මතකද
ඒ තෛයි පොංගල් දවස
දකින්නට පෙරුම් පුරමින් උන්නා
අපි අපිව ....
ගාලු කොටුව පෙනෙන මායිමේ
සමනළ පාලමට එහායින්
මං හිටියා වරුවක්
පරක්කුයි....
අසරණ උනා මං
ලෝකයා ලඟින් යනගමන්
මුමුණපු කතා වලට
ඒ අතරම ආපු ඔයා
බය උනා....
ලෝකයා දකිනවට
අපි අපිව .
මට කරන්න දෙයක් නෑ
මං යන්නම් ...
හිතකින් නෙමෙයි කිව්වේ
තේරුනේ නෑ
නේද.....?
එදා වගේමයි මං
දන්නේ නෑ ගලපන්න කවි
ඔය තරමට
තනිකරම
තනිවුන
කඩාවැටෙන තරුවක් වෙලා
තාමත් බලන් ඉන්නවා
මම ...
එදාට වඩා දුරින්
ඔයා දිලිසෙනවා
වෙනදාට වැඩියෙන්
ඔව් .............. එදාට වැඩියෙන් ......