Saturday, May 31, 2014

ප්‍රථම පෙම

2014.05.31 දින 

නේවාසිකාගාරයෙදී ,


ප්‍රථම පෙම වෙත, 
                           
                        මතකද දන්නෙත් නෑ. දැන් අවුරුද්දකුත් මාස 03ක් පරණ ආදරයක් ගැන. දවස්, සති, මාස, තත්පර, විනාඩි, පැය වලින් බැලුවොත් නම් කොච්චරක් ද? අපි අන්ධ වෙලා ඉන්න කාලේ කිව්වේ නම් ඔයා නැති එක විනාඩියත් කල්පයක් වගේ කියල. ඒත් ඒ විනාඩියටත් කාලයම කොයි තරම් වෙනස් විදිහේ විසඳුමක් දීලද ? අද අපි මේ තරමටම දුරස් වෙලා ඉන්නේ. කට කහනවට කියපු කතාවක් නෙමෙයිනේ හැම ප්‍රශ්නෙකටම කාලය විසඳුමක් දෙනවා කියන එක. නැත්නම් ඒ කාලේ කිව්ව විදිහට අපි දුරස් වෙන්න තීරණේ කරපු දවසේ අපේ ජීවිත වල කෙලවර ලණු කෑල්ලකට, රේල් පාරකට, වහ බෝතලේකට, මහා මුහුදට, පිහි තුඩකට , ලෝකාන්තයට දැන් දෙන්න තිබුනා. මොන තරම් අපේ අදහස් නොගැලපුනත් ඒ තරම් අපේ ආදරේ බොළඳ උනේ නෑ නේද ? වෙලාවකට මට එහෙමත් හිතෙනවා. අවුරුදු දෙකක් ආදරේ කළා තමයි. ඒ අවුරුදු දෙක නිසා අපි දෙන්නව අවුරුදු 22ක් කවලා පොවලා අපේ කැත කුණු හෝදලා හොඳ තැනකට ගෙනියන්න තවමත් මහන්සි වෙන අපේ අම්මටයි තාත්තටයි ඒ වෙනුවෙන් දුකක් දෙන්නේ ඇයි නේද? දැන් අහන්න දකින්න හම්බවෙන්න දේවල් එක්ක අපේ ආදරේ ඇත්තටම ආදරයක්ම තමයි. අද වෙනකොට වෙන් වෙලා හිටියත් අපේ අදහස් ගැලපෙන්නේ නෑ කියල අපි වෙන් උනත් අපි දෙන්නා ඇත්තටම ආදරේ කළා. ඒ නිසාම වෙන්න ඇති අදටත් මට ඔයා ගැන වෛර කරන්නේ නැතුව මතක් කරන්න පුළුවන්. මේ ලඟදි ඔයාගේ උපන්දිනේ තිබුනා ඇත්තටම මට එදා මතක් උනේ නෑ මෙහෙ වැඩ වැඩියි ඒ එක්කම ජීවත් වෙන්නත් අමතක වෙලා. අද තමයි මතක් උනේ. ළඟ හිටියේ නැත්තත් සුබ පතන්න හිතුනා. 

සුළඟට පවසන්නම් 
හැම පැතුමක් ම 
ඔබ වෙත ගෙනගොස්
පවසන ලෙසසොඳුරු අතීතයේ 
කුළුඳුල් පෙම්වතිය 
සුබ පැතුම් 
එක් කල  බැව් 
ඇගෙත් 
කුළුඳුල් 
පෙම්වතා වෙත ..




10 comments:

  1. දුරස් වෙන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ ....
    ජීවිතය කියන්නේ හමුවීම් වෙන්වීම් වලින් පිරුණු තැනක්

    ReplyDelete
    Replies
    1. එහෙම හමුවීම් නැත්නම් ජීවිත එක තැන පල් වෙන වතුර වලක් වගේ

      Delete
  2. No one is indispensable. පිළිගන්න අමාරු වුනත් ඒක ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. මොකක්ද පිළිගන්න අමාරු ?

      Delete
  3. හ්ම්ම්. ප්‍රථම ආදරේනේ ඉතින්..

    ReplyDelete
  4. තමුන්ට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති, අහසට පොලව වගේ කෙනෙකුටත් ආදරේ කරන්න පුළුවන්, හැබැයි අයිතිය ගැන ප්‍රශ්නේ තමයි අන්තිමට ඇතිවෙනකොට ,මුළු හදවතම වහගෙන අර ආදරේ මුල් දුවලා ! මුල් ගලවන්න ගියොත් ??? අන්තිමට හදවතත් දරුණුවට තුවාල කරගෙන, කෙලවර ආදරෙත් නැති කරගෙන.... ජිවිතේ ඉස්සරහට යනකොට අපිට සමහර දොඩම්ගෙඩි මග දාල යන්න වෙනවා. ඒවා ගැන දුක් වෙන එක මෝඩකමක්.. මොකද අපිත් නොදැන අපි දාල ආපු තව කොච්චර දේවල් ඇතිද?

    ReplyDelete
    Replies
    1. අයිතිය ගැන ප්‍රශ්න වලට කලින් එහෙම නොගැලපෙන ආදරෙකදී කොච්චර ආදරේ උනත්... අර කියන නොගැලපීම් නිසා හිතේ ඇති වෙන තුවාල අර කිව්වා වගේ තවත් මෝඩ කමක්. ඔයා කියන දේත් ලොකු ඇත්තක් තියෙනවා .

      කව්ද මේ උපේක්ෂා ? :)

      Delete
    2. මේ මම..... මේ ඉන්නේ!

      Delete
    3. ඒක තමයි නේ ? කව්ද මේ ?

      Delete