Thursday, December 12, 2013

හුටා.........!

ඔන්න ඉතින් කාලෙකට පස්සේ කියාස් ආවා කියමුකෝ හප්පේ..........! කියල වැඩක් නෑ ලැපා ඕන් කළා කාලෙකට පස්සේ එයත් මට වෙල්කම් කිව්වා... ඉතින් මාත් ඔන්න වෙල්කම් කිව්වා ඈ... 

ආපු නැති මාස තුනට ඔලුව නිකම් කරකුට්ටන් වෙන්නම වේලිලා ගිහින් වගේ. ගෙදර නැති කාලේ ගොඩක් දේවල් වෙනස් වෙලා. වැඩිය කියන්න ඕනේ නෑ ගෙදර හිටපු බලු කුක්කට කියාස් ගේ අම්මා කියාස්ගේ නමින්ම කතා කරන්න පටන් අරගෙන " සුදු පුතා". ඒ කියන්නේ කියාස් බල්ලට ගිහින්ද? නෑ... කියාස්ගේ තැන බල්ලට දීලා!

කමක් නෑ කියාස් ඔව්වයින් සැලෙන්නේ නෑ කියාස්ට දැන් සාඩම්බර කාඩ් දෙක තුනක්ම තියෙනවා ;) 
හරි ඔන්න වල්පල් කියෙව්වා ඇති නැත්නම් මේක කියවන්න එන දෙතුන් දෙනාත් මට බැන බැන යයි :D 

ගෙදර ඇවිත් ඉතින් ඉන්නකොට මට මතක් උනා අපේ සයිකෝ සර් ව. ඒ කිව්වේ ඉතින් අපේ මනෝවිද්‍යාව සර් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. මේ සර් අපිට ආපු පලවෙනි දවස......... 
එදා අපිව ඔක්කොම අඳුනාගන්න ඕනේ කියලා එක එක්කෙනා නැගිටලා තමන් ගැන අදුන්වලා දෙන්න පටන් ගත්තා කියමුකෝ...  මගේ නම, ගම ( ගමේ නම අහලා නෑ වගේ තේරුනොත් කොයි දිස්ත්‍රික්කේ ද) , ගෙදර ඉන්න කස්ටිය, එයාලා මොනවද කරන්නේ; ඔන්න ඔයාකාරයෙන් නා නාවිධ දේවල් කියන්න ඕනේ. 
ඉතින් ඔක්කොම ඔය ටික කියලා අන්තිමයට හිටපු කෙනත් කියල වාඩි උනා විතරය් දේශනේට තිබ්බ වෙලාව ඉවරයි. 

සර්- හරි ළමයි එහෙනම් අපි එන සතියේ හමු වෙමු.. ( එහෙම කියල සර් ගියා) 

ඔන්න ඉතින් ඔහොම වෙලා සති ගානක් ගෙවිලා ගියා. වැඩේ කියන්නේ සයිකෝ වලට නෙමෙයි සර් ආවේ. අපිත් ඔහේ සින්දුවක් කියාගෙන ඒ වෙලාව ගෙවලා දැම්මා. 

ඒත් ඉතින් ඔන්න එක සතියක අපේ සයිකෝ වෙලාවේදී මෙහෙම කතාවක් මතු උනා. 

1. මොකෝ බන් සර් ට වෙලා තියෙන්නේ?
2. අමතක වෙලාද බන්?
3. වෙන්න බෑ බන් එක දවසක් ආවනේ 
4. මෙහෙම ගියොත් එග්සෑම් එකට අපිට සයිකෝ පේපර් එක ඩෙස්ක් එක උඩ තියලා හීන ලෝකේ තමයි පා වෙන්න වෙන්නේ. 
5. එහෙනම් සර් ව හොයාගෙන ගිහින් කියමු 
6. හරි එහෙනම් යමු 

ඔන්න ඔහොම කියල සර් ව එක්කගෙන ආවා. සර් දැන් පුටුවෙත් ඉදගත්තා කියමුකෝ ( ඔව් බන් ඇත්තටම ඉදගත්තා)  

සර්- හරි ළමයි අපි දැන් ඔක්කොටම කලින් අපි අපිව අදුනාගමු. 

ඔන්න දැන් වෙනදා විදිහටම හැබැයි කෙටියෙන් කට්ටිය අදුන්වලා දුන්නා. 

සර්- ඔව් ළමයි අපි දැන් අපිව අදුනගත්තා. අපි මනෝ කරනකොට ඔක්කොටම කලින් අපි අනෙකා ව අඳුනගෙන ඉන්න ඕනේ. ඔන්න දැන් අපි එහෙම තමයි පාඩම පටන් ගත්තේ. 

අපි- සර් අපි කලින් ඕක කලානේ 

සර්- ආ එහෙමද ?! හරි එහෙනම් මන් ඉතින් අදනේ ඔයාලට ලෙක්චර් එකකට ආපු පලවෙනි දවස ඒ නිසා ඉතින් මන් ඔයාලව අදුනගන්න එපැයි 

අපි- සර් කලිනුත් සර් ම තමයි අදුනගත්තේ 

සර්- ඒ කියන්නේ මම කලින් ඔයාලට උගන්නලා තියෙනවද? 

අපි - ඔව් සර් 

සර්- එතකොට මම ද ඔයාලට මනෝ කරන්න දාලා තියෙන්නේ?

අපි- ඔව් සර් 

සර්- ආ මට මතක් නෑ නේ!!!!! 

අපි- ( ඇහෙන්න නෙමෙයි) හුටා! 




ප. ලි - පින්තූරය ඉස්සුවේ  අදිකාරමාගෙනි

  

28 comments:

  1. ඕය වගේම එකක් දැම්මා නේද ගෙදර ආපු දවසෙම

    ReplyDelete
  2. ආ ඔව් ඒ හිතේ අමාරුවට මගේ නම මටත් නොකියම දීපු එකට

    ReplyDelete
  3. ෂික්, කියාස් බල්ලට ගිය එක ගැන හරිම දුකයි.

    ReplyDelete
    Replies
    1. නෑ... කියාස්ගේ තැන බල්ලට දීලා!

      Delete
    2. හ්ම්.. ඒ කියන්නේ බල්ලාගේ තැන කියාස්ට දීලා කියන එක නේද?

      Delete
    3. ඒ තැන වත් දුන්නා නම් දුක නෑ :)

      Delete
  4. සතුටින් ඉන්නවා නේද ...? අර කලින් දාපු පෝස්ට් එකේ හැටියට මට හිතට බයකුත් ආව ටිකක් ....

    ReplyDelete
    Replies
    1. නැතුව මේ කියාස් මැරුණත් හිනාවෙලා තමයි :)

      Delete
    2. එහෙමම කියන්න එපා... ළඟම කෙනෙක්ගේ වෙන්ව යාමක් කියන්නේ දරන්න බැරි හිස් තැනක් .....

      Delete
    3. කියාගන්න බෑ ට නම් ළඟම අය නෑ නොවැ

      Delete
    4. ළඟම කෙනෙක් ඉන්න ඕනේ කියාස්... ජීවිතේට අර්ථයක් එනවා අපිට නොදැනීම .......

      Delete
    5. හ්ම්ම් ඔව් ඇත්ත ............

      Delete
  5. ඔන්න මමත් ආවා කාලෙකින්.. ආව ගමන් දකින්න ලැබුනේ මරු ස්ටෝරියක්නේ..

    ඔහොම පොරවල් ඕන තරම් ඉන්නවා ගොඩක් කැඩෙටින්ග් කරන උන්ටත් ඔහොම තියනවද මන්දා..

    කවුද බොලේ මේ කියාස්?? නිකන් පෙයාස් වගේනේ.. ලොල්..

    ReplyDelete
    Replies
    1. හි හි එහෙමද? අපේනම් කැඩෙටින් වල එහෙම අවුලක් වෙලා නෑ

      කියාස් යනු මා ය. :D

      Delete
    2. කියාස් කියාස් පෙයාර්ස්

      Delete
    3. කව්ද අප්පේ මේ සචින්ද? මේ දෙන්නම එක්කෙනෙක්ද දෙන්නෙක්ද? හෑ?

      පෙයාස් නෙමේ කියාස් හරිය?

      Delete
  6. හුටා!! :D
    සයිකෝ ගැන දන්නව වැඩි උනාමත් ඉතින් අන්තිමට පිස්සු තමයි :D

    ReplyDelete
  7. හුටා තමයි! සයිකෝ උගන්නන අයට සයිකෝ නැත්තං පිස්සු හැදෙයි! මැස්සෝ මැරෙයි!

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙනම් අද ඉදන් මේ කියාස් වැඩිය සයිකෝ ගැන හිතන්නේ නෑ :)
      හප්පේ ඔයා කොහොමද මගේ ඊළඟ පෝස්ට් එක ගැන දන්නේ ඈ?

      Delete
  8. හොද සිද්දියක් ඔයවගෙ කෙනෙක් ගැන මමත් දන්නව පුලුවන් උනොත් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න අප්‍රේල් වල ඇවිත් හරි මන් එනවා කියවන්න :)

      Delete
  9. සර් මහත්තයා sure එකට මනෝ ගහල :p

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ඒ උනාට හිත හොඳ චරිතයක්

      Delete
    2. විය නොහැකි දේවලුත් තියෙනවා

      Delete
  10. සර්ට සයිකෝ ය,සර්ගෙන් ඉගෙන ගන්න උන්ටත් සයිකෝ ය ,මේක කියවපු මටත් නිකම් සයිකෝ ය අනේ මන්දා ය.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් කෙලින්ම කියල දැම්මනම් මොකෝ ඔයාට සයිකෝ කියල හිකිස් ;)

      Delete