අදත් මොකක් හරි ලියන්න ඕනේ කියලා හිතනකොට ඔලුවට
ආවේ එකමත් එක කාලෙක උන සිද්දියක්. ඔන්න
ඉතින් මේ කතා පුවතට එන ප්‍රධාන චරිත දෙක තමයි
කියාගන්න බෑ කියලා දගලන මාගේ සහෝදරිය
වන අක්කා සහ මගේ මාමාගේ ලොකු පුත්‍ර
රත්නය. ඔය කියන එකමත් එක කාලේ වෙනකොට මම නම් ඉස්කෝලේ යනවා අක්කා නම් වැඩට යනවාය,
කතාවේ වීරයා වන කොල්ලා මොන්ටිසෝරියට පය තැබුවා පමණි.
දැන්
ඉතින් මොන්ටිසෝරියට කියන්නේ පූර්ව ළමා
සංවර්ධන මද්‍යස්ථාන කියලනේ මොනවා උනත් කමක් නෑ ඉතින් මොන්ටිසෝරියම කියලා කිව්වට නඩු දාන්නේ නෑ
නේ?
මොන්ටිසෝරි
යන කාලේ ඉතින් ළමයි එයාලගේ ශබ්දකෝෂයට වචන අමුනගන්න කාලෙනේ ඔන්න ඉතින් අපේ කොල්ලා
අහුලගත්ත වචනයක් තමයි කසාද බඳිනවා කියන එක. දැන් ඉතින් වචනේ අහුලගත්තා කියමුකෝ එත්
මූ දන්නේ නෑ මොකක්ද මේකේ තේරුම කියලා. දැන් ඉතින් මොනවා කරන්නද වචනේ හොයාගත්ත එකේ
තේරුමත් හොයාගන්න ඕනෙනේ ගෙදර ඉන්න
හැමෝගෙන්ම ඇහුවා ඉතින් ගෙදර අයත් එයාගේ වයසට හරියන විදිහට තේරුම් කලාට මූට හරියට
තේරුනේ නෑ මොකක්ද මේ කියන්නේ කියලා. ඉතින්
ගෙදරට එන අයගෙනුත් කසාද බඳිනවා කියන එකේ තේරුම අහනවා.
වැඩේ
හරි යන්නේ නෑ මොකා මොන විදිහට පැහැදිලි කලත් මුගේ මොලේට වැටුනේ නෑ මොකක්ද මේ කියලා
අන්තිමට මේකා මොකද දන්නවද කලේ?
තමන් විසින්ම නිර්වචනයක් හැදුවා “ කසාද බඳිනවා
යනු රජ කාලයට අයිති දෙතිස් වදය හා සමාන වූ දඬුවම් ක්රමයකි” තව ටිකක් මේකට ලුණු
ඇඹුල් වගේ අඩු වැඩිය දාලා ගත්තොත් “මෙම
දඬුවම ලබාදීම සඳහා කෙල්ලෙක් සහ කොල්ලෙක් අවැසි බව” අපේ කොල්ලාගේ නිගමනය විය.
ඔන්න
ඉතින් ඊට පස්සේ තමයි වැඩේ උනේ. ගෙදර එන කව්රු හෝ අපේ කොල්ලා හට විහිළුවක් කළහොත්
අපේ කොල්ලා වහාම ක්‍රියාත්මක වන පරිදි
“
මම ඔයාව කසාද බඳිනවා ....” යනුවෙන් පවසන්නට විය.
ඔන්න
ඔහොම කාලය සාමදානයෙන් ගෙවුනා කියමුකෝ ඒ
වුනාට අපි තුන් කට්ටුව ( අපේ කොල්ලා, මා
සහ අක්කා) සාමයෙන් කතා කරන්නේවත් නැත්තේය කතා කලත් වලියක් ය. සාමෙන් පටන්
ගත්තත් අන්තිමට වලියක් ය. ඉතින් ඔහොම දවසක
අපේ කොල්ලා වලියකට මුල් ගල තිබ්බේ අර ඇට නැති දිවෙන් පැවසු හෙන පඬි කතාවකින්ය.
ආයෙත් නැකත් බලන්නේ නැතුවම අපි වලියට එන්ටර් වූයෙමු අන්තිම වනවිට ගුටි කෙලියක් ද
ඇරඹීන අපේ කොල්ලා තාම වයසින් කිරිසප්පයා වන නිසා අක්කා සහ මා ටිකක් ඉවසුවෙමු. වැඩක්
නැත මූ අපෙන් ඉල්ලන්නේම ගේමකි.
“
නංගී අල්ලගන්න ඕකාගේ අත් දෙකෙන්...... මන් කකුල් දෙකෙන් අල්ලගන්නම්....”
ඔන්න
ඉතින් ලොකු සහෝදරියගේ අණ පරිදි අපේ කොල්ලා කකුල් දෙකෙන් හා අත් දෙකෙන් ඇදගෙන ගොස්
කාමරයට දමා සිරගත කළෙමු. අවසානයේ එයින් වලිය අහවර විය. පිස්සුද? අපේ කොල්ලා හෙන මඩ
ව්‍යාපාරයක් ආරම්භ කළේය... පෙර කල පින් මහිමයෙන් මා බේරුනි. මාගේ අසරණ අක්කණ්ඩිය
කොල්ලාගේ දණ්ඩනයට ලක් විය. එදා සිට අපේ කොල්ලා කියන්නේ
“
මන් ඔයාවම තමයි කසාද බඳින්නේ ......”
විකාරයි...... ඒත් පට්ටයි... :D
ReplyDeleteවිකාර උනත් පට්ටයි නේ :P
Deleteනියම කතාවක් නගෝ ... හැමදාම ලියන්න. නැත්නම්, මම ඔයාව කසාද බඳිනවා ....
ReplyDeleteහම්මේ මන් ලියනෝ :P
Delete//කසාද බඳිනවා යනු රජ කාලයට අයිති දෙතිස් වදය හා සමාන වූ දඬුවම් ක්රමයකි// පොඩි එකාගෙ නිර්වචනය දැන් කාලෙ අහන දකින ඒවත් එක්ක බැලුවම වැරදිමයි කියල කියන්නත් අමාරුද මංදා ;) කසාද බඳිනව කියන්නෙ දඬුවම් ක්‍රමයක් කියල එයාගෙ ඔලුවට ආවෙ කොහොමද දන්නෑ... :)
ReplyDeleteදැන් සමහර සිද්දි එක්ක නම් එක ඇත්ත තමයි. හි හි මේකාට හරියට කව්රුත් කියල දුන්නේ නෑ නේ එක එක ය එක එක ඒවා කිව්වා ඉතින් ඒවා ඔක්කොම එකට අමුණලා තමයි ඕක හදාගත්තේ :)
Deleteහිකිස් :පී
ReplyDelete:ඩී :පී
Deleteදිගටම මෙහෙම ජොලි කතා ලියන්න.නැත්නම් අපිටත් ඔයාව කසාද බදින්න හිතෙයි..p
ReplyDeleteහයියූ........ එහෙනම් මන් ලියනවා :P
Delete“ මන් ඔයාවම තමයි කසාද බඳින්නේ ......” බුදු අම්මෝ එහෙනම් මට කී දෙනෙක් කසාද බදින්න වේවිද ?
ReplyDelete(මට දඬුවම් දෙන්න ඕන අය කොච්චර ඉන්නවද)
අක්කල ජෝඩ්ඩටම ගැලපෙන පෝරිසාද මල්ලියෙක් :P
හි හි එහෙනම් ඉකමනටම කසාද බඳින්න පටන් ගන්න :P
Deleteඑක මලයෙක් නම් කමක් නෑ අර පොඩි කෙල්ලව කිස් කලේ මේකාගේ පොඩි සහෝදරයා
යස්ස පැටියෙක් නේ. :)
ReplyDeleteයස්ස ද මන්දා අෆ්ෆා කොරන වැඩ වල හැටියට ඊටත් එහා :P
Deleteහික්ස් මමත් අදමයි මේ පැත්තට ආවේ ...නියම කොලුපැටියෙක්නේ..... දිගමට ලියන්න...මමත් එනවා
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා.... අනේ වයසින් විතරයි පොඩි කොලු පැටියා .... :)
Deleteහප්පේ පොඩි ළමයි ඔහොම්මයි.. හි හි..
ReplyDeleteකළු සුදු
දැන් ඉන්න පොඩි එවුන් නම් හප්පේ ලොකු උනාම......... මට නම් හිතාගන්න බෑ
Deleteනියමයි...
ReplyDeleteඅපේ මලයා ද?
Deleteහිටාං උඹව කසාදෙ බදින්න :D
ReplyDeleteඔහ්හ් මේ මට ද කිව්වේ :P
Delete