Friday, January 11, 2013

මගේ ගමන සහ මගේ සෙරෙප්පුව.... 02 වෙනි කෑල්ල


ඔහොමයි කියලා ඉතින් ආවා කියමුකෝ එලියට එතකොට තමයි කියාගන්න බෑ ට මතක් උනේ සූටි කාලේ අම්මයි තාත්තයි එක්ක ඇවිත් බලනකොට සත්තු ඉන්න පැත්තකුත් කෞතුකාගාරේ තිබුනා නේද කියලා. ඉතින් කියාගන්න බෑ හට ඒකට යන්න හෙන ආසාවක් තිබුනේ. කොහොම හරි අනිත් තුන් දෙනාට පින් අනුමෝදන් කරලා කැමැත්ත ගත්තා, ඒකටත් පොඩ්ඩක් හොට දාලා යන්න. ඔන්න ඉතින් කෞතුකාගාරෙ පිටිපස්සට වෙන්න තිබුන ස්වභාවික විද්‍යා කෞතුකාගාරෙ පැත්තට ආවා කියමුකෝ ඔන්න ඇතුලට යන්න ඕන්න මෙන්න තියෙද්දි

“ මිස්... ටිකට් අරන් යන්න .........”

“හුටා මේකටත් ටිකට් ඕනෙද......? අනේ මේ යමු යන්න ඔය සල්ලි වලින් අයිස් ක්‍රිම් කනවා ..........” 

වක්කඩේ ඇරියා වගේ එහෙම කිව්වේ නද්දා. කටේ සද්දේ කොච්චරද කියනවනම් එතන හිටපු මනුස්සයටත් ඒක ඇහුනා

“ පුතාලා තාම ඉස්කෝලේ යනවද.........”

“ අහ්හ් ... ඔව් අන්කල් .....”

“ මේකනේ පුතාලා...  මේ කෞතුකාගාරෙ නඩත්තු කරන්නයි තමයි එහෙම මුදලක් අය කරන්නේ. ඒකත් පොඩි මුදලක්නේ පුතාලගෙන් අය කරන්නේ..... පිටරට අයගෙන් තමයි ටිකක් සැලකිය යුතු ගානක් අය කරන්නේ.........”

මාළුවා කට හින්දලු නහින්නේ මදැයි ඉතින් කොලා ඔය අහගත්තෙ. පොලොව පලාගෙන යන්න හිතුනත් ඉවසගෙන හිටියා අන්තිමට පොලව පැලුව එකටත් ගෙවන්න වෙයිනෙ. ඔන්න ඉතින් අපි තුන් දෙනාම නද්දා ව කන්න වගේ බලන් ඉන්නකොට නද්දාට තේරුණා මෙතනින් ශේප් උනත් අපෙන් නම් කාලා හමාරයි තමයි කියලා.

“ අනේ අන්කල් එහෙම හිතලා කිව්වා දෙයක් නෙමෙයි අන්කල් මට සමාවෙන්න..........”

හප්පේ මෙන්න නද්දා හෝ ගාලා කියවනවා. අපිත් ඉතින් ශෝක මුඩ් එක මුණ ට අරන් බිම  බලාගත්තා. ඉතින් අපි ටිකට් ගත්තා කියමුකෝ ඇත්තටම වැඩි ගානක් නෑ ළමයින්ට ටිකට් එකක් රු. 20 යි. වැඩේ කියන්නේ අපි ඇතුලට යනකොට අර අන්කල් අපිත් එක්කම ඇවිත් කෞතුකාගාරෙ  හැම දෙයක් ගැනම විස්තර කරලා කියලා දුන්නා.

ෆොටෝස් ගන්න නම් ඉතින් අවසර පත්‍රයක් ගන්න ඕනේ. කියාගන්න බෑ කට්ටියට එච්චර සල්ලි තිබුනෙත් නෑ .අනික ඉතින් එහෙම පින්තුර අරන් කොරන්න දේකුත් නෑ නේ? බලපත්‍ර වල ගණන් මිනුම් තිබුනේ මෙහෙමයි

සාමාන්‍ය කැමරා බලපත්‍රය
රු:   250.00
වීඩි‍යො/කැමරා බලපත්‍රය
රු:  2000.00

ඉතින් සවාභාවික විද්‍යා කෞතුකාගාරෙ ක්ෂීරපායි , උරග, පක්ෂි, මත්ස්‍ය , උභය ජීවි වගේ සත්තු වගේම දැනට ඉන්න වගේම වඳ වෙලා ගිහින් තියෙන සත්තු ගැනත් හරි අපුරුවට විස්තර කරලා තියෙනවා ඒ වගේම විවිධ වර්ග වලට අයිති ශාක වර්ග , පාෂාණ වර්ග ගැනත් විස්තර තියෙනවා සවාභාවික විද්‍යා කිව්වම ඉතින් ඒවත් අයිතියිනේ......?

ආ ඉතින් ඔහොම යනකොට ඉන්නවා සංරක්ෂණය කරපු ඇත්ත සත්තු ඒ අතරින් අර අපිත් එක්ක ආපු අන්කල් පෙන්නුවේ දිවියෙක්ව. ඒකා දැන් ඔහොම ගලක් වගේ හිටියට හෙන වැඩර් කෙනෙක් ලු. පුනානි දිවියා කියලලු කියන්නේ හෙන වැඩර් කිව්වේ....... ඉතින් මේ යාළුවා පන පිටින් ඉන්න කාලේ මිනිස්සු 13න් දෙනෙක්ව මරලා තියෙනවා මෙයාව අල්ලාගෙන තියෙන්නේ 1924 අගෝස්තු 16 වෙනිදා  ලු.

ඔහොම ඉතින් එක එක විකාර කියව කියවා යනකොට....කියාගන්න බෑ ගේ හිත ගත්ත දෙයක් තමයි සර්පයෝ .ඉතින් බෝතල්ගත් කරලා ඉන්න සර්පයෝ දිහා බලන් ඉන්නගමන් අර අන්කල් කිව්වා දවසක් කෞතුකාගාරෙ  බලන්න ආපු පොඩි එකෙක්ද කොහේද අතින් ගහල ඒ බෝතලයක් වැටිලා බිඳිලා. එතන පොලව පිච්චුන පාර තාම තියෙනවා. 

ඔන්න ඔහොම ඉතින් ඒ සවාභාවික විද්‍යා කෞතුකාගාරෙත් බලලා එලියට ආවා කියමුකෝ ඊට පස්සේ අපේ කස්ටියට ආපු රාජකීය පුරස්නේ තමයි කොහේ ඉදන්ද දවල්ට කන්නේ කියන එක.

“ අර තියෙන්නේ බන් කැන්ටිම යමු යමු...........”

“ බෑ බන් එකේ ඇතුලට වෙලා කනකොට නිදහසක් නෑ ........ වටපිට බලන ගමන් කන්න ඕනේ........”

“ මේකාට සත්තු බලලා ඔලුව විකාර වෙලා...... වටපිට බලන්නයි කන්නයි දෙකක් එකට බෑනේ කාලා ඉවරවෙලා ඕනනම් වටපිට බලන්න........ මෙන්න මෙහෙ යන්........”

“ ඒ මේ අපි විහාරමහාදේවි එකට  යමුකෝ බන් එතැනදී කමු..........”

“නරකම නෑ ඇවිදගෙන යන දුරනේ එහෙනම් යමු.......”



අපිත් ඉතින් ගියා කියමුකෝ විහාරමහා දේවියට හයියෝ කපුටෝ ........... මදැයි ඉතින් කාපන්කෝ ටකරම් කියලා ඉතින් ඉස්කෝලේ පුරුද්දටම ගෙනාපු බත් මුල දිගඇරගෙන වටවෙලා  කෑවා....

 ඉතින් ඒ අතරේ වටපිට බල බල කන්න ඕනේ කිව්ව අපේ පුංචි සුරංගනාවී වට පිට බලනගමන්

“ අර බලන්නකෝ අර අක්කයි අයියයි මොකක්ද කරන්නේ හෙවනකට වෙලා මුණත් කුඩේකින් වහගෙන........”



“ අනේ මේ පව් නොදී මේ බත් එක දිහා බලාගෙන කනවද බබා වෙන්නේ නැතුව.........?”

ඔන්න ඉතින් සුරංගනාවී අවට සුන්දරත්වය වින්දනය කරන එක පසුවට කල් දාලා කන්න පටන් ගත්තා.

දැන් ඉතින් කස්ටිය කාලා එහෙම ඉවර වෙලා ගත්තා කියමුකෝ ෆොටෝ. සිරාවට කව්රු හරි අපි දිහා බලාගෙන හිටියානම් අනිවා හිතනවා මුන්ට නම් පිස්සු කියලා... හොඳ වෙලාවට එතන අපි දිහා බලන්න කෙනෙක් හිටියේ නෑ  ඔක්කොම වගේ හිටියේ ඉරට්ටේ ඉල්ලක්කම් නිසා එයාලා එයාලගේ වැඩ.

ඊටපස්සේ ඉතින් අපේ කස්ටිය ගාලු මුවදොර පිටිය දක්වා යන බස් එකකට නැග්ගා නැග්ගා කියමුකෝ ටිකට් ගන්න හදනකොට තමයි දැක්කේ මේක අනිත් පැත්තට යන බස් එකක් කියලා. ඉතින් ලැජ්ජ නැතුව ශේප් එකේ ඊලග හෝල්ට් එකෙන් බැහැලා හරි බස් එකේ බෝඩ් ලෑල්ල බලලා නැග්ගා.

ඉතින් බස් එකෙන් බැහැලා ටික දුරක් යන්න තියෙනවනේ. ඔය අස්සේ තමයි කියාගන්න බෑ දැක්කේ පාලමක් යට ඉන්න පෙලිකන් කුරුල්ලෙක්ව.

“ ඒයි නද්දා අරබලන්න පෙලිකන් කෙනෙක්.........”

“ මොකෙක්..........?”

“ අර.. ඉන්නේ බන් කුරුල්ලෙක්. ලොකු හංසයෙක් වගේ.......”

“ කෝ බන්......”

එහෙම කියලා නද්දා මගේ ළඟටම ආවා හයියූ ........ විනාසයි......... සියලු දේ අනිත්‍යයි කියලා නද්දා මගේ සෙරෙප්පුව පෑගුව ආනිසංසය හේතුකොටගෙන සෙරෙප්පුව දෙකඩ උනා.....!



“හප්පේ ! සොරි බන්......”

මූ මෙතන සොරියක් කියන්න එන්නේ මගේ සෙරෙප්පුව කඩා බිඳ දැම්මාට පසුවය. ශිකේ මන් මෙකාටනේ කුරුල්ලෝ පෙන්නන්න ගියේ. කොරන්නට මෙලෝ දෙයක් නැත. ඒ අස්සේ දිගා සහ සුරංගනාවීද එතනට පැමිණ තතු විමසා එක එක යෝජනා කරති.

“ ඕකට අපි කට්ටක් ගහමු........”

ඔන්න දැන් සෙරෙප්පුව කට්ටක් මගින් පාස්සා ගැනීමට හෙන ගෙමකි. පාරේ යන මිනිස්සුන්ද එකා දෙන්නා අප දෙස බලමින් යයි ඒ අතර පා පැදියකින් යන කොලුකම ඔලුවටම ගැසූ කොල්ලන් දෙදෙනෙකි

“ ආ...... මොකෝ නංගී පාලමෙන් වතුරට පනින්නද බලන්නේ.........?”

එහෙම කිව්වා පමණි. ඉස්සරහ තිබුන ගලක හැපී දෙදෙනාම බිමට පතබරියන් වෙන්නට ගියෝය. අපිට ඉතින් හිනා ගියේ නෑ ලූ.

ඉතින් සෙරෙප්පුවට හෙන ගේමක් දී කට්ට අමුනාගෙන අපි එතනින් යන්න ගියෙමු. අඩි  දහයක් ගියේ නැත කට්ට ගැලවී  කියාගන්න බෑ ගේ කකුලේ ඇනුනි. ඔන්න ඉතින් ආයෙත්

“ අපි මේක සුපර් ග්ලූ ටිකකින් අලවමු.........”

“ දැන් කෝ සුපර් ග්ලූ තියෙනවද..........?”

“ නෑ ඉතින් මන් මේ කිව්වේ අපි කඩේකින් ගමු....”

ඔන්න ඉතින් කියාගන්න බෑ  කකුලක් අද්ද අද්ද ඇවිදගෙන යනවලු. එත් සුපර් ග්ලු එකක් ගන්න කඩයක් තියා ස්රෙප්පුව මහගන්න වත් තැනක් හම්බුනේ නෑ අප්පේ ඒකනම් පෙර කල පවක්ද කොහෙද. ඔන්න ඉතින් ඉස්සරහ පෙන්න තියෙනවා චෙක් පොයින්ට් එකක්.

“ අන්කල් මේ ළඟ තියෙනවද බුක් ෂොප් එකක්......?”

“ මේ පැත්තේ නම් නෑ .......... ඇයි මොකක් හරි හදිස්සියක්ද...........?”

“ඔව් මේ සුපර් ග්ලු එකක් ගන්න අන්කල්.......... එහෙනම් අපි යනවා.......”

ඔන්න ඉතින් අපි එතන පහුකරගෙන යනකොට එතැන හිටපු තව කෙනෙක් අහපි

“ ආ........ සුපර් ග්ලු හොයන්නේ මේ නංගී ගේ සෙරෙප්පුව අලවන්නද........?”

හයියූ........ ඉතින් මට නද්දා ව කතහැකි. ඔහොම ඉතින් ගෝල් ෆේස් එකටත් ගියා කියමුකෝ බැලූ බැලූ අත තිබුනේ කුඩ. රෝස පාට කුඩ, කළු කුඩ, මල් මල් කුඩ ආදී එකී මෙකි නොකී ජාතියේ කුඩ 



කුඩ අතරේ මේ දෙන්නව දැක්කම ටිකක් බලන් ඉන්න හිතුනා...  මුහුද දිහා බලාගෙන හිටිය කෙල්ලගේ මුණ දිහා බලාගෙන කොල්ලා මොනවා හිතුවද මන් දන්නේ නෑ ඉතින්... කියාගන්න බෑ ට සින්දුවක් මතක් වෙලා කියන්න හැදුවත් නද්දා කියාගන්න බෑ ගේ කට වැහුවේ කියාගන්න බෑ සින්දු කියන්නන ගියොත් වෙන නස්පැත්තිය දන්න නිසා.


ඉතින් ටික වෙලාවක් වෙරළට වෙලා ඉඳලා ටිකක් මුහුදු රැල්ලත් පාගලා අපි යන්න ලෑසති උනා හපොයි හෙන වැස්සක් කඩන වැටුනානේ! කුඩයක් ගෙනල්ලා තිබුනේ හෙවනටත් කුඩේ ඉහලාගෙන යන දිගා විතරයි .කරන්න දෙයක් නෑ වැස්සේම ගිහින් 138 ක නැග්ගා.  ඉතින් නද්දා බහින්න කලින් කියාගන්න බෑ ගේ සෙරෙප්පු දෙක නද්දා ට දීලා නද්දා ගේ සෙරෙප්පු දෙක ඉල්ලගත්තේ කියාගන්න බෑ ට ටිකක් දුර යන්න තිබුන නිසා. කොහොම හරි ගෙදර යනකොට 8 ට කාලයි. 





27 comments:

  1. පිස්සු ඩයල් ටිකක්නේ.ඔයාටම ගැලපෙන යාලුවෝ සෙට් එක අෆ්ෆා..)))
    විස්තර ප්‍රචාරය නියමයි..!ගෝ ඔන්..))

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත. ඒත් ඒ යාලුවෝ දැන් දකින්නත් ලැබෙන්නේ කලාතුරකින් :(

      තැන්ක්ස් වේවා!:)

      Delete
  2. දාල තියෙන පින්තුරනම් කිලිපොලා යනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් එව්වා google දෙයියෝන්ගෙන් තමයි ඉල්ල ගත්තේ

      Delete
  3. ඩිස්ක්ලෙමර්-
    මෙම දර්ශණ දැකීමෙන් ඔබේ දරුවාද ඊට ඇබ්බැහි විය හැකිය...

    ReplyDelete
    Replies
    1. ඔය ගස් යට ඉන්න කළුකුමා ජෝඩු... :D

      Delete
    2. ආ ඒ ඉන්නේ කලුකුම්ස් ජෝඩු ද? :D

      Delete
  4. රහස් පරීක්ෂක යසිත්ගේ සොයාගැනීම්-
    නිත්‍ය වශයෙන්ම කියාගන්න බෑ ගොස් ඇත්තේ බාලිකා පාසලකට බව

    ReplyDelete
    Replies
    1. හරි නේද ? ඒකයි මේ යුගල පද කෙරෙහි දැඩි බියක් හෝ ඊර්ෂ්‍යාවක් හෝ වෛරයක් දක්වන්නේ....... :P

      Delete
    2. හරි හරි ඕකට ඉතින් සොයාගැනීම් කොරන්න ඕනේ නෑ හි හි
      /යුගල පද කෙරෙහි දැඩි බියක් හෝ ඊර්ෂ්‍යාවක් හෝ වෛරයක් දක්වන්නේ../
      එහෙම නෑ ඉතින්

      Delete
  5. යස සැට් එක.. :D

    ReplyDelete
  6. //“ අර බලන්නකෝ අර අක්කයි අයියයි මොකක්ද කරන්නේ හෙවනකට වෙලා මුණත් කුඩේකින් වහගෙන........”//

    //හපොයි හෙන වැස්සක් කඩන වැටුනානේ!//

    තේරෙන්නේ නැද්ද ළමයෝ, ඔය අක්කල අයියල කලින්ම දන්නවා වැස්සක් එනබව.

    ReplyDelete
    Replies
    1. ඉතින් අයියේ වහිනකොට කුඩේ එලියට ගත්තාම මදිය? :D

      Delete
  7. ada thama awe me paththe..innako hemeeta kiyawanna
    welawaka....
    dan welawa newe..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා :D

      කිසි අවුලක් නෑ... නිවාඩු පාඩුවේ ඇවිත් කියවලා බලන්නකෝ........:)

      Delete
  8. සික්කේ!!!

    මං වගේ පොඩි උන්ට මේ වගේ ඒවා පෙන්නනවද ඈ? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොයි වගේ එව්වද මහ රජ.....?:D

      එසේම වේවා රාජ රාජ සම්පත් ලැබේවා..!

      Delete
  9. අෆ්ෆටසිලි!!! මරු පින්තූර ටිකනෙ බොලේ!!! :p හරිනම් මෙව්වට කොටු දාන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. අනේ කොටු දාන්න එපා ඉතින් :P

      Delete
  10. අඩේ පට්ටම ගමනක් ගිහිල්ල වගේ..... ජීවිතේ කොහොමත් සුන්දරයිනේ....... එහෙම තමා ඉන්න ඕන .....

    ReplyDelete
  11. යන්න ඕනේ ගෝල්ෆේස් ... කුඩේකුත් අරගෙනම... ;)

    ReplyDelete
    Replies
    1. හා හා ඔව් ඉතින් හදිස්සියේ වැස්සොත් කුඩේ නැත්නම් ඉවරයි නේ ;)

      Delete