Monday, February 18, 2013

තනි හිත.....................




පැය ගානක් තිස්සේ හිතේ තිබුන දුක කියලා තවත් ඉවර උනේ නෑ වගේ හිටියට එයා කතා කලේ නෑ... මන් එයාගේ මුණ දිහා බැලුවේ ඇයි කතා කරන්නේ නැත්තේ කියලා අහන්න. ඇස් දෙකෙන් එලියට පනින්න ඔන්න මෙන්න තියෙන කඳුළු බින්දු දෙක පිහදාන්න කියලා මන් හැරෙන්න හැදුවත් හිත කිව්වා ඒ කඳුළු වලට ගලාගෙන යන්න ඉඩ දෙන්න කියල...

“එයා ඇයි මට මෙහෙම කලේ... ?”

ඇය එසේ කියමින් ඉකි ගසමින් අඩන්නට වූවාය. මම මුනිවත රකින්නට වීමි.

“ සැබෑ පෙම්වතුන්
කිසිදාක එක නොවේ
එක වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ...
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙස ජීවත් වේ ......”

මෙහෙම දෙයක් කොහේ හරි මන් කියවලා තියෙනවා කියල හිතුනට මන් එයාට කියන්න ගියේ නෑ.

මොකද කියනවනම් ....

“ඔයාට මගේ දුක තේරෙන්නේ නෑ ... ආදරේ කරන්නම ඕනේ මේ දුක කොච්චරද කියල තේරුම් ගන්න... ඔයාට වගේ ගල් හිතක් මට නෑ ...”

කියල.  මේ දේ ආයෙත් තව කෙනෙක් ගෙන් අහගන්න තරම් හිතට වාරුවක් ගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අද මන් ඇය එක්ක දුක බෙදාගන්න ඉන්නවා වගේ එදා මගේ ලගින් ඉන්නවත් කව්රුත් හිටියේ නැති එකට මට දුක හිතුනේ නෑ ඒ ලැබීම වෙන්න ඇති මන් ඒ වෙනකොටත් හිත හදාගන්න වෑයම් කලේ එහෙම හිතාගෙන.  ඒ අතීතෙට මාව ඉබේම වගේ ඇතුල් උනා. මන් ළඟ හිටපු එයා ගැන හිතන එක මට අමතක උනා...

අපි අන්තිමටම හම්බුන දවස ....

“ හසී.. මන් තීරණයක් ගත්තා....”

“මොකක් ගැනද...?”

“අපි දෙන්නා ගැන හසී...”

“ අපි දෙන්නා ගැන මොකක්ද....”

“ අපි ගැලපෙන්නේ නෑ හසී.. ඔයා හොඳ කෙල්ලෙක් .. ඒත් මන් වගේ කෙනෙක්ට ඔයාගැලපෙන්නේ නෑ ... “

“මොකක්ද ඒ කිව්වේ..මට තේරුනේ නෑ .. ඇයි ඔයා එහෙම දෙයක් දැන් කියන්නේ...?”

“ අපි වෙන් වෙමු හසී.. දැන් තේරුම් ගන්න බැරි උනත් කවදා හරි ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි මන් අද ගත්ත තීරණේ හරි කියල...”


“හ්ම්ම්....”

“ඇයි තමුසේ හ්ම්ම් කියන්නේ...? තමුසේ වගේ ගල් හිතක් තියෙන කෙල්ලෙක් මන් දැකල නෑ ජීවිතේට...”

මන් තිගැස්සුනා ඒ ආවේගෙට .... මට අඩන්න හිතුනේ නෑ.... හිත ඊයම් බරු එල්ලලා වගේ ..... බර වෙලා කඩන් වැටෙයි කියල හිතෙන තරමට .... ඇයි මට මෙහෙම කියන්නේ ....?  අපි වෙන් වෙමු කිව්වම මන් එයාගේ කකුල් දෙක පාමුල වැටිලා මාව දාලා යන්න එපා කියලා අඩන්න ඕනෙද?

“හසී හසී.... ඇයි ඔයා කතා නැත්තේ...? “

“අහ්හ්........ න්..නෑ .. මන් ටිකක් කල්පනා කළා...”

“ වැඩක් නෑ හසී එයාට මාව එපා නම් මන් අඩන එකේ තේරුමක් නෑ මන් හිත හදාගන්නවා...”


26 comments:

  1. //අපි ගැලපෙන්නේ නෑ හසී.. ඔයා හොඳ කෙල්ලෙක් .. ඒත් මන් වගේ කෙනෙක්ට ඔයාගැලපෙන්නේ නෑ ...

    සාමාන්නෙං මේක කියන්නේ කෙල්ලොනේ....

    ReplyDelete
    Replies
    1. මන් නම් අහල තියෙනවනේ එක දවසක් කොල්ලෙක් කෙල්ලෙක්ට කියනවා මට ඇහුනා ...

      Delete
  2. දැන් මේ කේස් එක කියාගන්න බෑට වෙච්ච සිද්දියක්ද??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කියාගන්න බෑ හොදින් ඉන්නවා :D

      Delete
  3. කියාගන්න බෑ කිව්වට මේ අගේට කියල තියෙන්නේ..

    ReplyDelete
  4. ඒකනේ.. අන්න එහෙම හිත හදා ගන්න තමයි ඕන. එපා නම් වෙන මොනවා කරන්නද... මුදේ එක මාළුවා යැ ඉන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාවත් ඇත්ත... ඒත් මන් මෙතන කියන්න ගියේ වෙන කතාවක් වගේ දෙයක්

      Delete
  5. ඇත්තෙන්ම නැවත හිතන්න ඕනෙ තමයි නිහඬව.

    ReplyDelete
  6. මේක වැරදියි ,, මේක ඒ කොල්ලට කිව්වේ හසී

    ReplyDelete
    Replies
    1. පුදුමයි ඒකියන්නේ ඔයාලා ඔක්කොම පිළිගන්නේ නෑ හසීට මෙහෙම දෙයක් ඒ කොල්ලා කිව්වා කියලා?

      Delete
  7. Replies
    1. හ්ම්ම් මන් කිව්වේ ඊයේ ....

      Delete
  8. කියාගන්න බෑ කියලා බොරු අනේ ඔයා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මේකනේ කාට උනත් කොයි වෙලාවක හරි හිතේ තියෙන දේ කියාගන්න බැරි වෙලාවක් එනවා නේද? :)

      Delete
  9. දෙයියනේ කියල ලව් එකක් පටාං ගත්තා විතරයි මෙව්වා කියල මාව බය කරන්න එපා බොල...

    කොහොමත් මුලදි නොපෙනෙන වැරදි පහුවෙලා පේන්න ගන්නවා... :(

    ReplyDelete
    Replies
    1. හප්පටසිලි ! අමතක උනා නෙව .... ! ආ බය වෙන්න කාරනාවක් නෑ හැමෝටම එකම දේ වෙන්නේ නෑ නොවැ :D

      Delete
    2. කෑ ගහන දඟළන උඩ පනින නිදහසේ දඟ කරන කෙල්ලන්ගෙ අභ්‍යන්තරය හෙන සීරියස්...

      Delete
  10. නව කතාවක් නෙවෙයි නේ.

    ReplyDelete
    Replies
    1. සමහරක්විට එහෙම වෙයි ඒත් මන් කැමති නෑ මේක නවකතා ගොඩට දාන්න. ඒත් ඒක ඉබේම එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. මොකද බොළඳ සියල්ල නවකතා ගොඩට වැටෙන ගතියක් තියෙනවනේ :)

      Delete
  11. "ඔයාට මාව ගැලපෙන්නේ නැහැ මටවඩා හොඳ කෙනෙක් ඔයාට හම්බ වෙයි" මේ ක්‍රමය තමයි ලේසිම ක්‍රමය ඇඟ බේරගන්න. කොල්ලෝ කිව්වත් කෙල්ලෝ කිව්වත්.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ ඔන්න මගේ පැත්තට කතා කරපු එක්කෙනෙක්වත් ඉන්නවා :)

      ආයුබෝවේවා! කෝරලේ මහත්තයෝ ...

      Delete
  12. හැමෝම කියන්නේ ඔයටික තමයි අන්තිමට
    http://paatasihinaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි යාලුවා ...

      Delete