කියාගන්න බෑ කිය කිය හැමදේම කියන මටම වෙච්චි සන්තෑසියක් ගැන කියන්න හිතුනා..... කාලෙකින් මේ පැත්තට ආපු නිසා කට්ටියට මතකද දන්නෙත් නෑ ඉතින්... එත් එක්කෝ ඕනේ නෑ වගේ.. වෙන දෙයක් කියන්නම්කො
මේකත් එක අතකට සන්තෑසියක් තමයි ඒත් ඒක සන්තෑසියක් උනේ වෙන කෙනෙක්ට... කරන්න දෙයක් නෑ බ්‍රෝ... අනුන්ට කපන වලේ තමන්ටත් වැටෙන්න වෙනවා කියන්නේ මේවගේ සමහර දේවල් වලට වෙන්ට ඇති....
හා දැන් මේක කියවගෙන යනකොට හිතෙනවා ඇති යකෝ මේ කියාස්ට මොකක් හරි වයර් ෂෝට් එකක් වෙලා කතාව මැද ඉදන් පටාන් අරන් කියල. නෑ සහෝදර වරුනි නෑ... කියාස්ට මුල මතකයි... ඔන්න කතාවේ හැදින්වීම ....
ඔන්න කියාස්ගේ මුළු ලෝකෙම වගේ ඉන්නේ කියාස්ගේ අම්මා තමයි. ඒ දෙන්නා අතරේ කිසිම හොර වැඩක් නෑ. ( මේකයි ඉතින් කියාස් අම්මට හොරෙන් කියල දේකට කරන්නේ ගෙදරට ගෙනාපු කේක් එකෙන් හොරෙන් කෑල්ලක් කන එක වගේ හොර වැඩ තමයි....) සාමාන්‍යයෙන් කියාස්ගෙන් යාලුවෙන්න අහපු අය ගැනයි කියාස් කතාබහ කරන අය ගැනයි කියාස්ගේ මව් තොමෝ හොඳට දන්නවා.... කොටින්ම කිව්වොත් කියාස්ගේ මුණු පොතේ පාස්වර්ඩ් එක පවා. ඔන්න ඔහොමයි කියාස්ගේ අම්මයි කියාස්ගෙයි අතරේ තියෙන බැඳීම.
ඔය බැඳීම ගොඩක් අය දන්නේ නෑ ඉතින්. මොකද ගෙදරදී තමයි කියාස්ගෙයි අම්මගෙයි පිස්සු වැඩ තියෙන්නේ. පිට තැන් වලදී ප්‍රොෆෙෂනල් අම්මයි ළමයයි විදිහට දෙන්නා ඉන්නවා. ඕක නිසා ගොඩක් අය හිතන්නේ කියාස්ගේ අම්මා කියාස්ව ආණ්ඩු මට්ටු කරගෙන ඉන්නවා කියල.
හරි ඉතින් ඔහොම හිතාගෙන ඉන්න අය අතරේ කියාස් දැන් නැවතිලා ඉන්න බෝඩිමේ රූමාත් ඉන්නවා කියන එක මේ ලඟදි දවසක තමයි දැනගත්තේ.
ඔන්න ඊළඟට කියන්නේ මේකට හේතු පාදක වෙච්ච මෙව්වා එක .....
කියාස්ගෙන යාලුවෙන්න අහපු අයියෙක් හිටියා අපි එයාට කියමුකෝ වරුණ කියල. ;) ඉතින් කියාස් එයාට බෑ කිව්වා. එකත් හරි කියමුකෝ ඉතින්... ඔය සිද්දියත් කියාස්ගේ මව් තොමෝ දැනගෙන හිටියා.
දවසක් දා .... හැන්දෑවක .... කියාස් බෝඩිමට යමින් ඉන්න වෙලාවක මේ වරුණ අයියව නොසිතු ලෙස මුණගැහුනා.... ඉතින් මොකෝ තරහ කාරයෙක් නෙමෙයිනේ කියාස් කතා කළා යාලු ෆිට් එකට .... එතැනදී කතා කරලා එතනදීම ඉතින් යන්න ගියා එපමණයි. කියාස් බෝඩිමට ආවා. ඔන්න ඒ වෙලාවේම මව් තොමෝ කෝල් කරනවා.
අම්මා - මොකෝ කරනේ ?
කියාස් - මන් මේ ආව විතරයි අප්පා
අම්මා - අප්පා නෙමෙයි බං මන් අම්මා
කියාස් - හරි ඉතින් මගේ එක්කෙනා නේ ඔයා ^_^
අම්මා - කෑවද දවල්ට
කියාස්- කොහේ කන්නද දැන් ආවා විතරයි නේ ආ .... මේ මට අරයව හම්බුනා නේ
අම්මා - අරයා කව්ද?
කියාස් - වරුණ අයියා
අම්මා - ආ... ඉතින් ? කොහෙදිද හම්බුනේ?
කියාස් - බස් ස්ටෑන්ඩ් එක ලඟදි හම්බුනේ. මේ ලඟදි ඇවිත් තියෙන්නේ ලංකාවට
අම්මා - එහෙමද ඉතින් ලඟදි ආවනම් චොක්ලට් එකක් වත් දුන්නද ( ෆිට් එකට කිව්වේ )
කියාස් - ඒකා යන යන තැන චොක්ලට් අරන් යයි යෑ ඉතින්
අම්මා - මන් විහිලුවට කිව්වේ දුන්නත් ගන්නේ එහෙම නෑ කාගෙන්වත් හරිද? දැකලා කතා කලාට කමක් නෑ මනුස්ස කමට
කියාස් - හයියෝ හරි අනේ මන් එහෙම නෑ නේ සුදූ
අම්මා - හා හා ගිහින් ඇඟ සෝදාගෙන කන්න දාඩිය පෙරාගෙන මෙතන මටත් ගඳ එනවා
කියාස් - අපෝ මන් යනෝ
...............................
ඔන්න ඔහොමයි උනේ දුරකථන සංවාදේ. ඔතන ඒ වෙලාවේ රූමා හිටියා. ඒකා දනන් හිටියේ නෑ මන් කතා කලේ කවුරු එක්කද කියල. ඉතින් මන් නාන්න ගිය වෙලාවේ මූ කියාස්ගේ මව් තොමෝ ට කෝල් කරලා කියල මූ වරුණ කියල අයියා කෙනෙක් අද හම්බවෙන්න ගිහින් කියල.
හම්මේ නේ ?
අම්මා - ආ ඔව් පුතේ කියාස් මට කියලනේ ගියේ. ඇයි ඔයාට කියල නෙමෙයිද ගියේ ?
කාපං පරිප්පු රූමෝ .....
රූමා - අහ්හ් ! නෑ ආන්ටි .... මන් මේ .... ආන්ටි දැනගන්න ඕනේ නිසා කිව්වේ.... කියාස් ට කියන්න එපා මන් මෙහෙම කිව්වා කියලා
අම්මා - හරි පුතේ මන් කියාස්ට කියන්නම්කො ආයේ කරන කියන දෙයක් මට වගේම ඔයාටත් කියල කරන්න කියල.
ඔය වෙලාවේ මන් රෙදි හෝදන ගමන් මටත් ඇහුනා ඉතින් රහස් කතාවක් කියනවා. පස්සේ ගෙදර ආපු වෙලාවක තමයි දැනගත්තේ.
පරිස්සම් වෙයල්ලා බන් අගේ ඉඳන් කන කන එවුන් ඉන්නේ...... රූමා මෙහෙමයි කියල දැනගත්තේ ඔය සිද්දියට පින් සිද්ද වෙන්න...
චික්.. හරි කැත වැඩක්නේ.. ඒ වුණාට ඉතින් එතුමී ගැන දැනගන්නත් එක්ක හොඳයි ඔහොම දේවල් වෙන එක..
ReplyDeleteඔව් ඒක නම් එහෙම තමයි ඒත් එකට හිටපු කෙනත් මෙහෙමනේ
Deleteහ්ම්.............. හ්ම්..................
ReplyDeleteම්ම්ම් ම්ම්ම්ම්
Deleteකියන්නේ කොළඹ පැත්තේ භාශාවෙන්නේ නේද අප්පා.... අපොයි ඔව් ළග ඉන්න මිත්‍රයට ඔය වගේ හොර වැඩ ඔය අප්පා කියන එක මාත් නතර කලා...
ReplyDeleteමොකක්ද කොළඹ පැත්තේ භාෂාව ?
Deleteආ අප්පා? එකනේ ඉතින්
අප්පා කියන කෑල්ල වැටිලා නෑ අප්පා...
Deleteආ :) මේ මන් ඔයාව දන්නෝ ද?
Deleteමං හිතුවේ අක්මීමණින්ම පව්ලක් පන්සලක් කරගෙන සාමෙන් ඇකෙයි කියල හැක්
ReplyDeleteමොන පවුල් පන්සල් ද අප්පා තනිකඩ ජීවිතේ
ReplyDeleteලග හිටියත් ශුවර් තියන්න බැරි එවුන් නම් එමටයි ඉතින්.
ReplyDeleteකෙල්ලෝ කියන එවුන් ඒ අතරින් ඉහලින්ම ඉන්නවා
DeleteThis comment has been removed by the author.
Deleteකෝ ඉතිං අර කියාගන්ඩ බැරි කතාව? ඒක කිව්වෙ නෑනෙ...
ReplyDeleteඅන්න යාළුවො.. යාළුවා බය වෙන්න ඇති ඉස්කෝලේ කාලේ වගේ බස් කොන්දෙක් එක්ක සෙට් වෙලා කියලා..
ReplyDeleteසුභ 2016 නවා වසරකුයි ලඟදි එන අලුත් අවුරුද්දකුයි වේවා !