සිය වගේ මොකද කියලා බැලින්නම් මුන් තුන්දෙනාට ගෝල් ෆේස් පැත්තටත් යන්න ඕනෙලු මේකේ මෙච්චර වෙලා ඉන්න ගියොත් එහෙ යන්න වෙන්නේ නෑ ලූ ...... ශිකේ ඕකනේ ඉතින් මොනවා කරන්නද බහුතර කමත්තනේ කියලා කියාගන්න බෑ ත් හිත හදාගෙන කෞතුකාගාරෙන් එලියට ආවා......


ගමනේ විස්තර දිග වැඩි වෙලා නොවෑ....! එහෙනම් මතුවට සම්බන්දයි හොඳේ ........? 




Monday, January 7, 2013

මං ඔයාව කසාද බඳිනවා


අදත් මොකක් හරි ලියන්න ඕනේ කියලා හිතනකොට ඔලුවට ආවේ එකමත් එක කාලෙක උන සිද්දියක්.  ඔන්න ඉතින් මේ කතා පුවතට එන ප්‍රධාන චරිත දෙක තමයි  කියාගන්න බෑ කියලා දගලන මාගේ  සහෝදරිය වන අක්කා  සහ මගේ මාමාගේ ලොකු පුත්‍ර රත්නය. ඔය කියන එකමත් එක කාලේ වෙනකොට මම නම් ඉස්කෝලේ යනවා අක්කා නම් වැඩට යනවාය, කතාවේ වීරයා වන කොල්ලා මොන්ටිසෝරියට පය තැබුවා පමණි.




දැන් ඉතින් මොන්ටිසෝරියට  කියන්නේ පූර්ව ළමා සංවර්ධන මද්‍යස්ථාන කියලනේ මොනවා උනත් කමක් නෑ  ඉතින් මොන්ටිසෝරියම කියලා කිව්වට නඩු දාන්නේ නෑ නේ?

මොන්ටිසෝරි යන කාලේ ඉතින් ළමයි එයාලගේ ශබ්දකෝෂයට වචන අමුනගන්න කාලෙනේ ඔන්න ඉතින් අපේ කොල්ලා අහුලගත්ත වචනයක් තමයි කසාද බඳිනවා කියන එක. දැන් ඉතින් වචනේ අහුලගත්තා කියමුකෝ එත් මූ දන්නේ නෑ මොකක්ද මේකේ තේරුම කියලා.  දැන් ඉතින් මොනවා කරන්නද වචනේ හොයාගත්ත එකේ තේරුමත් හොයාගන්න ඕනෙනේ  ගෙදර ඉන්න හැමෝගෙන්ම ඇහුවා ඉතින් ගෙදර අයත් එයාගේ වයසට හරියන විදිහට තේරුම් කලාට මූට හරියට තේරුනේ නෑ මොකක්ද මේ කියන්නේ කියලා.  ඉතින් ගෙදරට එන අයගෙනුත් කසාද බඳිනවා කියන එකේ තේරුම අහනවා.

වැඩේ හරි යන්නේ නෑ මොකා මොන විදිහට පැහැදිලි කලත් මුගේ මොලේට වැටුනේ නෑ මොකක්ද මේ කියලා අන්තිමට මේකා මොකද දන්නවද කලේ?

 තමන් විසින්ම නිර්වචනයක් හැදුවා “ කසාද බඳිනවා යනු රජ කාලයට අයිති දෙතිස් වදය හා සමාන වූ දඬුවම් ක්‍රමයකි” තව ටිකක් මේකට ලුණු ඇඹුල් වගේ අඩු වැඩිය දාලා ගත්තොත්  “මෙම දඬුවම ලබාදීම සඳහා කෙල්ලෙක් සහ කොල්ලෙක් අවැසි බව” අපේ කොල්ලාගේ නිගමනය විය.

ඔන්න ඉතින් ඊට පස්සේ තමයි වැඩේ උනේ. ගෙදර එන කව්රු හෝ අපේ කොල්ලා හට විහිළුවක් කළහොත් අපේ කොල්ලා වහාම ක්‍රියාත්මක වන පරිදි

“ මම ඔයාව කසාද බඳිනවා ....” යනුවෙන් පවසන්නට විය.

ඔන්න ඔහොම කාලය සාමදානයෙන් ගෙවුනා කියමුකෝ  ඒ වුනාට අපි තුන් කට්ටුව ( අපේ කොල්ලා, මා  සහ අක්කා) සාමයෙන් කතා කරන්නේවත් නැත්තේය කතා කලත් වලියක් ය. සාමෙන් පටන් ගත්තත් අන්තිමට වලියක් ය.  ඉතින් ඔහොම දවසක අපේ කොල්ලා වලියකට මුල් ගල තිබ්බේ අර ඇට නැති දිවෙන් පැවසු හෙන පඬි කතාවකින්ය. ආයෙත් නැකත් බලන්නේ නැතුවම අපි වලියට එන්ටර් වූයෙමු අන්තිම වනවිට ගුටි කෙලියක් ද ඇරඹීන අපේ කොල්ලා තාම වයසින් කිරිසප්පයා වන නිසා අක්කා සහ මා ටිකක් ඉවසුවෙමු. වැඩක් නැත මූ අපෙන් ඉල්ලන්නේම ගේමකි.

“ නංගී අල්ලගන්න ඕකාගේ අත් දෙකෙන්...... මන් කකුල් දෙකෙන් අල්ලගන්නම්....”

ඔන්න ඉතින් ලොකු සහෝදරියගේ අණ පරිදි අපේ කොල්ලා කකුල් දෙකෙන් හා අත් දෙකෙන් ඇදගෙන ගොස් කාමරයට දමා සිරගත කළෙමු. අවසානයේ එයින් වලිය අහවර විය. පිස්සුද? අපේ කොල්ලා හෙන මඩ ව්‍යාපාරයක් ආරම්භ කළේය... පෙර කල පින් මහිමයෙන් මා බේරුනි. මාගේ අසරණ අක්කණ්ඩිය කොල්ලාගේ දණ්ඩනයට ලක් විය. එදා සිට අපේ කොල්ලා කියන්නේ

“ මන් ඔයාවම තමයි කසාද බඳින්නේ ......”





Tuesday, January 1, 2013

අහිංසක ජීවිත


“අක්කේ මේ පොඩ්ඩක් එන්නකෝ......”

“ ඔතන ඉදන් කියන්න මට බෑ එන්න...”

“ අනේ අක්කේ එහෙම කියන්න එපා පොඩ්ඩකට එන්න.....”

“ ඇයි ...? ඉක්මනට කියන්න මට වැඩ තියෙනවා ඉස්කෝලේ....”

“කෑගහන්න එපා අක්කේ.... මේ අර අම්මා මට අරන් දුන්න කැස්බෑ පැටව් දෙන්නා දැක්කද....? දැන් ඉන්නේ එක්කෙනයිනේ .....”

“ ආ හොද වැඩේ එතැනදී නහයෙන් අඬලා ගත්තේ පණ වගේ බලාගන්නවා කියලනේ...?”

“ අනේ අක්කේ අම්මට කියන්න එපා පොඩ්ඩක් හොයන්න උදවු වෙන්නකෝ...”

දෙදෙනාම කැස්බෑ පැටවූ හොයයි. ගේ ඇතුලේ මේස පුටු යට , නාන කාමරේ, මිදුලේ මල් පෝච්චි අස්සේ එහෙ මෙහෙ කොහේ හෙව්වත් හම්බුන කැස්බෑ පැටියෙක් නම් නැත.

ටික කාලෙකින් මන් ආයෙත් ගියා ඒ ගෙවල් පැත්තේ. ඔන්න ඒ පාර ආයෙත් කැස්බෑ පැටවූ දෙන්නෙක් ඉන්නවා.

“ ආ නංගී අර කැස්බෑ පැටියා හම්බුනා ද....?”

“නෑ අක්කේ මේ මල්ලි ආයෙත් තව එකෙක් තාත්තට කියලා ගෙන්නවා ගත්තනේ. මේ පාර නම් ටැංකියක් එක්ක ගෙනාවේ.....”


මේ ඉන්නේ ඒ දෙන්නා තමයි.


එත් මට නම් දුක හිතුනා මොකද මේ සත්තුන්ට කන්න හම්බවෙන්නෙත් ඒ ගෙදර අයට මතක් උනොත් විතරයි. අමතක උනොත් ඉතින් සොරිම තමයි. කැස්බෑ පැටවූ විතරක් නෙමෙයි මේ ගෙදර බලු පැටවූ දෙන්නෙකුත් ඉන්නවා ඒ දෙන්නටත් කුඩම්මාගේ සැලකිලි වලටත් අන්ත සැලකිලි හම්බ වෙන්නේ.

මේ සත්තු කියන්නේ කවුද? මිනිස්සු වගේම ජිවත් වෙන්න එයාලටත් නිදහස තියෙන්න ඕනේ මේ ලෝකේ එයාලටත් අයිතියි කියලා අපිටම අමතක වෙලාද කොහෙද.

කූඩුවකට හිර කරලා ඕනේ උන වෙලාවට අරගෙන සෙල්ලම් කරලා සතුටු වෙන්න තරම් සෙල්ලම් බඩු  ගානට මේ සත්තු දාල තියෙන්නේ ඇයි  එයාලටත් මේ ලෝකේ අයිතියි. ටිකක් හිතන්න කතා කරන්න බැරි එයාලා අපිට වඩා අසරණයි. කතා කරන්න පුළුවන් නම් කෑ ගහල කියයි “ අනේ අපිත් ආසයි නිදහසට ...” කියලා.   



Monday, December 31, 2012

ජිවිතේ විඳින්න


නිවසේ රේඩියෝව දමා ඇත. වර්තමාන තනි අකුරේ රේඩියෝ චැනලය විසින් විකාශය කරනුයේ ටකරමකට තඩිබාන්නාක් වැනි සංගීතයකි. තරුණ වියෙහි වූ දියණිය ඒ සංගීතයට අනුව ගෙය අතුගායි.



මේ අතර මඳ පමණකට සප්පායම් වූ පියා ගෙදර පැමිණෙයි. තනි අකුර චැනල නිවේදකයා ගීතයක් සඳහා එකතු වන පරම්පරා දෙක තුනක නම් රැප් කර නැවතත් ගල් බොරළු ගීතයක් විකාශය කරයි. සුළු වෙලාවක් මෙය අසා සිටි පියා හට යක් දෙවිදුන් හිස මුදුනටම නංවා ගැනීමට දෙයියනේ කියා හැකි විය.

“ ඈ යකෝ තොපි මේ මගුල් අහන්නේ මේ සින්දු ද? තොපි මේ කියන කුණුහරුප වල තේරුම දන්නවද?”

පියා කෑ මොර දෙන්නට විය, ගෙය අතුගාමින් සිටි දියණිය කොස්සත් සමඟ කාමරයටම ලිස්සා ගොස් දොර වසා ගන්නා හඬ ඇසින.

ටික වෙලාවකින් පැරණි සිංහල ගීයක් ඇසේ , තනි අකුරේ චැනලය ද කියවයි.... මේ අතර පියා උපදෙස් දෙනු ඇසෙයි.

“ඇහෙනවද මෙන්න සින්දු... අහපල්ලා මේවා... මේවා අහල හැදීයන්....”

කාටද මේ කියන්නේ දුවටද? නෑ දුවගේ හෙවනැල්ල වත් පෙන්න නෑ

කාටද කාටද ? ඇයි යකෝ මේ කියන්නේ අර නිවේදකයා  ට.

මේකයි මට කියන්න ඕනේ හොඳ රසවින්දනයක් එක්ක ජිවත් වෙනවනම් තමයි ජිවිතේ එක්තරා විදිහකට විඳින්න පුළුවන්.

ඒ එක්කම මේ ලැබුවා වූ නව වසර හිත සතුටෙන් පිරි සුභම සුභ නව වසරක් වේවා.............! 


Tuesday, December 25, 2012

හනුමා දොර ළඟ ...


මතකද මගේ පළවෙනිම කතාවේ හිටපු අර චුටි ඩොක්ටර් රශ්මි? මේ එයා ටිකක් ලොකු කාලේ වෙච්ච දෙයක්.

රශ්මි මේ සිද්දිය වෙන කාලේ කළුතර පැත්තේ රෝහලක තමයි වැඩ කලේ.ඉතින් නැවතිලා හිටියේ රෝහලේම තියෙන නිල නිවාසෙක. ඒ රෝහල නම් අවුරුදු බර ගානක් පරණ එකක් ඒ කියන්නේ ඉංග්‍රීසින්ගේ කාලේ හදපු එකක්  එතකොට ඉතින් කියන්න ඕනේ නෑ නේ අර නිල නිවාසෙත් එහෙමයි කියලා. ඒක ලොකු ගෙයක්  එක ඩොක්ටර් කෙනෙක්ට එක කාමරේ ගානේ තමයි දීලා තිබුනේ ඒ කාමරයක් දැන් තියෙන ගෙයක් තරම් ලොකුයි. ඔය කියන කාලේ ඩොක්ටර්ස්ලා  04 දෙනෙක් විතර නැවතිලා හිටියා. රශ්මිගේ යාළුවා උනේ උපුලි කියලා රශ්මි වගේම චුටි ඩොක්ටර් කෙනෙක් (ඒ වුනාට රශ්මි වගේ කට තියෙන කෙනෙක් නෙමෙයි හැමදේටම බයයි). 





ඔහොම ඉන්නකොට දවසක් රශ්මි ළඟ තිබුන රත්තරන් චෙන් එක නැති උනා. කාමරේ අනිත් පැත්ත පෙරලලා හෙව්වත් හම්බුනේ නෑ. වැඩේ කියන්නේ රශ්මි ට මතකත් නෑ කොහෙද මාලේ තිබ්බේ කියලා. ඉතින් ඒක ගත්තා කියල හිතන්න කෙනෙකුත් නෑ. ඉතින් හොයල හොයල වැඩක් උනේ නැති නිසා ඔහේ කල්පනා කර කර ඉන්නකොට සරත් කියලා ඉන්න රශිමිලගේම යාලුවෙක් වෙලාවේ හැටියට දුන්න හොඳ අයිඩියා එකක්! මොකක්ද?

“ ඇයි බන් අහපන්කෝ සාස්තරයක් ....”

ඔන්න දැන් ඉතින් කට්ටියම ඒකමතිකව අයිඩියා එක සභා සම්මත කළා. එත් කොහෙන්ද සාස්තරයක් අහන්නේ? ටික දවසකින් ඔන්න එකටත් උත්තරේ හම්බුනා රෝහලේ වැඩ කරන කෙනෙක් දන්නවා කිව්වා හොඳ තැනක්.

“ නෝනාම ගිහින් බලන්නකෝ.. හරිම හාස්කම් තියෙන තැනක්... ගිය කිසි කෙනෙක්ට වැරදුනේ නෑ... අඳුන බලලා සාස්තරේ කියන්නේ...”


දැන් ඉතින් පාරත් අහගත්ත රශ්මි එහෙටවත් ගිහින් බලනවා කියලා හිත හදා ගත්තේ උපුලි ගේ කන්දොස් කිරියාව නවත්තගන්න. මොකද කියනවනම් සාස්තර ගැන රශ්මිට නම් මෙලෝ විශ්වාසයක් නෑ.  

ඔන්න උදේ පාන්දරම යාලුවෝ දෙන්නා ගියා ඒ කියපු තැන හොයාගෙන. හප්පේ උදේම ගියා උනාට හෙන සෙනගක් ඉන්නවා ඒ වෙනකොටත්.

“ සාස්තර අහන්න ඉන්න අය පඬුරැ වශයෙන් රු.25ක් තියාගන්නවා හොඳයි...... ( ඒ කාලේ හැටියට රු 25 හෙන බර ගානක්)” දේවාලේ කපුවාගේ ගෝලයා ඇවිත් කියලා ගියා.

ටික වෙලාවකින් රශ්මිලගේ වාරෙත් ආවා.

“ ම්ම්ම් හා... තමුන් ආවේ නැති උන දෙයක් ගැන විමසන්න.... එහෙමද...?”

“එහෙමයි....”

ගුරා මද වෙලාවක් අඳුන දෙස බලා සිටියි...

“ ඔව්... මට පෙන්නුම් කරනවා.... දොරක්...”

රශ්මි බලා සිටියි... උපුලි බය වී මද පමණට වෙව්ලමින් සිටියි...

ටික වෙලාවක් අඳුන දෙස බලා සිටි ගුරා....

“ ම්හු මෙතන මොකක් හරි දෝෂයක් තියෙනවා.. හනුමන්තා දේවතාවුන් වහන්සේ දොර ළඟ ඉන්නවා එත් ඇතුලට යන්න බෑ... ඔක්කොටම කලින් ගෙදර තියෙන  දෝෂය ඉවත් කරන්න වෙනවා...”

දෝෂය කෙසේ වෙතත් රශ්මිගේ යකා නම් හිස මුදුනටම පැමිණි සෙයකි! එක පාරටම නැගිට දුන් පඬුරු ද ගෙන

“ ඔව්නේ හනුමා කොහෙද ගෙට යන්නේ යතුර මගේ අතේ නේ....?