Friday, March 7, 2014

මගේ යාලුවේ .....

කොහොමද ඉතින් ?
වරදක් නෑ... ඔයා මේ ඉස්කෝලෙම ද?
ඔව්... අලුත් මුණක් නිසා කතා කලේ... ආර්ට් කරන්නද ආවේ?
ඔව් මන් කලින් හිටපු ඉස්කෝලේ ඒ ලෙවල් වලට ආර්ට් තිබුනේ නෑ ඒකයි මේකට ආවේ 
හොඳයි හොඳයි :) ඔන්න එහෙනම් ඕනේ වෙලාවක මේ යාලුවා ඉන්නවා අද ඉදන් ඔයාට 
තෑන්ක්ස් කියාස්... :) 

ඔයා ඉස්කෝලෙට ආපු මුල්ම දවසේ මන් ඔයත් එක්ක කතා කළා මතක ඇති... අපි දෙන්නා ඉතිහාසය කරන්න හිස්ට්‍රි  රූම් එකට ගියාම හැමදාම හම්බුනා... සමහර දවස් වලට කතා කරන්න තරම් වෙලාවක් නැති උනත් හිනාවකින් හරි අපි දෙන්නා අපේ යාළුකම තියාගත්තා... පංති දෙකක හිටියත් ඉස්කෝලේ හැම වැඩකදීම වගේ එකට වැඩ කරද්දී හම්බ උනා. අපේ සෙක්ෂන් එකේ ට්‍රිප් එකේදී කොච්චර සතුටු උනාද? ඒ මතක කවදාවත් මතකෙන් ඈත් කරන්න හැදුවත් එහෙම කරන්න බැරි වෙයි. 

කාලේ ගෙවිලා ගියා .....

අපි ඒ ලෙවල් කළා... රිසල්ට් ආවා.... කැම්පස් ගියා... 

අපි ආයෙත් හම්බුනේ ප්‍රයිස් ගිවින් එකේදී ...... ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ...

කොහොමද ඉතින් කාලෙකින්..කොහොමද කැම්පස් ජීවිතේ....?
වරදක් නෑ කොහොමද ඔයාට?
මටත් එහෙම තමයි ඉතින් ඉතින් ඔන්න එහෙනම් මගේ ගෙදර ප්ලෑන් එක මට ඔයා තමයි ඇදලා දෙන්න ඕනේ :) 
හරි හරි මොකෝ බැරි ...:) 

ඒ කතා කරපු හැමදේම මට මතකයි යාලුවේ.... 

ඒත් මේ මාසේ වෙනකොට කෝ ඔයා? 

ඔයා යන්න ගිහින් යාලුවේ ... 
මේ හැමදේම දාලා ඔයා යන්න ගිහින්
අනාගතේ ගැන ඔයා මවපු හැම හීනයක්ම දාලා 
ඔයාට යන්න වෙලා
ඔයාගේ අම්මා තාත්තා 
සහෝදර සහෝදරියෝ 
ඔයාගේ ආදරේ
ඔයාගේ යාළුවො 
මේ හැමදේම දාලා ඔයාට යන්න වෙලා 
මන් දන්නවා 
ඔයත් හිතුවේ නෑ කවදාවත් මෙහෙම යන්න 
ආයිත් නම් කවදාවත් මෙහෙම වෙන්න එපා 
කාටවත් 
ඔව්.... 
ආයෙත් නම් ඒ වගේ අසනීපෙකින් දුක් විදින්න වෙන්නත් එපා.
ඉපදෙන හැම ආත්මයකදීම...........
මගේම මිතුරිය වෙන්න   




8 comments:

  1. එ ල්වෙල් කරද්දි මගෙත් යාලුවෙක් සෙනසුරාද ටියුශන් ක්ලාස් එකෙ එකලග ඉදගෙන පිස්සු කෙලල් ගියා.සදුද ඉස්කොලෙට යනකොට මිනිහ ගිහින්.හැමදාම නාන ගෙ ලග ගගේ.පුදුම දුකක් දැනුනෙ.වැඩෙ කියන්නෙ මිනිහ ට්‍රයි කරපු එත් කැමැත්තක් නෙපෙන්නපු කෙල්ල මල ගෙදරදි ඇඩුව.ඇත්තටම ඇඩුව නෙමෙ ඇඩුන .මම බැලාගෙන පෙට්ටිය ගාවදි තදකරගෙන ඉදල එලියට ආව හැටියෙ.ශික් කියල වැඩක් නැ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මගේ යාලුවා යාළුවෙලා හිටියේ කැම්පස් එකේම කෙනෙක් එක්ක... වෙනවීමේ දුක නම් මට ආගන්තුක දෙයක් නෙමෙයි මගේ යාළුවො දෙන්නෙක් නැති උනා 5 වසරේ ඉන්නකොට එක්කෙනෙක් ඩෙංගු හැදිලා අනිත් කෙනා වෙරළු ඇටයක් හිරවෙලා...

      Delete
  2. එකටම හිටපු යාලුවෙකුගෙ වියෝවකදි හිතට දැනෙන දුක දරාගන්න බෑ......කොහෙත්ම.... කවදාවත්... අපි මැරෙන තුරා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත කවදාවත්ම බෑ .........

      Delete
  3. මට ජීවිතේට උන්නු හොඳම යාලුව පිරිමි ළමේක්..! පෙර පාසලේදි පටන් ගත්තු ඒ යාලුකම තුන වසරෙන් නිමා කරල එයා ළිඳක වැටිලා මිය ගියා පාලු පැත්තක සරුංගල් අරින්න ගිහිං.ඔබේ මිතුරියට නිවන් සුව පතනවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කියාගන්න බැරි දුකක් තියෙන්නේ මට අන්තිම දවසේවත් යන්න බැරි උනා...

      Delete
  4. ජීවිතේ අහිමි වීම් මට අරුමයක් නෙමෙයි.. ඒ කොච්චර උනත් ළඟින්ම හිටිය කෙනෙක් අපෙන් ඈතට ගියාම දැනෙන දුක මටත් දැනෙනව....
    ඔයාගෙ යාලුවට නිවන්සුව ප්‍රර්ථනා කරනව.....
    :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කවදා හරි යන්න වෙනවා ඒත් හිතුවේ නැති වෙලාවක යන්න ගියාම දැනෙන දුක වැඩියි

      Delete