Thursday, July 21, 2016

ඔහු ...

හමුවීය ඉරු දිනෙක 
ඒ දෙනෙත් මා හට 
උදෑසන පවන් සිහිල 
විඳ ගන්නට 
විහාරමහා දේවියට 
යන්නට පුලුවනිද 
ඇසු විට ඔහු 
එකඟවී මා ද 
ඔහු සමඟ 
පා නැගුවෙමු 
138 බසය වෙත .... 
තවමත් උදෑසන 
විහාරමහාදේවිය තුල 
ළමා වියේ සිට මහල්ලා දක්වා 
සිටියද 
බැලූ බැලූ අත 
පෙම්වතුන් 
අපිද ගොස් ඉදගතිමු....
කතා කළෙමු සුහදව... 
ඔහු:
ඔහු සිටින තැන ය....
මා ;
මා සිටින තැන ය... 
අනෙක්වුන් මෙන් 
වෙලී නොසිටියෙමු අප....
නමුදු ඒ සුහද ආදරයේ සුවඳ 
අඩුවක් නොදැනුනි ම හදට 
වත්මන 
කාමරගත වන ආදරයට වඩා 
හිරු රැසට නොහිලා ඉහලන කුඩය ද 
අවැසි නොවුනි 
අපට.  
මා පැතූ ආදරණීය  සෙනෙහස 
සැබෑ ආදරය....
ඔබ තුලින් දකිමි මම 
ආලයෙන් තොර ආදරය 
විදින්නට අවසරද....?
පැතුමක් ලෙසින් පතමි මම ... 
ඒ  පැතුම මගෙම වන්නට.... 




4 comments:

  1. ජය වේවා.. කොල්ලා සංවේදියි..

    ReplyDelete
  2. දෙන්නම හොඳයි

    ReplyDelete
  3. :) කොච්චර දෙයක්ද ඉතින්

    ReplyDelete