Saturday, November 9, 2019

එහෙමත් වැඩ ....

කියාස්ට ජීවිතේ සෑහෙන අලකලංචි ටිකක් උනාට පස්සේ කියාස් තීරණයක් ගන්නවා දියතලාවේ පැත්තේ යන්න. ඉතින් ඉල්ලුම්පත්‍ර දාන්න බැලුවහම බාරගන්න අවසන් දවසත් පහු වෙලා. ඒ උනාට මෙදා පොටේ නම් අතාරින්නෙ නෑ කියලම හිතල ගත්තා කෝල් එකක් යන්තම් දුක කියල කියල ඉල්ලුම්පත්‍රරේ එහෙටම ගිහින් දීලා පලවෙනි  සම්මුඛ පරීක්ෂනේටත් දවසක් එදාම අරගෙන ආවා . හරි කියමුකෝ ඉතින් යන්න සතියක විතර ඉදන් පන කඩාගෙන කඩ්ඩ පොලිෂ් කළා අන්තිමට ගෙදර ඉන්න බල්ලෝ පුසොන්ටත් කඩ්ඩ පුරුදු කරලා තමයි ඉවර කලේ. 

ඔන්න ඉතින් සම්මුඛ පරීක්ශනේ දවසට කලින් දවසේ ගේන්න කියල තියෙන ලට්ට ලොට්ට සහතික හදන ගමන් ඉස්කෝලේ යනකාලේ ගත්ත සහතික වල සිගිති සහතික ටික ඔක්කෝම අයින් කළා. ඇයි ඉතින් අරකට චිත්‍ර ඇන්දා ඩ්‍රිල් ඩිස්ප්ලේ හිටියා කියල එව්වා උස්සන් ගිහින් බැරි වෙලාවත් චිත්‍රයක් එහෙම අදින්න කිව්වොත් බඩුම තමයි අඩුම තරමේ පෙති පහේ මලක් වත් ඇඳගන්න බැහැ එක පෙත්තකට ඉඩ මදිවෙනවා. ඔව්ව ඔහොම වෙන එකේ එව්වා ඔක්කොම තියල ඇඩ්වාන්ස් කියන එව්වා ටික ඔය උප්පැන්න සහතික ග්‍රාමසේවක සහතික අනම් මනං ටික ආ.... පොලිස් සහතිකේ ගෙන්න කිව්වට එච්චර ඉක්මනට ගන්න බැරි නිසා පස්සේ ගෙනත් දෙන්න කිව්වනේ ඒ නිසා අනිත් ඔක්කොම පිළිවෙලකට  ෆයිල් එකට දාලා නිදාගත්තා.

ආයේ ඉතින් උදේ ඇහැරිලා දත් මැද්ද එව්වා කියන්න ඕනේ නෑනේ .... කියාස් පොදු ප්‍රවාහන සේවයට පින් සිද්ද වෙන්න ගියා සම්මුඛ පරීක්ශනේ තියෙන තැනට....

අප්පටසිරි ගියාම තමයි තේරුනේ කියාස් යනු කුරා කුහුඹියෙකු බව. ඇයි හත්තිලව්වේ එතන හිටිය කෙල්ලොත් හෙන හයේ හතරේ කෙල්ලෝ. මගේ උසට ලගින් වත් යන එකෙක් හිටියේ නෑ  පේන තෙක්මානෙක. කමක් නෑ ආයේ හැරිලා යන්නද පිස්සුද ඔන්න ඔහොම ඉන්නවා කියල හිටියා. අර නලපාන ජාතකේ වගේ ඇතුලට යන එකා පැයකට විතර පස්සේ තමයි එලියට එන්නේ. එකත් වචනයක් කියන්නේ නෑ. ඒ මදිවට කියාස්ට එහා පැත්තේ ඉන්න කෙල්ල ලග තඩි ෆයිල් තුනක් තියෙනවා කියන්නකෝ ඉතින්. කොහොම හරි කියාස් ඉස්සර වෙන්න කලින් එහා පැත්තේ හිටපු කොලු පරානෙටත් ඒ ප්‍රශ්නෙම ඇවිත් ඇහුවා....

" නංගි ඔච්චර සහතික මොනවද නංගි...?"

" ඇත්ලටික් වල ඒවා තමයි අයියේ... අනිකෙනම් අය්යේ පේපර් කටින්ග්ස්... රෙකොර්ඩ්ස්... ඕව තමයි..."

 හප්පද බොල .... මෙකී ඔලිම්පික් යන්නද මෙහෙ ඇවිත් තියෙන්නේ !?

 මේක කියාස්ට වගේම අර කොලු පරානේටත් හිතුන නිසාද කොහෙද ඌත් ආයේ මුකුත් ඇහුවේ නෑ...

කොහොමින් කොහොමින් හරි කියාස්ටත් කතා කළා 

"ගුඩ් ආෆ්ටර්න්නූන් සර්..."

"ආ... පුතා ගුඩ් ආෆ්ටර්න් නුන් "

හප්පා... එතන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් නෙමෙඉයි දෙපාර්තමේන්තුවක්ද කොහෙද දෙතුන් දෙනෙක් නෙමෙයි හත් අට දෙනෙක්ම හිටියා නිකම් අනුභව කරන්න බලාගෙන වගේ 

කොහොම හරි 

"ටේක් අ සිට් ..." කියපු ගමන්ම මාත් තෑනක් යූ සර් කියාගෙන බොහොම සංවර තැන්පත් ළමයෙක් වගේ වාඩි උනා 

දැන් තමයි යුද්දේ පටන් ගත්තේ. මගේ ෆයිල් ටික අරගෙන  කට්ටිය බරටම ඒක ස්ටඩී කරනවා. එක්කෙනෙක්  ෆයිල් එක බලල මගේ මුණ  කන්න වගේ බලනවා තව දෙන්නෙක් කුටු කුටු ගාල කතා කරනවා. මාත් ඒකට කන දැම්මට එක්කෝ කඩ්ඩ නිසා ඇහුනෙ එස් අකුර විතරයි නැත්නම් මගේ මානසික ආතතිය ද මොකක්ද මෙව්වා එක වැඩි වෙලා නිසා තේරුනේ නෑ. 

ඉතින් එක්කෙනෙක් එහෙන් මෙහෙන් මගෙන් හරස් ප්‍රශ්ණත් අහන්න පටන් අරන් තිබුනේ. 

ඒ අතරේදී ගරු ගාම්භීර සර් කෙනෙක් මැද්දෙන් පැනපු ගමන් ඇහුවේ නැතැයි 

" අහා..... යූ ආර් අ ගුඩ් සිගර් නො?...... දෙන්  සින්ග් අ සෝන්ග් ෆෝ අස්...."

කෙලියා තාප්පෙටම !?! ( නෑ.. නෑ එහෙම හිතුනා විතරයි කිව්වේ නෑ )
යකෝ මූ මොනාද මේ කියන්නේ. මට සිංදු කියන්න බෑ යකෝ... එහෙනම් මේකට එන්නේ නැතුව සුපර්ස් ස්ටාර් යනෝ නේ... අනික මන් සිංදු කියනවා අහන ඉන්න බැරි කමටම මගේ රූමා දවසක් මගේ කටහඩම රෙකෝඩ් කරලා අහන්න දුන්න දවසේ ඉදන් මන් පැල් කවියක් වත් නාන ගමන්  කියන්න හිතුවේ නෑ...  දෙය්යනේ දැන් මක්කෙයි මූට කියන්නේ. ඒ පාර මෙන්න සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ ම මාව කන්න වගේ බලන් ඉන්නවා. ඉතින් මාත් බලන් හිටියා... ඒ පාර පොරට තේරුනා වැඩේ  කියාස් ෆුල් ඔප්ෂන් විදිහටම හොල්මන් වෙලා කියල. ඒ පාර කියපි සහතිකයක් පෙන්නලා අහපි.... 

"ඊස්.. සර්ටිෆිකෙට් ඊස්  යුවර්ස් නො...? ෆර්ස්ට් ප්ලේස්ට් ?"

හරි ඔය හම්බවෙලා තියෙන්නේ නිවුන් බබාල පිටින්ම...! ඊයේ රෑ සහතික අයින් කරද්දී මේක දැකලා නෑ කියාන්කෝ... ඒක සෝලෝ සිගින් නෙමෙයි අප්පා මන් එකේ බීට් බොක්සින්ග් පොඩි පාට් එකකට හිටියා විතරයි කියල තව ටිකක් වැඩේ අල කරගන්නවද? නැත්නම් සිංදු කියන්න බෑ කියල කොන්ෆිඩන්ස් බස්සගෙන ෆේල් කලොත් එහෙම... නැත්නම් දන්න මගුලක් කියල ශේප් වෙනෝද කියල ඉන්නකොටම ආයේ මතක් උනේ යකෝ මෙතනට ගැලපෙන සින්දුව මොකද්ද   කියන එක.

මෙන්න ඒ පාර මෑම් කෙනෙක් කිව්වේ නැතැයි 

"ඔයා කියන්න අර නිරෝෂා විරාජිනී කියන .... සඳ තනියම..."

හප්පද බොල... එක ෆුල් අවුල්නේ මෙතනට.! කියන්නත් හදල එක්කෝ කියනවා කියල මුල පේලිය කිව්වා... හෙමීට කට්ටියගේ මුණ බැලුවා... මෙන්න කට්ටිය සිංදුව අහගෙන වැඩ...! දෙවෙනි පේළියත් කිව්වා... අවුලක් නෑ.... පස්සේ මම ම කියන එක නවත්තල කට්ටිය දිහා බැලුවා... ඊටත් ටිකකට පස්සේ ඔක්කොම ෆයිල් ටික දීලා 

"මයි කොන්ග්‍රජුලෙෂන්ස් පුතා... නෙක්ස්ට් ඉන්ටර්විව් එකට තව සින්දුවක් හොයාගෙන එන්න... "

එහ් ! ඒ වෙලාවෙනම් මට ආයේ ගිහින් ආපු තැන බෝඩ් එක බලන්න හිතුනා අර හිතුවත් වගේ ස්ටාර් සම්මුඛ පරීක්ෂනේකටද දන්නේ නෑ නේ වැරදිලාවත් ඇවිත් තියෙන්නේ කියල. 

කොහොමින් හරි කියාස් පලවෙනි සම්මුඛ පරීක්ශනේ ගොඩ දාගත්තා....


10 comments:

  1. මරු. කොහොම උනත් තමන් ගැන විශ්වාසායක් නැති එක අඩුවක්. සෑහෙන්න කාලෙකින් පරණ යාලුවෙක් නැගිටල ඉන්නවා දැක්කම එන්නම හිතුනා

    ReplyDelete
    Replies
    1. විශ්වාසෙ තිබුනා උනාට සින්දු කියන්න බෑ. නාන වෙලාවට විතරයි පුළුවන් :) දැකීමත් සතුටක්

      Delete
  2. බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වෙ අවුරුදු 3කින් විතර. කමෙන්ට් එකක් දැම්මෙ අවුරුදු 5කින් විතර

    ReplyDelete
  3. ගොඩ කාලෙකින් කියාගන්ඩ බැරි ‌පෝස්ට් එකක් කියෙව්වෙ... ඊළඟ එක ඊළග ඉන්ටවිව් එකෙන් පසුව බලාපොරොත්තු ‌වෙන්නං.

    ReplyDelete
    Replies
    1. හරේ.......... තාම මාව දාලා ගියේ නැති එකට ගොඩාරියක් සතුටුයි

      Delete
    2. දාල යනව කියල කියාගන්න බෑ...

      Delete
    3. යාගන්න බැරුවද ඉන්නේ ඒ කියන්නේ ?

      Delete
  4. ඒක මරු. සම්මුඛ පරීක්ෂණේ හිටපු නිලධාරීන් කලාකාමියෝ වෙන්න ඇති.

    ReplyDelete