Saturday, August 10, 2013

ඵලදායී සන්නිවේදනය වනාහී .... අපේ ලෙක්චර් 02

මේ ඉතින් පලවෙනි ඩිංග  ඵලදායී සන්නිවේදනය වනාහී .... අපේ ලෙක්චර් 01


දැන් අපි බලමු අපි ඵලදායී සන්නිවේදනයට යොදාගන්නේ මොනවද කියල


            01. වචන

        ඔන්න ඉතින් පලවෙනි තැන හම්බවෙන්නේ වචන වලට. අපි ඉතින් සුපුරුදු විදිහටම දන්න සිංහල ගැනම කතා කරමු. දැන් ඉතින් දන්න සිංහල කියල කිව්වට සිංහල වලත් අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද. ලංකාවේ උනත් එක එක ප්‍රදේශ වල සිංහල භාෂාවේ වෙනස්කම් දකින්න පුළුවන්. සිංහල විතරක් නෙමෙයි දෙමළ භාෂාව ගත්තත් එහෙමයි දකුණු ඉන්දියානු දෙමළ භාෂාවෙයි ලංකාවේ භාවිතා කරන දෙමළ භාෂාවෙයි පොඩි පොඩි වෙනස් කම් තියෙනවා ඒ විතරක්ද ලංකාව ඇතුලත දෙමළ භාෂාවේත් ප්‍රදේශ අනුව සුළු සුළු වෙනස්කම් තියෙනවා..
   
      තව දෙයක් තියෙනවා ඉතින් දැන් ආයේ සිංහල වලටම එමුකො. අපි සිංහල කතා කරනකොට වර්තමානයේ එක එක විදිහට සිංහල වෂණ වෙනස් කරගෙන තියෙනවා. සමහර වෙලාවකට එහෙම වෙන්න සමාජ මට්ටම් පවා මුලික වෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට මේක බලමුකෝ .................



            ඔන්න ඉතින් උදාහරනේ මගෙන් අහන්න එපා ඉතින් අපෝ මොකක්ද අප්පා මේකද මේ කියල ඕක ඉතින් කියන්න දෙයක් යෑ මේ අපි දන්න එව්වනේ ....
මන් කියන්න ගියේ මේකයි මේත් සිංහල උනාට අපි හරියට භාවිතා කරන සිංහලත් එක්ක කොච්චර වෙනසක් තියෙනවද කියන්නයි මට ඕනේ උනේ. අනික වෙනත් භාෂාවලින් කොච්චර බලපෑමක් අදටත් වෙනවද කියන්න. එතකොට ඒ කියන්නේ කෙලින්ම කිව්වොත් භාෂාව සමාජ මට්ටම් අනුවත් වෙනස් වෙනවා. ඒ අයගේ සන්නිවේදනය සමහරක් විට අපිත් සිංහල උනාට හරියටම ග්‍රහණය කරගන්න බැරිවෙන්නේ ඒ නිසා.
1           

              02. පින්තූර

පින්තූර ගැන ගත්තාම මන් අර මුලදීම කිව්ව මාර්ග සලකුණු වලට එහා ගිය එකක් ගැනයි මේ කියන්න හදන්නේ. දැන් අපි කියමුකෝ සිත්තරෙක් ඇඳපු පින්තූරයක් දිහා බලාගෙන ඉන්න 10 දෙනෙක් ගේ අදහස් විමසුවොත් එහෙම ඒ පින්තුරය ගැන ඒ පුද්ගලයින් 10 දෙනා සමහරක් විට අදහස් 10ක් ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. ඒ මොකද කියනවනම් සරලවම අපි එකම සත්ව කොට්ටාශයකට අයිති උනාට අපි දෙයක් දිහා බලන ආකාර එකිනෙකාට වෙනස් නිසා.

අපිටනම් පින්තුර බර ගානක් පෙන්නුවා. ඒ ඔක්කොම මේකේ දාන්න බැරි කමකුත් නෑ ඒ උනාට මොකක්ද මොකක්ද වගේ සමහර පින්තූර දාන්න. ඒ නිසාම ඉතින් සදාචාර සම්පන්නව පින්තූර දෙක තුනක් විතරක් දානවා.



 මෙතන ඉන්නවලු ගෑනු කෙනෙකුයි අස්සයෙකුයි සිංහයෙකුයි වයසක මනුස්සයෙකුයි වෘකයෙකුයි.


මම නම් කියන්නේ නෑ මේකේ ඉන්නේ කව්ද කියල දෙවිදිහකට හිතන්න පුළුවන් ඇත්තම කියනවනම් මමත් ඔතනින් එක්කෙනෙක්ව විතරයි දැක්කේ අන්තිමට එහා පැත්තේ හිටපු අයියට පිංසිද්ධ වෙන්න තමයි යන්තම් තේරුම් ගත්තේ. ආයෙනම් කියාගන්න බෑ ගේ ලඟින් ඉඳගන්න එකක් නෑ ඇයි දෙයියනේ කී සැරයක් කියල දුන්නද :) 


 මේ ඉතින් ස්වභාවික පරිසරයෙන් දකින්න පුළුවන් දේවල්නේ J


1         03.    ඉරියව්

      ඉරියව් කිව්වාම ඉතින් ආයේ කියන්න දෙයක් නෑ නේ වචන වලට වඩා වැඩිය හොඳට සමහරක් අය ඉරියව් ගැන දන්නවා. ගෑණු ළමයිට නම් ඉතින් හැරුණත් කියන්නේ ඒක 64 මායමක් කියලනේ. හපෝයි ඒ ගැන වැඩිය කතා නොකර ඉමු ;)
       ඉරියව් කියනකොට දැන් ඉතින් සමාජ ජාල වල පැටලිලා ඉන්න හැමෝම තව කෙනෙක් එක්ක චැට් කරද්දී තමන් ව නොපෙනුනත් තමන්ගේ ඉරියව් වචන වලින් විතරක් පෙන්නන්න බැරි උනාම මේ මූණු ටික අනිවාර්යෙන් පාවිච්චි කරනවා නේ???




  
ඔන්න ඔහොම තමයි වෙන්නේ................
ඉතින් මන් මේ කියාගන්න දගලපු ඵලදායී සන්නිවේදනයට කරුණු 7 ක් ඕනේ වෙනවා පිළිවෙලින් ගත්තාම මේ විදිහට තමයි යන්නේ ඒ කියන්නේ පණිවිඩයක් යනවිදිහ තමයි මන් මේ කියන්නේ

1)      සන්නිවේදකයා- මෙයා ඉතින් ඉන්නම ඕනේ නේ සන්නිවේදනය පටන් ගන්න
2)     ග්‍රාහකයා - සන්නිවේදකයා විසින් කුමනහෝ විදිහකට දෙන ඒ කියන්නේ වචන, පිංතුර , ඉරියව් විදිහට දෙන ඕනෙම පණිවිඩයක් ග්‍රහණය කරගන්න ඉන්නේ මෙයා
3)     පණිවුඩය - මෙහෙම එකක් තියෙන්නම ඕනෙනේ ඉතින් නැත්නම් සන්නිවේදකයා ග්‍රාහකයාට මොනවද දෙන්නේ
4)     මාධ්‍ය - මාධ්‍ය කිව්වේ සන්නිවේදකයා ග්‍රාහකයාට පණිවිඩේ දෙන්නේ කොයි විදිහටද? පින්තූර හෙවත් සඥාවක් විදිහටද? නැත්නම් වචන වලින් ද? නැත්නම් ඉරියව් වලින්ද යනාදී වශයෙන්
5)     ප්‍රතිචාර-  මේ කියන්නේ සන්නිවේදකයා විසින් මාධ්‍යක් හෝ කීපයක් උදව් කරගෙන ග්‍රාහකයා වෙතට දුන්න පණිවිඩේ ට ග්‍රාහකයා දෙන පිළිතුර. උදාහරණෙකට ගමුකො ඉතින් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවාම කෙල්ල දෙන ප්‍රතිචාරේ ගැන. කැමතියි නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් තමයි ප්‍රශ්නේ ;)
6)     ප්‍රති ප්‍රතිචාර - මේ කියන්නේ ග්‍රාහකයා දක්වපු ප්‍රතිචාර වලට සන්නිවේදකයා විසින් දෙන පිළිතුර ඔන්න දැන් අර කැමතියිද කියලා ඇහුවනේ කෙල්ලත් ඉතින් කැමතියි ලු පස්සේ ගෙවල් වලින් අවුල් ලු ඔන්න කොල්ලා කියනවලු අපි හදපානේ ඇවිදගෙන ඇවිදගෙන යමු කියල. ( ස්ප්‍රින්ග් තිබුන නම් පැන පැන යන්න තිබුනා)
7)     ක්‍රියාත්මක වීම - ඔන්න ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ ඔන්න දැන් දෙන්නා එහෙම යනවලු.ඒ කියන්නේ හදපානේ ගෙවල් වලින් යන්නම යනවා.  ඔන්න ක්‍රියාත්මක උනා.


10 comments:

  1. මදැයි කොලා, කියාගන්න බෑ කිය කිය ඉඳලා හඳපානේ යන්න ගියා ද?

    ReplyDelete
    Replies
    1. ආ මම ගියේ නෑ මන් මේ කිව්වේ ඈස් අ එග්සාම්පල් කියලා නොවැ

      Delete
  2. හ්ම්.........තේරුණේ දැන් තමයි.........

    ReplyDelete
    Replies
    1. ඔය අන්තිමට තියෙන එක ගැන එහෙම නෙමෙයි නේද කියන්නේ? :)

      Delete
  3. මේ ඔක්කොම කියලා තියෙන්නේ මේ අන්තිමට කියපු දේ සිද්ධ වුනා කියන්න නේ? සුභ මංගලම්. :D

    ReplyDelete
    Replies
    1. මදැයි මේ ඔක්කොම කියවල තියෙන්නේ මේකේ අන්තිම පේලිය විතරද කොහෙද හයියෝ මගේ මහන්සිය
      මන් පැනලා ගියේ නැතෝ....

      Delete
    2. ඔයා පලදායි සන්නිවේදනයක් කරලා තියෙනවා එකයි ඒ...

      Delete
    3. නෑ එහෙනම් මෙහෙම වෙන්න බෑ

      Delete
  4. මෙතන ඉඳන් එක පෝස්ට් එකක්වත් මගේ රීඩරේට ඇවිත් නෑ :(

    ReplyDelete