Friday, May 16, 2014

ආදරෙයි මන්......

මේ ලඟදි කියාස් වෙච්ච මගේ උපන්දිනේ තිබුනා ඒ කියන්නේ ඉතින් කියාස් දැන් ලොකු ළමයෙක් :) කියාස්ට හම්බුනා එකම එක උපන්දින තෑග්ගක් ඒ ඉතින් වෙන කාගෙන්වත් නෙමෙයි කියාස්ගේ පණ වගේ ඉන්න අම්මගෙන්. මට හම්බුනේ පොතක් ඒකෙ වටිනාකම උනේ. දවසක් මායි අම්මයි සරසවියට ගිය දවසක මට ඕනේ උනා ඒ පොත ගන්න ඒත් අම්මගේ අතේ ඒ වෙලාවේ එච්චර ගානක් තිබුනේ නෑ. ඉතින් මට වෙන පොතක් ගන්න හිතුනෙත් නෑ. එදා තමයි සරසවියට ගිහින් පොතක් ගන්නේ නැතුව ආපු එකම දවස. ඉතින් උපන්දින තෑග්ග විදිහට මට ඒ පොත හම්බුනාම පුදුම සතුටක් දැනුනේ. ඒ සතුට වැඩි උනා පොත ඇතුලේ අම්මගේ අත් අකුරෙන් මට ලියලා තිබුන නිසදැස දැක්කාම. 





රෝස මල් පෙති සුවඳ සලලා 

යොවුන් සිත ළඟ රොද බැඳෙයි
 
දෙව්ලොවක් නුඹ සිතේ මැවිලා
 
තුරුණු හැඟුමට හාදු දෙයි

හදවතේ මුදු ගුණය තවරා 

තුරුලතා පෙළ ගී ගයයි 

ඒ මිහිරි ගී ඇසී නැළවෙන 

නුඹේ සිතුවිලි සරැලි ලයි

සිතේ දළුලන පැතුම් මල් 
මිට 

සෙමින් පුබුදනු බුද්ධියෙන්

ජීවිතය නම් මෙයැයි නිවැරදි 

මගක පියවර තබා යං

දුකයි , අපහසුයි සිතන්නට එපා 

නෙලුම් පිපුනේ මඩේමයි 

සරා සඳ ලෙස දිලෙන් මගේ ලොව 

දුවේ නුඹ මගේ ප්‍රාණයයි ෴ 


2014 ..ෛවශාක්‍ය මස පසළොස්වක පොහෝදින ඔබ මෙලොව
 
එළිය දුටු දින වගේම පොහෝ දිනයක්.පසළොස්වක පොහොයක්.
 
පහළොස් වෙනිදා පසළොස්වක පොහොයක්.

සුභ උපන්දිනයක්
 
-අම්මා- 

6 comments:

  1. උපන් දිනයට පොතක් තෑගි දෙන්න තරං ඈ රසකාමියක් වගෙය් මට පේන්නෙ... මොනා වුණත් ඈට දුක හිතෙන්න ඇති එදා සරසවියෙන් එලියට එනකොට ඒක මතක තියං ඉදලම වෙන්න ඇති මේක දෙන්න ඇත්තෙ...
    මං එක පාරක් කියවන්න ට්‍රයි කරා ඒත් හිතට ඇල්ලුවෙ නෑ... හොදද පොත...
    බුද්ධදාසි කියවල තියෙනවද...
    ්‍ඒක නං පට්ට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් මගේ ජීවිතේට පොත් ලං කලේ අම්මා... උපන් දිනේට පොඩි කාලේ ඉදන්ම හම්බුනේ පොත්
      බෝනික්කෝ ඉන්න ලෝකෙට වැඩිය පොත් එක්ක කාලේ ගෙවන්න මන් ආස කළා පොඩි කාලේ ඉදන්ම
      පොත හොඳයි හෙමිට රසවිදින්න පුළුවන් පොතක්
      බුද්ධදාසි නම් කියවලා නෑ

      Delete
  2. සුබ උපන් දිනයක් කියාස්....... අර පොත මරු.......පරම්පරා පම්පෝරියේ නිරුවත....තමා එහි ඇත්තේ.... අම්මගේ වදන් වැලත් මරු...දැන් මොකද පේන්න නැත්තේ වැඩිය..

    ReplyDelete
    Replies
    1. :) බොහොම ඉස්තුතියි
      මේ දවස් වල ඉතින් ඉගෙනගන්න පලවෙනි තැන දීලා තියෙන්නේ ඒකයි පෙන්න නැත්තේ
      අනික මොකද මන්දා ඉස්සර වගේ කිසිම දෙයක් ලියන්න හිතෙන්නේ නෑ

      Delete
  3. කියන්න හිතෙන දේවල් කියාගන්න බෑ අෆ්ෆා...

    ReplyDelete