Thursday, January 10, 2013

මගේ ගමන සහ මගේ සෙරෙප්පුව



අද උදේ තේක බොන ගමන් මට මතක් උනා අපි සූ එකට යන්න ගිහින් වෙච්ච වැඩක්. තව ටිකෙන් කටට හලාගත්ත තේ ටිකත් රිවර්ස් වෙනවා. ඉතින් මතක් වෙච්ච වෙලාවේම ඕක ලියාගන්න ඕනේ කියල හිතුනට ලැපා ව ඕන් කලාම හිතුනා මේක බලන අය හිතයි ද දන්නේ නෑ මේ “ කියාගන්න බෑ”  රින්ගන්නෙම සූ එකට මේකේ මොකක් හරි රහසක් ඇති කියලා  :P ඉතින් එහෙම හිතලා සූ කතාව ටිකක් පස්සට තල්ලු කරලා දාලා කෝප්පේ අඩියේ ඉතුරු වෙච්ච කෝපි කුඩු ටික දිහා බලාගෙනම  කල්පනා කළා කොහෙද යකෝ මන් ගිහින් තියෙන්නේ කියලා. ඔන්න එතකොට මතක් උනා අපේ ගමන.

අපේ ගමන කිව්වේ කියාගන්න බෑ ඒ ලෙවල් කොරන කාලේ යාලුවෝ සෙට් එකත් එක්ක ගිය පොඩි ගමනක්. මෙහෙමයි ඒක උනේ. 2011 ඒ ලෙවල් පන්තියටත් වැටුනා කියමුකෝ ඔන්න ඉතින් අවුරුදු නිවාඩුවත් හම්බුනා. නිවාඩු දෙන්න කලින් ඉදන්ම අපේ කට්ටියට ඕනේ උනා කොහේ හරි යන්න එකට ඉතින් වැඩිය දුර නොවන තැනක් තෝරාගන්න උනේ අපිට ඉතින් කොල්ලොන්ට වගේ එහෙ මෙහෙ යන්න තරම් අවසර හම්බවෙන්නේ නෑ කියලා මුල ඉදන්ම දන්න නිසා දැන් දහ අතේ කස්ටිය කල්පනා කොරලා කල්පනා කොරලා එක එක තැන් යෝජනා කරනවා

“අපි යමු බීච් එකට....”

“ඔව් ඔව් තොගේ අම්මා එවයි...”

“එහෙනම් යමු සූ එකට....”

“ අනේ මගෙන් අහගන්න එපා....”

“වෝර්ටර් වර්ල්ඩ් යමු....?” 

“ දුර වැඩියි බන් යන්නම වෙලා යනවා...”

“ අපි කෝච්චියෙන් නුවර යමුකෝ....”

“හීනෙන් තමයි....”

ඔන්න ඔහොම තමයි කතාව උනේ මේක දිහා බලාගෙන හිටපු කියාගන්න බෑ ට මල පැන්නා

“ ඔතන ඉදන්ම යයි ජපානේටම අනේ යකෝ ආයේ කතා නෑ අපි යන්නේ මියුසියම් එකට 12 වෙනිදා 7.30 වෙනකොට බස් හොල්ට් එකට ඇවිත් ඉන්න ඕනේ නැත්නම් දාලා ගියා...”

“ ඒ අපි ඒ එක්කම යමුකෝ ගෝල් ෆේස් අනේ බන් කාලෙකින් ගියෙත් නෑ ....” නද්දා චුරු චුරු ගාන්නට විය

“තොපි හිතන්නේ අපිට ගෝල් ෆේස්  යන්න දෙයි කියලද? ඕක කියන්න ගියොත් අන්තිමට වෙන්නේ කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා අවුරුද්දට ගෙවල් අස් කරන්න..........”

ඔන්න ඔහොම කතාව ඒකමතිකව ස්ථිර වෙලා කස්ටිය ගෙදර ගියා. ඉතින් මමත් දෙයියනේ කියලා බත් පිගානට එහෙම වග කියලා පොඩි නැප් එකක් දාන්න හිතාගත්තා විතරයි මගේ ජන්ගමයා චුක් චුක් ගෑවා.

“ අනේ බන් මට කොල්ලා යන්න එපා කිව්වා බන් ගෙදරින් නම් යන්න කිව්වා එත් මෙයා එපා කිව්වා මන් එන්නේ නෑ බන් මන් ආවොත් එයා මාත් එක්ක තරහ වෙයි....”  ඒ  චූටි පණිවිඩේ අපේ සරුංගලයා ගෙන්.

“ හපෝ මෙහෙමත් ලව්.....” මට එහෙම තමයි කියවුනේ

ඔන්න තව ටිකකින් එනවා කෝල් එකක් අපේ සෝඩියම් ගෙන්

“ ඒ මේ මන් කතා කරන්නේ....” ඔව් ඉතින් මම කිව්වම මූ විතරනේ ඉන්නේ අනේ අම්මපා

“ ඔව් මන් දන්නවා මොකද දැන් එන්නේ නෑ කියන්නනේ ගත්තේ....?

“ අනේ තරහ වෙන්න එපා බන් දන්නවනේ අපේ ගෙදර හැටි අනික අපි අවුරුද්දට ගමේ යනවනේ බන්....”

“ හරි අවුලක් නෑ බය වෙන්න එපා බලෙන් උස්සන් යන්නේ නෑ......”

ඔන්න ඉතින් මුන් එක්ක කොහේ හරි යන්න දාගත්තොත් ඔහොම්මම තමයි. කමක්නෑ අන්තිමට ඉතින් ඉතුරු උනේ 4 දෙනයි. කියාගන්න බෑ, නද්දා, පුංචි සුරංගනාවී සහ දිගා  තමයි ඔන්න චාරිකාවට සෙට් උනේ.

12 වෙනිදා උදේ ඉතින් කට්ටිය සෙට් වෙනවා කියපු තැනට මන් දුවගෙන යනකොට අඩු වෙලා හිටියේ මන් විතරයි අනිත් තුන් දෙනා මාව කන්න වගේ බලන් ඉන්නවා. මට  බස් හෝල්ට් එකටයන්න තව අඩි 10ක් විතර තියෙද්දී බස් එකක් ආවා හත්තිලව්වයි මුන් මාව දැක දැක්ම නැග්ගනේ බස් එකට!

හප්පේ මන් කකුල් දෙකට පින් දිදී දුවලා ගිහින් බස් එකට නැග්ගා, අම්මෝ තාමත් මුන් ටික මාව කන්න වගේ ඉන්නේ මන් හිතන්නේ උදේට කාලා නෙමෙයි වෙන්ට ඇති එන්න ඇත්තේ. 




එතකොටම වගේ කතාව පටන් ගත්තේ දිගා

“ අනේ තෝ නේද කිව්වේ වෙලාවට ආවේ නැත්නම් දාලා යනවා කියලා.....? අපි මේ දුර පිලියන්දර ඉදන් වෙලාවට ආවා ළඟ ඉදලත් තොට වෙලාවට එන්න බෑ..... දැන් කියද බලනවා වෙලාව....?”

හප්පේ මේකාගේ කට ඉතින් ගම කනවනේ බස් එකේ ඔක්කොම වගේ ඇස්  කරකවනවා අපේ පැත්තට. මන් ඉතින් පොඩ්ඩක් හෙමින් කතාව පටන් ගත්තා

“ හරි ඉතින් මන් හිතලා පරක්කු උනේ නෑ නේ ... අනික පොඩි අවුලක් තියෙනවා....”

“මොකක්ද අවුල....?”

“මට ඔරලෝසුවක් නෑනේ බන් වෙලාව බලන්න....”

“ර්ර්ර් අනේ යකෝ ඔය ජන්ගමයා තියෙන්නේ බලනවකො එකෙන් වෙලාව....”

“ එකේ වෙලාව වැරදියි බන් අද එලාම් එක ඕෆ් කරන්න ගිහින් ජන්ගමයා ඇඳෙන් වැටිලා කෑලි 3ක් උනා ඉතින් මන් වෙලාව හද හද හිටියේ නෑ....”

“ හපෝ ඇති ඇති ....”

ඔන්න ඉතින් කතාව එහෙම්මම සාමදාන කොරගෙන කස්ටිය මියුසියම් එක ලඟින් බැහැගෙන පාරෙන් අනිත් පැත්තේ තියෙන මියුසියම් එකට ගියා කියමුකෝ.



ඉතින් ඔහොම ඇතුලට ගිය ගමන්ම තියෙන්නේ තොලුවිල බුද්ධ ප්‍රතිමාව



ඒ එක්කම වගේ තියෙනවා මේ කෞතුකාගාරේ ගැන පොඩි විස්තරයක්.  මේ විස්තර ටික නම් ලියාගත්තේ මීට කලින් වෙලාවක අපේ ඉස්කෝලේ ඉතිහාස සංගමෙන් කෞතුකාගාරේට ගොඩබැස්ස වෙලාවක. වාසනාවට ඒ පොත මට හොයාගන්න පුළුවන් උනා මොකද මගේ කාමරේ පොතක් එහෙම ඕනේ වෙලාවට හොයන්න ගියොත් ආයේ එකපාර හොයාගන්න වෙන්නේ නෑ කාමරේ අනිත් පැත්තම හරවලා ඕනේ හොයාගන්න එක්කෝ පොත හොයන අදහස අතහැරගන්න ඕනේ :D

මේ කෞතුකාගාරේ  පටන් අරගෙන තියෙන්නේ 1877 ජනවාරි 01 වෙනිදා එතකොට ඒ කාලේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වරයා වශයෙන් හිටපු ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ගේ අදහසක් වශයෙන් තමයි මේ කෞතුකාගාරේ  පිහිටුවල  තියෙන්නේ. ඉතාලි ගෘහ නිර්මාණශිල්පයට අනුව තමයි මේ කෞතුකාගාර ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ගෘහනිර්මාණ ශිල්පියා තමයි  ජේ.පී. ස්මිදර් කියන පුද්ගලයා.

ඔන්න ඉතින් ඔහොම යනකොට කෞතුකාගාරේ  නරඹන්නන්ගේ පහසුවට එක එක යුග වලට බෙදලා තියෙන්නේ. අපි පොලොන්නරුව යුගයේ කෞතුක වස්තු බල බල ඉන්නකොට මන් දැක්කා නද්දායි පුංචි සුරංගනාවීයි මොකක්ද එකක් දිහා බලාගෙන බර කයියක් ගෙන ඉන්නවා. මාත් ඉතින් හොට දාන්න ඕනේ කමටම ඒ පැත්තට ගියා. බලනකොට මේ දෙන්නා බලන් ඉන්නේ ශිව ලිංගේ දිහා.



“ මේ මොකක්ද බන්....?” එහෙම ඇහුවේ නද්දා

“ ඇයි අකුරු බැරිද අර යටින් තියෙන්නේ මොකක්ද කියලා.......”

“හරි එකේ තියෙන්නේ ඉතින් ශිව ලිංගේ කියන්නේ හින්දු ආගමේ අය වන්දනාමාන කරනවා කියලා විතරනේ........ මට තියෙනවා ප්‍රශ්නයක්.........”

අහ්හ් ....... මට මුලින්ම කියන්න අමතක උනානේ මේ නද්දා කියන්නේ කොහේ ගියත් ප්‍රශ්නයක් හිතන කෙනෙක් ඇත්තටම ප්‍රශ්නයක් තිබුනේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. දැන් ඉතින් මෙතනට ඇවිදිනුත් මේකාට ප්‍රශ්නයක් ඇවිත්නේ ඔන්න ඉතින් මන් ඇහුවා මොකක්ද උද්ගත වෙලා තියෙන ප්‍රශ්නේ කියලා.

“ ඉතින් මොකක් නිසාද හින්දු අය ශිව ලිංගේ ට වඳින්නේ.........?

හොඳ වෙලාවට කියාගන්න බෑ ඉතිහාසේ කලේ ඉතින් ඔන්න ඒකත් කියලා දුන්නා තව ඉතින් හින්දු ජනතාවගේ විශ්වාසයක් තියෙනවලු මේ ශිව ලිංගය කිරි වලින් දෝවනය කරන කිරි දරු ගැබක් බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවොන්ට බොන්න දුන්නාම ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා කියලා.......... මේ කතාව කියාගන්න බෑ අහපු දෙයක් ඒකතාව කිව්වේ කියාගන්න බෑ ගේ ඉතිහාසය උගන්නන ගුරුතුමී තමයි. 

ඉතින් ඔන්න එක එක යුග ලස්සනට බලාගෙන යනවා කියාගන්න බෑ ට නම් හෙන හැපී ඒ උනාට ඉතින් අනිත් තුන් දෙනාට යන්න හදිස්සිය වගේ මොකද කියලා බැලින්නම් මුන් තුන්දෙනාට ගෝල් ෆේස් පැත්තටත් යන්න ඕනෙලු මේකේ මෙච්චර වෙලා ඉන්න ගියොත් එහෙ යන්න වෙන්නේ නෑ ලූ ...... ශිකේ ඕකනේ ඉතින් මොනවා කරන්නද බහුතර කමත්තනේ කියලා කියාගන්න බෑ ත් හිත හදාගෙන කෞතුකාගාරෙන් එලියට ආවා......


ගමනේ විස්තර දිග වැඩි වෙලා නොවෑ....! එහෙනම් මතුවට සම්බන්දයි හොඳේ ........? 




23 comments:

  1. කියාගන්න බෑ ටිකක් සැරයි වගේ.කට්ටියම කිව්ව ගමන් ඔයාගෙ තීරණයට එකඟ වෙලා තියෙන්නෙ ;)

    //අද උදේ "තේක" බොන ගමන් මට මතක් උනා//
    //තව ටිකෙන් කටට හලාගත්ත "තේ" ටිකත් රිවර්ස් වෙනවා //
    //කෝප්පේ අඩියේ ඉතුරු වෙච්ච "කෝපි කුඩු" ටික දිහා බලාගෙනම//

    මේ ටික කියවද්දි මට ටිකක් පැටලුනා වගේ නංගි :-/

    ReplyDelete
    Replies
    1. අපෝ කියාගන්න බෑ ටිකක් වත් සැර නෑ......:)

      ආ මේකයි ඒක මෙහෙමයි ඔයා තේකට කොපි චුට්ටක් දාලා බලන්නකෝ ( ඒ කිව්වේ කිරි තේකට) :)

      Delete
  2. Replies
    1. ඊට පස්සෙ කියාගන්න බෑ සැට් එක දැක්කලු දුටු ගැමුණු රජ්ජුරුවොන්ගෙ අසිපත.. ඕක දැකපු වෙලාවෙ ඉඳන් මේ සැට් එක හිතාගත්තලු ඕක උස්සනවමයි කියල.. කොහොම හරි ප්ලෑන සාර්ථකයි.
      කටුගේ බින්දෙ මේ සෙට් එක.. අහු උනේ අර අහිංසක කන්ගැට්ටව :P

      Delete
    2. හි හි අද කියාගන්න බෑ ගේ මව් තුමිය ගෙදර ඉතින් දවස තිස්සෙම ලැපා දිහා බලන් ඉන්නවා කියලා පොඩි දෝෂාරෝපණයක් කියාගන්න බෑ වෙත එල්ල උනා ඉතින් කතාවත් ටු බී කොන්ටිනිවූ කොලා

      Delete
    3. අසිපත උස්සලා මොනවා කොරන්නද කෙලින්ම බැංකුවක් බිඳිනවා මිස :P

      Delete
  3. ඈ.. බං මහ ලොකුවට ට්‍රිප ගිහින් අච්චර ලොකු කෞතුකාගාරෙක බලන්න තිබ්බෙ ඔය ශිව ලිංගේ විතරමද ? :P

    (විස්තර ටික නම් වැදගත්. දැනන් හිටියෙ නෑ ඕව)

    ReplyDelete
    Replies
    1. බලන්න නම් දේවල් තිබුනා එත් ප්‍රශ්නයක් උනේ ශිව ලිංගේ තමයි :P

      Delete
  4. මං ඕකට ගියේ ඉස්කෝලේ යන කාලේ මුලින්ම. ගිය ගමන් ඉස්සරහ ඇතුළු වෙන තැනම තිබුනේ බයිසිකල් කටුවක්. මං එකෙන්ම හිතා ගත්තා මේක නම් කටු ගේ ම තමයි කියල... :)

    මේ බ්ලොග් එක සින්ඩි වලට දාල නැද්ද..?

    ReplyDelete
    Replies
    1. :පී ඇත්තටම ඇයිද මේකට කටු ගේ කියන්නේ ?

      මේක සින්ඩි වලට දැම්මේ නම් නෑ

      Delete
    2. ඒ මොකෝ.. ඔන්න මං මගේ සින්ඩි කටුවට නම් දැම්ම.:)

      Delete
    3. ප්‍රශ්නෙට නම් උත්තරේ දන්නේ නෑ KGB :)

      Delete
    4. හානේ........ බොහොම පින් ඈ...... :))))

      ඔන්න ඔහේ ප්‍රශ්නේ අමතක කරමු :P

      Delete
  5. දැන් නම් මටත් කියාගන්න බෑ....
    මට හිතුන දේවල්ම යසිත් මලයට හිතිලා නේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට මොනවද හිතුනේ? ඔයත් යනකොට බයිසිකල් කටුවක් දැක්කද? :D

      Delete
    2. අසිපත සහ ශිව ලිංගය ගැන..

      Delete
    3. මේකයි ඉතින් ඔක්කොම ලියන්න ගියොත් මේක නවත්ත ගන්න බැරි වෙනවනේ ආ තව දෙයක් තිබුනා " ජය කුන්තය" :D

      Delete
  6. මමනම් මේ ළඟදිත් ගියා. :)

    ReplyDelete
    Replies
    1. එකනේ එකනේ මොනවද දැක්කේ ? :)

      Delete
  7. මාරම ලැජ්ජාව මම තාම කටු ගෙට ගිහිල්ල නෑනෙ.... ඔතනින් අනන්ත අප්‍රමාන ගිහිල්ල තියෙනව.,... ඇතුලට ගිහිල්ල නෑ.... ලස්සනද.... මොනවද බලන්න තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් යන වෙලාවක පොඩ්ඩක් බලන්න යන්න. ඒත් ඉස්සර වගේ එච්චර බලන්න දෙයක් නෑ කියලා තමයි මට හිතුනේ.....

      Delete
  8. පොළොන්නරුවේ තිබ්බ එක උස්සලද ... හයියූ :P

    ReplyDelete