Thursday, December 13, 2012

12.12.12 දා


අද මාත් ගියා පොඩි වෙනසකටත් එක්ක සූ එකට. කියාගන්න බෑ මෙලෝ රහක් නෑ ශිකේ ආපු ගොන් කම කියලා හිතුනා එත් මොනවා කරන්නද ටිකට් එක ආපහු දීලා සල්ලි ඉල්ලන්නද ....? ඉතින් ඔන්න ඔහේ රුපියල් 100 ට හරියන්න ඇවිදලා එනවා කියලා හිත හදාගෙන ගියා.

මන් ඉතින් කවද්ද පිළිවෙලකට වැඩක් කලේ අංක 1 ඉදන් බලන්නම කියලා නීතියක් නෑ නේ කියලා මින් මැදුරට යන්නැතුව මන් ගමන ආරම්භ කලේ අර පාට 2 කේ සත්තු ඉන්න පැත්තෙන් අහ්හ් ඒ කිව්වේ අර සීබ්‍රා  කියන කළු සුදු කෙනා. මාත් ඉතින් ඔහේ ඇවිදගෙන යනවා  එක සතෙක් වත් කෑ ගහන්නේ නෑ මට එතකොට තමයි තේරුනේ  අපි ඉස්කෝලෙ ඉන්නකොට එහා පන්තියේ මිස් ඇවිත් අපිට කෑගහන්නේ....... “ මේක හරියට සත්තු වත්තක් වගේනේ .......”  කියන එකේ තේරුම ( ඒ කියන්නේ කිසි සද්දයක් නෑ කියලනේ :P මේකේ හැටියට එහෙම තමයි වෙන්න ඕනේ)

ඇවිදින ගමන් මැකෝ සෙට් එකක් දැක්කා හ්ම්ම් තව උකුස්සෝ සෙට් එකකුයි මුහුදු රාජාලියෝ නඩේකුයි. ඔන්න ඔය අස්සේ තමයි මන් දැක්කේ කලින් දැකපු නැති සතෙක්ගේ නමක් තියෙන කූඩුවක් “කොමොඩෝ ඩ්‍රැගන් (Komodo dragon) මොකෙක්ද අප්පේ ඒ ! කෝකටත් පස්සට වෙලා ඉන්න ඕනේ මොනවා උනත් ඩ්‍රැගන් කෙනෙක්ලුනේ  කව්ද දන්නේ ගිනි පිඹින මකරෙක්ද කියලා. මන් ඉතින් බැලුවා කෝ කියලා ම්හු... කෝ නෑ නේ ......!  මූ කොහේ ගිහින් ද? අපි එයාව බලන්න යනකොට එයා වෙන කෙනෙක් බලන්න ගිහින්ද මන්දා ( එහෙම වෙන්නත් බැරි නෑ නේ නේද?) වැඩක් නෑ ඔන්න ටික වෙලාවකින් කොහෙද මුල්ලක ඉදන් සතෙක් ආවා ආ හරි මෙන්න ආවා  කොමොඩෝ ඩ්‍රැගන්..! මොකක්...! මේ මොකෙක්ද...? මූ මේ කොහෙද යන ලේනේක්නේ  ශිකේ දෙවෙනි පාරටත් මගේ බලාපොරොත්තුව දියවුනා.

කමක්නෑ  ඔන්න ඔහේ බෝඩ් කෑල්ලේ ලියලා තියෙන ටිකවත් කියවලා යනවා කියලා බැලුවා. මූ වඳ වීගෙන යන සතෙක් ලු! හුටා ඒ කියන්නේ මෙතන හිටපු එකාට මොකද උනේ ...


මේ ඉන්නේ ඒ කියපු එකා තමයි

ඉතින් මන් රිලව් , බැබුන් ,ඔරන් ඔටන් ලා කට්ටිය බලන් එනකොට එනවුන්ස්මන්ට් එකක් දෙන්න ට්‍රයි දෙකක් දෙන සද්දේ ඇහුනා ආයේ ඕක මොකක්ද ඉතින් ෂුවර් එකට අහවල් අය සමග පැමිණි අහවලා මගඇරී ඇත අහවල් අය අහවල් තැන මගබලා ගෙන ඇත වහාම අහවලා එතනට වාර්තා කරන්න කියල තමයි කියන්න යන්නේ.

වැඩේ කියන්නේ එහෙම එකක් නෙමෙයිනේ කිව්වේ ...

“අහවල් තැන , අහවල් පාරේ, අහවල් ප්‍රදේශයේ සිට පැමිණි අහවල් මහතා අද පළමු ප්‍රශ්නයට පිළිතුරු දී ජයග්‍රාහකයා බවට පත්ව ඇත.....”

ඒ මොකක්ද ඒ.. වෙනදා එහෙම එකක් තිබුනේ නෑ නේ! මන් වැරදිලා වෙන සත්තු වත්තකට වත් ආවද මන්දා. නෑ මට වැරදිලා නෑ ඒ කියන්නේ අලුත් වැඩක් සූ එකේ කට්ටිය පටන් අරන් වගේ. මොනවා උනත් හොදයිනේ. මට ඊළඟට කල්පනාවට ආවේ මොනවද දන්නෑ තෑග්ගට දෙන්නේ කියලා.  ගිෆ්ට් වවුචරයක් වගේ දෙනවනම් දෙවෙනි ප්‍රශ්නේ අහනකොට මටත් උත්තර දෙන්න බැරියෑ කියල හිතනකොටම ආයේ නිවේදකයා කෑගහන්න පටන් ගත්තා



“අද ජල ජීවී දිනය වෙනුවෙන් අසන ලද පළමු ප්‍රශ්නයේ ජයග්‍රාහකයා වන අහවල් මහතා හට මුහුදු සිංහයා සමග සජීවී ඡායා රූපයක් සදහා පෙනී සිටීමේ අවස්ථාවක් හිමි වේ. කරුණාකර ඒ මහතා පස්වරු 3 වනවිට මින් මැදුර වෙත පැමිණෙන්න.......”



මරුනේ අද ජල ජිවී දිනේ ලු ..... මරු දවසකනේ මාත් ඇවිත් තියෙන්නේ. ඒ වැඩෙත් මරු තමයි එත් ඉතින් කෝ දෙවෙනි ප්‍රශ්නේ? මන් වෙලාව බැලුවා. හපෝ තාම 12.30 යි අර මනුස්සයා ඉතින් හිටපන්කෝ 3 වෙනකම්. මාත් දෙවෙනි ප්‍රශ්නෙයි එකට උත්තර දීමයි අතැරලා ඉතුරු සත්තු ටික බලන්න ගත්තා.

ඒ ටිකේ හිටියේ සිංහයෝ, වලස්සු වගේ කට්ටිය එත් එකෙක්වත් ඇහැරිලා නම් හිටියේ නෑ බීලා වගේ වැටුන වැටුන තැන ඔක්කොම නිදි. මොනවා වෙලාද මන්දා... කොටියෙක්නම් ඇහැරිලා හිටියා එත් නිදි වගේ තමයි වැඩි වෙනසක් නෑ..


මන් ඒ ඔක්කොම බලලා 2 වෙද්දී එලියටත් ආවා. අර ප්‍රශ්නෙට උත්තරේ දුන්න මනුස්සයා 3 වෙනකම් ඉන්නවා ඇති හොද වෙලාවට දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියේ නැත්තේ. 


ප.ලි .....කැමරාවක් නැති දුක ඊයේ මට ආයේ දැනුනා කොහෙද ඉතින් මගේ කෑලි දෙකේ ජංගමයගේ වත් කැමරාවක් නෑ නේ.

ප.ලි  02......මට තව දෙයක් හිතුනා කැලේට වෙලා නිදහසේ ජිවත් වෙච්ච සත්තුන්ට  මේ සත්තු වත්තේ  නිදහස විතරක් නෙමෙයි හැමදේම සීමා කරලා නේද කියලා.  

10 comments:

  1. හික් හික්! අර පින්තුරේ ඉන්න එකා දක්කාම බඩපපුව හෝස් ගාලා යනවා! :D
    ඒක නෙවේ අර ජාතියේ මකරු ඔනි තරම් ඇලවල් වල ඉන්නවානෙ ? :S

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මොන මංගල්ලේට එකාට එහෙම නමක් දැම්මේ කියලා නම දැම්ම එකගෙන්ම තමයි අහන්න වෙන්නේ.
      තලගොයෙක් නෙමෙයිලු. කොහෙද ඉතින් අපිට අර හාවට වගේ යන යන තැන උස්සගෙන යන්න කැමක් නෑ නේ නැත්නම් අර බෝඩ් කෑල්ලේ වත් රූපයක් අරන් එන්න තිබුනා. :/

      Delete
  2. අපි නම් ඔය පොටෝ එකේ ඉන්න මකරට කියන්නෙ තලගොයා කියලා.... :P

    ~අනුහස්~

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා බලන්න ඔයත් ටිකක් එයා වගේනේ :P

      Delete
  3. කියා ගන්න බෑ නංඟිට ආපහු ඉස්කෝලෙ කාලෙ යාළුවො සැට් එක හම්බ වෙලා වගේ :P

    ReplyDelete
  4. :D ආ ඔව් අයියේ සමහර අයව හම්බුනා :P මන් නංගී ද?

    ReplyDelete
  5. මුහුඳු සිංහයා සමඟ පින්තුරයක් ..!මරුනේ :) හි හි ... මටත් ඔය zoo එකට ගියාම පිළිවෙලක් නෑ අප්පා ඔහේ හිතුන අතේ යනවා හික්ස්

    ReplyDelete
    Replies
    1. පින්තුරයක් ගන්න එක නම් මරු එත් වැඩේ කියන්නේ මුහුදු සිංහයා සම්ප්‍රාප්ත වෙන්න ටිකක් වෙලා යන එක:D හි හි අදුන ගන්න ලැබීම සතුටක් මගේ බෝට්ටුවේම කෙනෙක් වගේ:) ඇත්තටම මන් මේ ලදී තමයි දැක්කේ සූ එකේ අංක පිළිවෙලට බලන්න තියෙනවා කියලා:P

      Delete
  6. මං නම් සත්තු වත්තට ගිය කාලයක් මතක නෑ අප්පා. සත්තු වත්තෙ ඉන්න සත්තු හැම වෙලේම නිදාගෙන ඉන්නෙ උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න ඇති. මොකෝ උන්ට පාඩම් කරන්න, වැඩට යන්න කියල දෙයක් නෑනෙ. ඒ අතින් නම් උන් මාර ලකී ;)
    මොනව උනත් කැලේ නිදහසේ ඇවිදල ඉන්න සත්තු, මේ වගේ කූඩු කරල ඒත් නැත්තං පුංචි භූමියකට කොටු කරන වැඩේට නම් මං කැමතිත් නෑ. මිනිස්සු නම් ඔය වගෙ හිර කරන්නෙ වැරැද්දක් කලාම දඬුවමක් විදිහට. ඒත් කාටවත් වැරැද්දක් නොකරපු අහිංසක සත්තු????

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගියත් වැඩක් නෑ අක්කේ ඉස්සර වගේ නෙමෙයි කිසි ලස්සනක් නෑ. :) ඒක මටත් කල්පනාවට ඇවිත් තියෙනවා අපේ ගෙදර ඉන්න බව්වා උනත් කිසි වැඩක් නෑ කනවා බොනවා නිදාගන්නවා එකට අපි පාඩම් කරන්නයි විභාග වලට දුවන්නයි බරපතලම වැඩේ තමයි අපේ අම්මා ඌටත් පුතේ කියා ආමන්ත්‍රණය කිරීම :(

      එක තමයි තමන්ට ඕනේ කෑමක් හොයාගෙන කැලේට වෙලා තමන්ගේ පාඩුවේ හිටපු සත්තුන්ව අරන් ඇවිත් මිනිස්සුන්ට බලල සතුටු වෙන්න කුඩුවක හිර කරන එකනම් වැඩක් නෑ අනික සමහර සත්තුන්ට ඇවිදින්නවත් ඉඩක් නෑ අපායක් වගේ.

      Delete