Monday, November 19, 2012

පොඩි කතාවක්


නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ මට ඉතින් මතක් උනා එත් ඉතින් පටන් ගන්න විදිහක් නෑ වගේද මන්ද කමක් නෑ ඔන්න ඔහේ ලියනවා විස්තරේ දිග වැඩි වෙයිද මන්ද .

මේක උනේ කුරුණෑගල පැත්තේ ටිකක් පෝසත් කියන්න පුළුවන් පවුල් දෙකක් අතරේ. සමරසේකර පවුලේ එක දුවයි පුත්තු දෙන්නයි. වැඩිමලා තමයි දුව නම හිරුනි. හිරුනිගේ තාත්තා පොලිසියේ, අම්මා ටීචර් කෙනෙක්.හිරුනිලගේ ගෙදර තව නැවතිලා හිටියා හිරුනිලට ටිකක් දුරින් නෑදෑ වෙන අක්කා කෙනෙකුත්.
කරුණානායක පවුලේ හිටියේ එකම පුතා කසුන්. කසුන්ලගේ තාත්ත කලේ ලී බිස්නස් . ඔන්න ඉතින් මේ කට්ටිය තමයි කතාවට ඕනෙම කස්ටිය අනිත් අය ඉතින් පස්සේ ගමුකෝ.

හිරුනි මේ කියන කාලේ ඒ ලෙවල් කරන ළමයෙක් එයා කලේ බයෝ සයන්ස්. කසුන් හිරුනිව දැක්කේ ක්ලාස් එනකොට. ලස්සන අහිංසක හිරුනි දිහාට කසුන්ගේ හිත ඇදිලා යන එක ඉතින් නතර කරගන්න කසුන් හිතුවේ නෑ ඔන්න ඔහේ ඇදිලා ගියාවේ කියල ඉන්න ඇති.

කසුන් මේ අතරේ හිරුනිට  ලං වෙන්න හැදුවට එක ටිකක් අමාරු වැඩක් උනා මොකද හිරුනි වැඩිය කොල්ලොත් එක්ක කතාවට ගිය කෙනෙක් නෙමෙයි ඒ එයාගේ තාත්ත නිසා. හිරුනිගේ තාත්ත කොහොමත්ම කැමති උනේ නෑ හිරුනි කොල්ලොත් එක්ක හිතවත් කම් පවත්වනවට. ඉතින් ඔය හේතු මොනවා උනත් දවසක් කසුන් ක්ලාස් ඇරුන වෙලාවක හිරුනි ඉස්සරහට ගිහින්ම හිතේ තියෙන දේ කිව්වා. 


“හිරූ මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද........?”

“කව්ද ඔයා....? ”

මං ඔයාට කැමතියි හිරූ...... මං දන්නවා ඔයා ගැන ඔයා ටිකක් කල්පනා කරලා මට කියන්න............”

“මට කල්පනා කරන්න දෙයක් නෑ ....... මං කැමති නෑ.....”

“ප්ලීස් හිරූ එකපාරට ඔහොම කතා කරන්න එපා මං එන සතියේ මෙතනටම එන්නම් ඔයා එදාට හිතලා ඔයාගේ කැමැත්ත මට කියන්න හිරූ .......”

“ එහෙම හිතල කියන්න දෙයක් නැහැ මට කරදර කරන්න එපා..........”

ඔන්න ඔහොම තමයි එදා උනේ .....

කොහොමින් හරි ඉතින් හිරූ ඊලග සතියෙත් කසුන්ව මගෑරලා ගියා. ඔහොම ඉන්නකොට ඉතින් කසුන්ටත් තේරුනා හිරුනිගේ කැමැත්ත හම්බවෙන පාටේ කෑලිත් නෑ කියලා. දැන් ඉතින් කසුන්ගේ යාළුවොත් දන්නවා කසුන් හිරූ ට  ට්‍රයි කියලා.

ඉතින් මෙහෙම ඉවසල කසුන්ට ඇති වෙලා හිටියේ ඔන්න කොහොම හරි ක්ලාස් ඇරිලා යන දවසක කසුන් හිරූව කොහොම හරි නවත්තගත්තා. හිරූ ගේ යාලුවෝ ටිකත් නැවතුනා.

“ඔයා මාව මගරිනවා හිරූ.... ඔයාට තේරෙන්නේ නැහැ මං ඔයාට කොච්චර ආදරේ කරනවද කියල. ඔයාට තේරෙයි මං මැරුණ දවසට.....ඔයාව මට ලැබුනේ නැත්නම් මං වහ බොනවා .....”

කසුන් මෙහෙම කියාගෙන ගියේ  හිරූ ගේ යාළුවොත් ඉන්න තැන.මොනවා උනත් හිරූ ගේ හිතට මොකක්ද වෙලා ගියා කසුන් ඒ කතා කරපු විදිහට එත් හිරූ බිම බලාගෙන හිටියා විතරයි මුකුත් කිව්වේ නෑ. 


“ඔයා බය වෙන්න එපා හිරූ ඕකා ඔයාව බය කරලා කැමැත්ත ගන්න හදන්නේ....” චමෝදි කිව්වේ හිරූ කසුන් ගිය වෙලාවේ ඉදන් බය වෙලා වගේ හිටපු නිසා.

“එත් චමෝ....... මට බයයි....”

“බය වෙන්න එපා කෙල්ලේ එහෙම උනත් අපිට මොකෝ.........? මෙන්න මෙහෙ එන්න අපි යමු ”

හිරුනිට ඒ සිද්දිය අමතක කරන්න තරම් කාලයක් තිබුනේ නැත්තේ පහුවෙනිදා උදේම බයික් එකක ආපු දෙන්නා නිසා. ඒ සෙනසුරාදා දවසක් තාත්ත වැඩට ගියා විතරයි. බයික් එකේ සද්දේ ඇහිලා හිරූ ගේ අම්ම එලියට ආවා.

“මේ හිරුනි ගේ ගෙදරද..........?”

“ඔව් කව්ද මේ ළමයි..........?"

“ආන්ටි ...... අපි කසුන් ගේ යාලුවෝ.. කසුන් අද උදේ වහ බීලා... දැන් හොස්පිටල් ඉන්නේ.....”




මේ කතාව අහපු හිරුනි ට වටේ තිබුන හැමදේම කැරකෙනවා වගේ දැනුනා. එදා කසුන් කියපු වචන හිරුනිට කන ලගින් කියනවා වගේ ඇහෙන්න ගත්තා.  මොනවා උනත් හොද වෙලාවටද මන්දා හිරුනි කසුන් ගැන අම්මට කියලා තිබුනා. ඉතින් හිරූ ගේ අම්ම කලබල වෙන්නේ නැතුව ආපු දෙන්නගෙන් විස්තර අහගත්තා.

අනේ අම්මා අපි ගිහින් බලමුද.........? මට බයයි අම්මේ......” හිරූ අඬන්න ගත්තේ හිතේ තියෙන බයට.

“කලබල වෙන්න එපා ළමයෝ ...... අපි බලමුකෝ...”

අම්මා එහෙම කිව්වට හිරූ ගේ කලබලෙටම අම්ම කිව්වා ගෙදර ඉන්න අක්කත් එක්ක කසුන්ලගේ ගෙදර ගිහින් මොකද කියල බලන්න කියල. එක පාරටම හොස්පිටල් යන්න එපා කිව්වා. ඔන්න ඉතින් හිරූ අක්කත් එක්ක කසුන් ලගේ ගෙදර ගියා. කසුන්ගේ තාත්තා කියල හිතන්න පුළුවන් කෙනෙක් ඉස්තෝප්පුවේ පුටුවක ඉඳෙගන ඉන්නවා.


මේ දෙන්නත් එතනට කිට්ටු කළා. හිරූ ට කතා කරන්න එපා කියලා හිරූ ගේ අක්කා උදේ ඉදන් වෙච්ච සිද්දිය කසුන්ගේ තාත්තට කිව්වා. බලාගෙන ගියාම වැඩේ ඇත්ත. කසුන් ගෙදර තිබුන ස්ලීපින් ටැබ්ලට්ස් වගයක් බීලා ඔන්න දැන් ප්‍රයිවට් නර්සින් හෝම් එකක ඉන්නවලු. මේ කතාව අහපු හිරූ තවත් බය උනා. ඉන්න තැනත් අමතක කරලා හිරූ අඬන්න පටන් ගත්තා. ඔන්න එතකොට තමයි කසුන්ගේ තාත්ත ත් බැලුවේ කව්ද මේ කියලා.

එත් ඉතින් හිරූ අඩනවා ඇරෙන්න මුකුත් කියන්නේ නෑනේ එක කියන්න උනෙත් ඉතින් හිරූ ගේ අක්කටම තමයි. ඔන්න එතකොට තමයි කසුන්ගේ තාත්තට තේරුනේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා.

“ඔය ළමයා කැමති නම් අපි දැන් යනවා කසුන් ව බලන්න.... කැමතිනම් එන්න අපිත් එක්ක...”

ඉතින් ඔහොම කියපු නිසා හිරූ යි අක්කයි කසුන්ගේ තාත්තත් එක්ක ගියා හොස්පිටල් එකට. මෙන්න ඉන්නවා කසුන් ඇඳක් උඩ හාන්සි කරවලා. සේලයින් එකක් නම් දෙනවා වැඩි අමාරුවක් නෑ වගේ. ඔහොම ඉන්නකොට තාමත් හිරූ අඩනවා. එතනට ඒ වෙලාවේ ඩොක්ට ත් අවා.

“ මේ මොකෝ මෙයා අඩන්නේ.......?”

මෙන්න දෙයියනේ හිරූ කෑගහන්න පටන් ගත්තා....

“අනේ මන් හිතුවේ නෑ එයා වහ බොනවා කිව්වට එහෙම කරයි කියලා...... මගේ යාළුවොත් කිව්වා එයා එහෙම කියන්නේ මාව බය කරලා කැමැත්ත ගන්න කියලා.. ඒ... ඒ......ඒගොල්ලෝ.... කිව්වා එහෙම උනත් මොකද කියලා.......”

හිරූ පොඩි එකෙක් වගේ කියව කියව අඩනවා.පැත්තක ඉදන් කතාව අහපු ඩොක්ට ට පොඩි හිනාවක් ගියා....

“ආ..... මේ මෙයා නිසාද මේ මෙහෙම වෙලා තියෙන්නේ....? බය වෙන්න දෙයක් නෑ... දැන් ගිහින් එයත් එක්ක කතා කරන්න ...”

මේ වෙනකොට ඉතින් හිරූ ගැන කසුන් ගේ තාත්තගේ හිතේ දුකකුත් තිබුනා පව් මේ කෙල්ල අහිංසකයි කියලා. ඉතින් කට්ටිය කසුන්ගේ ඇඳ ලගට ගියා. හිරූ කසුන්ට කතා කලේ ඇහෙන නෑහෙන ගානට. එත් ඉතින් කසුන්ට නම් ඇහුනා.





“දෙයියනේ මගේ කෙල්ල මන් ලගට ඇවිත්.........”

මෙහෙම කියල නැගිට්ට කසුන් නැගිට්ට ගමන් හිරූ ගේ අතින් ලගට ඇදල අරගෙන හිරූ ව කිස් කළා. විනාසයි කියල ඉතින් මන් කියන්න ඕනේ නෑ නේ? කසුන් එතකොට තමයි දැක්කේ තාත්තා ඇදේ එහා පැත්තේ කියලා.




පසුව ලියමි කියන්න බෑ මොකද ඉතින් දැන්ම තමයි මේ ටිකත් ලියන්නේ ..............


            මේක නව කතාවක්ද කෙටි කතාවක්ද කියන්න නම් මං දන්නේ නැහැ  ආදර කතාවක්ද මන්දා! ඉතින් එදා කසුන් අල්ල ගත්ත හිරූ ගේ අත නම් අතෑරියේ නැහැ. කසුන්ගේ ගෙදරින් කැමැත්ත හම්බුනා. හිරූ ගේ තාත්ත නම් අදටත් මේ වෙච්ච දේ දන්නේ නැහැ.හිරූ මෙඩිකල් ෆැකල්ටි ගිහින් සෙකන්ඩ් ඉයර් එකේදී කසුන් හිරූ ව බැන්දා .
මහා බොලද කතාවක්ද මන්ද මටත් එහෙම හිතෙනවා එත් ලියන්නම හිතුනා.




14 comments:

  1. මේ කතාවලට නමක් නැ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් මේ කල්පනා කලේ හොඳ වෙලාවට ඔයා කිව්වේ. නැත්නම් මේ තාම කල්පනා කරනවා

      Delete
  2. oyath liyannema mara kathane..hariyata nikan chana katha wage ewa.. :D

    ReplyDelete
  3. මේ ඔයාගෙ ජීවිත කතාවද ?

    කොල්ල මෝඩයි මට නම් හිතෙන්නෙ. ආදරේ වෙනුවෙන් වස බීපු නිසා නෙවෙයි. ඒත් ඌ දැන ගන්න ඕන කෙල්ලගෙ හිත දිනා ගන්න ක්‍රමයක්. හෙන ගහන්න වගේ කෙල්ලෙගෙන් ගිහින් අහපුවම එක පාරට කැමතියි කියන්නෙ මොන ලෝකෙද ?
    මේ වගේ දේවල් වලදි ඉවසීම උපරිමේටම ඕන. නැත්නම් බෑ. ආදරේ භෞතික පෙන්නන්න බැරි දෙයක්නෑ. ඉතිං ඒක අඟවන්න විතරයි පුළුවන්. කෙල්ලන්ට ඕන හිත පිරෙන්න ආදරේකට වඩා හිතට දැනෙන ආදරයක්.. (මං හිතන විදියට)

    ReplyDelete
  4. මගේ ජීවිත කතාව ඔයිට වැඩ වෙනස්..

    කොල්ල මෝඩයි කියන්නත් බෑ. මොකද කෙල්ලට වැඩිය ලං වෙන්න විදිහක් තිබුනේ නෑ මන් දන්න විදිහට. ඉතින් වෙලාව හම්බුනාම කියල දැම්ම. ඔයා කිව්වා වගේ ඒක කියපු විදිහ නම් හරි නෑ. මේකයි ඉතින් මේ මගේ වචන්නනේ කොල්ලා ටිකක් ආදරෙන් කියන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... කෙල්ලො තේරුම් ගන්න හරි අමාරුයි අෆ්ෆා..

      Delete
  5. කොල්ලොන්ටත් ඉතින් ඒ ආනිසංසෙම තමයි

    ReplyDelete
  6. කතාව හොඳයි. මේක ඔයා නිර්මාණය කලාද.. නැත්නම් සත්‍ය කතාවක් ද.?

    ReplyDelete
    Replies
    1. සත්‍ය කතාවක් ඇසුරෙන් කිව්වොත් හරි :)

      Delete
  7. ඔය තරම් දුර්වල හිත් හරිම භයානකයි..
    ඔය වගේ පුංචි ප්‍රශ්නෙකදි වහ බිවුව නම්, දෙන්න බැඳල ළමයි දෙතුන් දෙනෙක් හදපු කාලෙකට එකෙක් නිකමට වත් වැඩි උනොත් එහෙම අර ළමයි ටිකයි නෝනවයි අත ඇරල පස් හය පාරක් විතර වහ බොයි නෙ ඔය මනුස්සය...!!!

    අනික හැම දේම ලබාගන්නම උත්සහ කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි...!!
    අජීවී දේවල් නම් ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඒත් සජීවී දේවල්...?

    බැරි වෙලාවත් අර හිරූ ට වෙන පෙම්වතෙක් ඉන්න නිසා යාලු වෙන්න බෑ කියල කියල තිබුන නම්????
    මරා ගැනීමක් නේද එතනත්?


    ඒ උනාට කතාව නම් ලස්සනයි.... :)


    --ජය වේවා--

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවනම් සහතික ඇත්ත අක්කේ :)
      ඔන්න ඔයා කියපු නිසාම කියන්නම් මේ හිරූ ටයි කසුන් ටයි පොඩි කොලු පැටව් දෙන්නෙක් ඉන්නවා දැන් :)

      -- ජය වේවා--

      Delete