Monday, May 26, 2014

ආලයෙන් තොර ආදරය කරන්න ................

කියාස් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද ටිකක් තනියම ? 


මේ ලඟදි දවසක  කොලේජ් එකේ ළමයෙක් ඇවිත් මගෙන් එහෙම ඇහුවාම මන් ටිකක් පුදුම උනේ මොකද ඒ ළමයත් එක්ක එහෙම තනියම කතා කරන්න දෙයක් මට තිබුනේ නැති නිසා. කොහොම උනත් ඉතින් කමක් නෑ කියල හවස අපි හම්බුනා..... 

කියාස්.... මට මේක කාට හරි කියල හිත නිදහස් කරගන්න ඕනේ ඒකයි මන් ඔයාට  කියනවා කියල හිතුවේ ඔයා දන්නවද දන්නේ නෑ අඩුම තරමේ මගේ පවුල් පසුබිම වත්. ඔයා හිතනවා ඇති මෙච්චර කල් ඔයත් එක්ක හරියට කතා බහ කරපු නැති කෙනෙක් මොනවද මේ කියන්න යන්නේ කියල. ඇත්ත ...... ඒත් මෙහෙ ඉන්න අයගෙන් මන් ආසම ළමයා ඔයා. 

( මන් ඒ වෙනකම් ඒ ළමයා කියපු දේවල් කිසි කතාවක් නැතුව අහගෙන හිටියා. මන් ගැන එහෙම කියනකොට ඉතින් මගේ හිතටත් මොකක්ද වෙලා ගියා. මොකද ඒ  ළමයා එක්ක ළඟ යාළුකමක් තිබුනේ නැති නිසා) 

ඉතින් එයා ආයෙමත් කතාව පටන් ගත්තා. 

අපි පෝසත් මිනිස්සු නෙමෙයි කියාස්. මගේ ගෙවල් තියෙන්නේ බදුල්ලේ. අපේ පව්ලේ ඉන්නේ මායි මල්ලියි. අම්මා රස්සාවක් කරන්නේ නෑ. තාත්තා කුලී වැඩක් කරලා තමයි අතට කීයක් හරි හොයා ගන්නේ. අපේ පරම්පරාවෙන් මේවගේ තැනකට එන්න ඉගෙනගත්ත එකම ළමයා මන්. මෙතනට එන්න තාත්තා කුලී වැඩ කරලා හොයන හැම සතේම වියදම් කරලා ඇති. අදටත් එහෙමයි කියාස්. 

ඉස්කෝලේ යන කාලේ මට කොල්ලෝ පෙන්නන්න බෑ. මගෙන් යාලු වෙන්න අහන කොල්ලොන්ට මන් බැනලත් ඇති. ඒත් ඒ ලෙවල් කරලා ආපහු සෙකන්ඩ් ෂයි කරනකොට. මන් අයියා කෙනෙක් එක්ක යාලු උනා. ඒ මිස් කෝල් එකකින්. එහෙම මිස් කෝල් එකකින් හම්බුනා කියල ආදරේ අඩුවක් උනේ නෑ. එයා මට ඉගෙනගන්න හැමදේකටම උදව් කළා. ඒ කාලේ පාඩම් කරන්න උදේ තුනට මාව ඇහැරවන්නෙත් අයියා. 

ඉතින් මන් කොලේජ් එන්න කලින් අපේ ගෙදර අම්මටයි තාත්තටයි අපේ සම්බන්දෙ ගැන කිව්වා. අයියා මාතර ඉදන් බදුල්ලේ අපේ ගෙදර ආවා අම්මයි තාත්තවයි හම්බවෙන්න. තාත්තා නම් ඒ දවස් වල වැඩි කැමැත්තක් තිබුනේ නෑ ඒත් මේ ලඟදි අයියත් එක්කම කොලේජ් එකට ආවා මාව හම්බවෙන්න. 

මන් හරි සතුටෙන් හිටියේ අපේ ගෙදරින් තාත්තගේ කැමැත්තත් ලැබුනා කියල. ඒත් මගේ පැත්තෙන් එහෙම උනාට එයාගේ පැත්තෙන් එහෙම උනේ නෑ. අයියා පෝසත් පවුලක එකම පිරිමි ළමයා. ඉතින් එයාලගේ අම්මලා අපේ සම්බන්දෙ ට කොහෙත්ම කැමැත්තක් තිබුනේ නෑ. ගෙදර ඉන්නකොට අයියා මට මැසේජ් එකක්වත් එව්වේ නෑ. ගෙදරින් එලියට අවම තමයි කතා කලෙත්. දවසක් ඔයාම මට කිව්වා නේද කොල්ලෙක්ට ඔච්චරටම කතා කරන්න නිදහසක් නැද්ද කියල? 

මන් ඒක ඇහුනේ නෑ වගේ හහිටියේ මට ඒකට දෙන්න තරම් උත්තරයක් තිබුනේ නැති නිසා. ඊට පස්සේ මන් ඔයා එක්ක වෙනදට හම්බුනාම හිනාවෙලා කතා කරන එකෙනුත් ඈත් උනා. මොකද මට ඒ වෙනකොට අයියාගෙයි මගෙයි තියෙන ආදරේ අනිත් අයගේ බැදීම් එක්ක බැලුවාම වෙනස් කියල එදා ඔයා කියපු දෙයින්ම තේරුන නිසා ඒත් මන් අසරණ උනා. මගේ පලවෙනි ආදරේ මට හොඳයි මන් කැමති උනේ නෑ කවුරුවත් ඒකෙ වැරද්දක් දකිනවට. ඒකයි මන් ඔයත් එක්ක කතා කරන එකත් නැවැත්තුවේ, ඔයාට ඒ වෙනස තේරුනේ නැද්ද කියන්න නම් මන් දන්නේ නෑ. මොකද මට ඔයාට වගේ හැමෝගෙම හිත දිනාගන්න බැරි නිසා. 

ඒත් මේ ලඟදි දවසක එයාගේ යාලුවෙක් මට කතා කරලා කියපු දේවල් නිසා මගේ ජීවිතේ විනාස වෙලා ගියා කියල දැනුනා. නෑ....... විනාස උනා කියාස්. මන් දැන් ඉන්නේ නන්නත්තාර වෙලා. 

අයියා බැඳපු කෙනෙක් කියාස්.

එහෙම කියාගෙන එයා මාව බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා කොච්චර වෙලා ඇඩුවාද කියන්න මටවත් හිතාගන්න බෑ එයාගේ ඇස් වලින් වැටුණු කඳුළු මගේ උරහිස තෙත් කළා. 

එයා ආයෙත් කතා කරන්න පටන් ගත්තා . එයාගේ ඇස දෙක දිහා බලන්න බෑ ඒ තරමටම ඇස් දෙක රතු වෙලා. 

අයියා බැඳලා තියෙන්නේ අවුරුදු 20 දී. එයා ඒ කිව්ව තරම් පෝසත් පව්ලක කෙනෙක් නෙමෙයි. දැන් එයාට අවුරුදු එකහාමාරක දුවෙක් ඉන්නවා. මාත් එක්ක යාලු වෙලා තියෙන්නේ එයාගේ වයිෆ් ට දුව හම්බවෙන්න ඉන්නකොට. මන් ඇහුවා ඇයි මට මෙහෙම කලේ කියල. ඒත් අයියා පිළිගත්තේ නෑ එයා බැඳපු කෙනෙක් කියලා. එතකොට එයාගේ යාලුවා කියපුවා බොරුද කියල ඇහුවාම එයාට දෙන්න උත්තර තිබුනේ නෑ. අඩුම තරමේ ඒ බොරු කියලවත් අයියා කිව්වේ නෑ. 

දැන් දවස් හතරකට කලින් අයියා මට කෝල් කරලා හැමදේම කිව්වා. එයා වැරැද්ද පිළිගත්තා. එයා බැඳලා තියෙන්නේ එයා වැඩ කරපු ගාමන්ට් එකේම වැඩට ආපු ගෑණු ළමයෙක් ව. එච්චර ඉක්මනට බදින්න උනේ අයියගෙන් ඒ ගෑණු ළමයට වෙච්ච වැරද්දක් නිසා, ඒ වැරැද්ද තමයි අර පොඩි එකා. අයියා මේ ගෑණු ලමයව බැන්දට එයාගෙන් අයියට කිසිම ආදරයක් හම්බවෙලා නෑ. එකයිලු එයා මගෙන් ඒ ආදරේ හොයල තියෙන්නේ. මන් හැමතිස්සෙම අයියාඅ ගැන හොයලා බැලුවා කියාස්.... කෑවද , බිව්වද , දැන් කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ කියල මන් පුළුවන් හැම වෙලාවේම අයියගේ ලඟින් හිටියා. ඒකයි එයා මට බොරු කරලා තියෙන්නේ. 

ඒත් කියාස් මට තවත් ඒ ආදරේ එයාට දෙන්න බෑ. මන් තවත් පව් කාරියක් වෙනවා එහෙම කලොත්. මට මේ දුක දරාගෙන ඉන්න බෑ ඒකයි මන් ඔයාට මේ දේ කිව්වේ. මට මගේ අම්මටයි තාත්තටයි මුණ දෙන්න බෑ කියාස්. 

හ්ම්ම්............... ඔන්න ඔය කතාව තමයි එදා මට එයා කිව්වේ . 

------------------------------------------------------------------------------------------------------------

මේ ලඟදි දවසක් රෑ තව සිද්දියක් උනා... 

කොලේජ් එකේ යාලුවෙක් මාව හම්බවෙන්න ආවා. එයාගෙත් ඇස් වල කඳුළු. එයා අඩලා.........

අනේ කියාස් මගේ යාලුවෙක්ව මරලා දාලා දෙයියනේ.

මම ඇහුවේ කොහෙද කියල විතරයි....

ඇල්පිටියේදී

ඇයි එහෙම වෙලා තියෙන්නේ 

එයා යාලු වෙලා හිටපු කෙනාම තමයි එයාව මරලා තියෙන්නේ කියාස්. පව් මාත් එක්ක එකට ඉගෙනගත්තේ 

---------------------------------------------------------------------------------

තවත් කතාවක් ........... 

දවසක් මට කෝල් එකක් ආවා 

කියාස් ... පොඩ්ඩක් මේ පැත්තේ එනවද? පොඩි උදව්වකට 

ඔන්න ඉතින් මමත් ගියා 

කොලේජ් එකේ අපේ තුන් දෙනෙක්ම එතන. එක්කෙනෙක් අඩලමද  කොහෙද ඇස් දෙකත් එක්ක මුනත් රතු වෙලා ඒත් මළමිනියක් වගේ මට නම් ඒ ලමයව ඒ වෙලාවේ පෙනුනේ. 

" ඇයි කතා කලේ?" මන් ඇහුවා.... 

මෙන්න මේකට විසදුමක් දෙන්න කියාස් ... එක්කෙනෙක් මට කිව්වා විතරයි අර අඩපු ගෑණු ළමයා 

" මට බොන්න ඕනේ " කියල කිව්වා 

මොනවද බොන්න ඕනේ ?

අරක්කු 

ඔයා කලින් බීලා තියෙනවද?

නෑ .... ඒත් අද මට බොන්න ඕනේ 

ඇයි මේ ?

එයා යාළුවෙලා ඉන්න අයියා බොනවා කුඩු ගහනවා ... මෙයාගේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති නෑ. මෙයා කවදාවත් මේක නවත්තන්නෙත් නෑලු. මෙයාට  අයියව අතාරින්න බැහැ ලු. මොකෝ මේකට කරන්නේ? 

අයියට මෙයාව එපා කියල මේ සම්බන්දෙ හැමදාම නවත්තන්න කියනවා. මෙයා නෙමෙයි ඒක අහන්නේ. දැන් මෙන්න මෙයාටත් බොන්න ඕනේ ලු. 


අනේමන්දා දැන් කාලේ ආදරේ නම් 



14 comments:

  1. ඇත්ත අනේ මංද තමා කියන්න තියෙන්න...
    හැමදේම යන්නෙ වැරදි අතට...
    අපේ උංට මොනා වෙලාද කියලමට නං තේරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් අනේමන්දා තමයි ඉතින් එහෙම බලනකොට ආදරේ ගැන හිතන්නත් බයයි

      Delete
  2. ඕවා ඕම තමා අනේ .කොයි කාලෙත් මේවා උනා

    ReplyDelete
    Replies
    1. හනේමන්දා ඉතින් මටත් දැන් පිස්සු හැදෙනවා මේවා අහලම

      Delete
  3. කියාස් මේ කතා දෙක අතර සම්බන්ධයක් තියනවද? නැතිනම් ඔබ ගලපන්න හදනවද සිද්ධි දෙක. කොහොමත් අාදරේ කියන දේ පරිස්සමින් කළොත් හොදයි. මොකද ආදරේ කියල දෙයක් ලෝකෛ් නැති නිසා. තියෙන්නේ ගනු දෙනු.

    ReplyDelete
    Replies
    1. කතා දෙක අතර කිසි සම්බන්ධයක් නෑ. හ්ම්ම් ඒ උනාට දැන් කාලේ ආදරේ කියන්නේ ඇලීමටම වෙන් වෙච්ච දෙයක් වෙලා

      Delete
  4. හිටපු ගමන් මේ වගේ කාලයක් එනවා.. ආදරේ කියන්නේ පරිස්සමින් කරන්න ඕන දෙයක්..

    ReplyDelete
    Replies
    1. කලින් සියදිවි නසාගැනීම් එක දිගට. දැන් හපොයි අනේමන්දා ඉතින් කොහෙන් නවතියි ද කියල

      Delete
  5. කියාස් උපදේශන සේවාවක වැඩ කරන කෙනෙක් ගානටනේ යාලුවෝ සලකන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේමන්දා මොකෝ කියල. දන්නේ නැති කෙනෙක් උනත් තියෙන ප්‍රශ්න මට කියල ඕනේ තරම් හිත නිදහස් කරගෙන තියෙනවා. ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි

      Delete
  6. අවංක ආදරේ කලුනික වගේ නිකම්.ඒත් එහෙම ඇත්ත ආදර කතාත් මේ ලෝකෙ නැතුවා නෙවෙයි..!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නංගියෝ අවංකයි කියල පටන් ගන්න දැන් ගොඩක් ආදර කතා අවංක නෑ

      Delete
  7. දැන් කාලේ ආදරේ ඔහොමතමා ...........................................

    ReplyDelete
    Replies
    1. අනේමන්දා දැන් කාලෙට මොනවා වෙලාද කියල

      Delete