Tuesday, November 24, 2015

අවැසි වූ හුදෙකලාව .........

හුදෙකලාව අවැසි ලෙස විඳගන්නට 
පැතූ මම..... 
දුරක් ගෙවාවිත් නැවත ගොඩ වුයෙමි
ගාල්ල - කොළඹ බස් බස් රථයට 
බැලූ බැලූ ඇත යුගල ආසන ය....
ඒ සෑම ජනෙල් වීදුරුවක් අසලම 
කවුරුන් හෝ වාඩිගෙන ය 
පිටුපසම අසුන හිස් ය 
ඒ පෙම් මුල්ලට අනෙක් පස ය 
කමක් නැත........
ගොස් වාඩි ගතිමි තනිවම 
ඉදිරිපස සිටි මැහැල්ල 
හැරී බැලුවාය මා දෙස.....
ඔව්; ඇය සිතයි .....
තව ටිකකින් අනිත් එකත් විත් 
ගනියි ලගින්ම අසුන් 
බසය ගමන ඇරඹු පසුව බදාගනියි කිටි කිටියට .....
ගිනි ගහන පිටකොටු රස්නෙත් 
සීතලක් වෙයි නුවර එලිය මෙන්....
තවත් පිටුපස නොබලමි මම 
මොන මොනවාදැයි කවුරුන් දනී ද.....? 
දැන් ඉන්න එවුන් නොදොකින්......
මම ඇරිමි බෑගය 
ගතිමි hand phone එක සමඟ head set එක 
ජනෙල් වීදුරුවෙන් බලා හිදිමි මම 
ගිනිගහන අව්වේ කොළ දිය මත පාවෙන 
ෆ්ලොටින් මාර්කට්ටුව දෙස .....
මද වෙලාවක් ගොස් 
බසය ගමන අරඹන්නට මෙන් 
කොන්දොස්තර පැමිණ 
ගාල්ල.... ගාල්ල කියමින් මොරදෙන්නට විය .....
එවෙලේම නැගගති ජෝඩුවක් බසයට...
ඔවුන් එක එල්ලේ පියනගයි මා දෙසට 
එපා .... නවතින්න ඉස්සරහින් 
කෑගසයි මා සිත 
අවැසිය හුදෙකලාවන්නට මට..... 
දෙදෙනා පැමිණ අසුන්ගති මා අසල 
කෙල්ල මා ළඟ ය ...
මැහැල්ල නැවතත් හැරුනා ය... 
බැලුවා ය මා දෙස 
බසය ගමන් කරයි .....
සිනාවිය විදුරුමස පෙන්වා 
මා කෙරේ දුන් ඇගේ විනිශ්චය 
පුස්සක් වී ඇත.....
බසය ඇදෙයි ගාලු පාර දිගට 
බසය තුල හෙන කාලගෝට්ටියකි .....
සංගීත සංදර්ශනයකි!
මම තවමත් hand phone නයෙන් සින්දු අසමි.....
නන්දාමාලනිය කියයි මට රහසින් 
"කඩමණ්ඩියේ දොළ අයිනේ.........."
මට පසෙකින් සිටින ඇය චලනය වෙයි 
ඔහුගේ අතක් ඇය කර වටා ය ....
හ්ම්ම්ම්ම්.........
ඇගේ හිස මද මොහොතකින් ඉහුගේ උරතලය දිහාවට....
නැවෙනු ම නෙත් කොනින් නොබලා 
හිදින්නට තැනුව ද ; 
අසාර්ථක ප්‍රයත්නයක් විය එය....
පිරිමදියි ඔහු ඇගේ හිස 
අවුල් වූ හිසකෙස් නැවත එක්කරන්නට 
කරයි ඔහු වෑයම්....
නින්දගොස් ඇත දෙදෙනාට ම 
මා තවමත් අවදියෙනි.... 
ඇගේ උකුල මත ඇත Apple hand phone නයක් 
ඔව්! මද වෙලාවකින් වැටෙයි එය....
මාගේ සිත කියාත්ම 
වැටුණි එය !
අල්ලාගතිමි එකවරම මම ......
ඇයට තට්ටුකර දුනිමි එය 
thanks ලෙස කියා ගත්තාය ඇය එය.....
ඔහු ද අවදිවිය නින්දෙන් ...
එක්වරම සිම්බේය ඇගේ නළලත 
වෙනතක් බලාගැනීමට මට ඉඩ නොතියාම....
බස් රථය තවමත් ගමන් කරයි.....
වීදුරුවෙන් ඈත පෙනෙන සිතිජ ඉම වෙත 
යොමු කලෙමි නෙත්....
නමුදු මනෙත් ඔවුන් වෙත දිවෙයි....
පෙම් සුවය......
මඳ වෙලාවකින් ....
ඇය මා ඇමතුවා ය 
" ඔයා රටකජු කනවා ද.....?"
අසමින් දික් කාලය රටකජු..
යටපත් කිරීමට තනන කෝප සිතුවිලි 
ක්ෂණිකව පැමිණ .....
"නෑ... thanks ඔයාල කන්න..."
කියා හමාරය....
ඔවුන් කති රටකජු ....
පොතු විත් සුළඟට වැටෙති ම උකුලට....
ඇය කවයි ඔහුට රටකජු...
ඔහු පොවයි ඇයට සිසිල් පැන් ...
වන්නට අවැසි හුදෙකලාව මත...
පිපිරෙමි මම ඊර්ෂ්‍යා සිතුවිලි මත ...
ගිලෙමි..... කිමිදෙන්නට තැත් දරමි...... 
නැත! මට අවැසි හුදෙකලාව ය.........................


10 comments:

  1. හුදෙකලාව............

    ReplyDelete
  2. මට නං ලස්සනම කොටස අර ආච්චිගේ සිතිවිල්ල ගෙස් කරපු එක..

    ReplyDelete
  3. හ්ම්ම්ම් හොදයි... දිගටම ලියන්න :)

    ~අNu

    ReplyDelete
  4. මට නම් දැන් ඇති හුදකලාව....

    ReplyDelete
    Replies
    1. එකනම් වෙලාවකට මටත් හිතෙන එකක් ....

      Delete