Sunday, January 27, 2013

හිස් කොලය...........


මැදියම් රැයත්  ගෙවී ගොස් ය . මගේ චිත්ත සන්තානය තුල කැළඹෙන ඇඹරෙන පෙරලි කරන්නාවූ අදහස් තුලට නිදිමත කාන්දු නොවූ සැටියකි. හිත පෙරලි කරන සැටියට මරණය සැපතකි. එක්වරම කිසියම් ආකල්පයක් විත් අඳුරු කාමරයක සිටියදී එකවරම ආලෝකයක් එල්ල වූවාක් වැනි ක්ෂණික හැගීමකින් මා හිස බිත්තියෙහි කිහිප වරක්ම ගසා ගත්තෙමි.  ජීවිතය සුන්දරව විඳින්නට පෙරුම් පිරූ  හිතින්ම මරණයට අත වනමින් සිටින්නෙමි. මා අසලට විත් මා වැළඳ ගන්නේ නම් ............

මා වීදුරුව බිඳී ගිය ජනේලය තුලින් අහස තුල ඇති අන්ධකාරය තුල ගිලීමට වෑයම් කරමි. පාසල් භුමිය තුලින් පිටවන වී එනවිට මා සිත  තුල පැවති  රික්තකය දෙගුණයක් තුන් ගුණයක් සිව් ගුණයක් ඉක්මවා මා ගත පුරාවටම පැතිරී විහිදී ඇති සෙයකි.

හිස හිරිවැටී ඇත. අන් සරණක් නොමැතිව මගේ හිස මමම පිරිමැදගතීමි. කෙහෙරැලි තුලින් ඇඟිලිතුඩු යවා පිරිමදිනවිට දහඩිය මුහු වී එකට ඇලුණු කෙස් රොදවල් කිහිපයක් අතෙන් ඇද්දෙමී ඒ වේදනාවද මාහට ප්‍රිය ජනකය. කාමරයද තරු නැති අහස මෙන් අඳුරේ ගිලී ඇත. මා හිස පිරිමැදි අත නහයට ලං කලෙමි දහදිය සමග මුසු වූ ලේ සුවඳක්! ඔලුව තුවාල වන්නට ඇත. මා තුවාලයට ඇඟිල්ලක් තබා එය සෙමෙන් නැවත  පෑරුවෙමි. කෙතරම් සුවදායක හැගීමක්ද ...........

අතෙහි තැවරුණ ලේ බිදු කිහිපයක් මා දෙතොලට ගෙන රහ බැලුවෙමි තුඃ    නොදකින් මලකඩ රහක් එන්නේ මන්ද? මා සිත යකඩයකි . කෙසේ හෝ තෙතමනය ලැබී ඇත. හිත තැලී පොඩි වී කඳුලින් තෙත් වී මලකඩ කා ඇත. එය මොලය දක්වා විත්  ඔලු  කට්ට පසාරු කල තුවාලයෙන් එලියට පැන ඇත.




20 comments:

  1. අනේ මන්ද මට මෙලෝ දෙයක් තේරුනේ නෑ.... හදිස්සියට බලපු නිසාද දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පොඩ්ඩක් හෙමීට තුන් පාරක් විතර බලන්න එතකොට හරි. මටත් එතකොට තමයි හරි ගියේ

      Delete
  2. ඇත්තටම පැණි මුට්ටිය බිත්තියෙ ගහගත්තා නම් ඒක නිතර කරන්න හොඳ වැඩක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ කව්ද ඇත්තටම පැණි මුට්ටිය බිත්තියේ ගහගන්නේ බැරි වෙලාවත් අප්සෙට් උනොත් එහෙම දෙයියනේ කියලා තියෙන්නෙත් එකයිනේ

      Delete
  3. වහාම ක්‍රියාත්මක වන පරිදි හෙල්මටයක් භාවිතා කිරීමට නිර්දේශ කරමි.

    ReplyDelete
    Replies
    1. හෙල්මටය ගැන නම් මට කිසිම පැහැදීමක් නැත. එක පාරක් හෙල්මටය සමග බයිසිකලයෙන් බිමට පතබෑවුනි. හම්මෝ ඔලුගෙඩියට හෙනගැහුවා හා සමානය.

      Delete
  4. අතිශය කම්පිත සිතක් ගැන අපුරු සිත්තමක් අපේ සිත් තුණ ඇතිකරන්නට හැකි උත්තම ලියැවිල්ලකි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටමද කිව්වේ? (@ කල්පනා කරමින්)

      Delete
  5. මං තවම කල්පනා කරනවා මේ ගැන... හිස් කොලය..?

    ReplyDelete
    Replies
    1. ඒ ජිවිතේ කිසිම දෙයක් නැති හිස් කොලයක් වගේලු

      Delete
  6. හිස් කොලයක්..............
    හිතාගන්න බෑ.....

    ReplyDelete
  7. පට්ට විස්තරේ. ඇයි අප්පේ මොන කෙං ගෙඩියක්ද දවල් උනේ.. ඔළුව තුවාල වෙලා මිදිච්චි ලේ, කොණඩෙ අතරින් අදින කොට.. අප්පා අමුතු සැපයක් තියෙනවා. මේ බලහං මගේ ජාන වලට ඒ කෑල්ල හරියට හරි.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. මේකයි දවල් මට නම් මුකුත් උනේ නෑ මූඩ් එක අවුල් වෙලා තිබුන වෙලාවක ළඟ තිබුනා කොලේකුයි පැන්සලකුයි ඉතින් ඕක ලිව්වා.......... :D

      හප්පේ එහෙම වෙලාද මේ :O

      Delete
  8. nikan amutha bayak wage ekkak enawa kiyawanakota

    ReplyDelete
    Replies
    1. ආ බය වෙන්න එපා ඕක කියෙව්වා කියල මුකුත් වෙන්නේ නෑ :)

      Delete
  9. ජීවිත සන්තානය තුල, නිර්ලජ්ජිත අද්දැකීම් ප්‍රකම්පනය කල, සානුකම්පිත වූද, යථාර්තවාදී වූද සමාජ විෂමතා/භූ විෂමතා පිළිබඳ මනා සම්බෝඟීතයක් කළමනාකණය කරණ ලදුව,
    වචන එක් කොට ගොතනා ලද, අතිශය පීඩිත වූ මානසික ව්‍යාකූලතාවයට සපැමිනෙන සටහනකි................

    ReplyDelete
    Replies
    1. මානසික ව්‍යාකූලතාවයකට ගොදුරු වීම සම්බන්ධයෙන් ලියන්නට යෙදුනකි ......

      Delete