Sunday, December 15, 2013

බල්ලටම ගියා එහෙනම් ඈ.....

මෙන්න මෙහෙමයි ඉතින් අර කිව්වත් වගේ එහෙ ඉන්නකොට ගෙදර මතක් වෙනවා නැත්තෙමත් නෑ ඒත් හොස්ටල් ජීවිතේ පුදුමාකාරයි වෙලාවකට විවිධාකාරයි සම + හරක් වෙලාවට විෂමාකාරයි ( දන්නෝ දනිති) 
ඉතින් නිවාඩුවක් හම්බුන වෙලාවට ගෙදර ගෙනියන්න තියෙන හැම ලට්ට ලොට්ට ටිකම අර ට්‍රැවලින් බෑග් එකේ ඔබාගෙන ( වෙලාවකට ඉඩ මදි උනත් ඉතින් කරන්න දෙයක් නෑ කොහොම හරි ඒකටම තමයි දාගෙන එන්නේ) උදේ පාන්දර 2 ට විතර ඇහැරිලා බස් එකේ ඇඹරිලා තැලිලා පොඩිවෙලා කැරකිලා ( ලංකාවේ බස් ඉතින් වොෂින් මැෂින් වගේනේ ) පුළුවන් තරම් උදෙන් ගෙදර දොර ලඟට සම්ප්‍රාප්ත වෙන්නේ වෙන මොකටවත් නෙමෙයි කියාස්ගේ අම්මගේ මුණ බලාගෙන අම්මා උයපු මොනවම හරි ගිලලා ආයෙත් පොඩි නින්දක් දාන්න. 

ඔන්න ඔහොමයි කියලා මේ පාර කියාස් කුකුලත් අතේ අරගෙන(කියනවට කිව්වා මිසක් මන් ගෙනියයි කුකුලෝ, කුකුලෙක් කෙසේවෙතත් අර තඩි ට්‍රැවලින් බෑග් එක නම් තිබුනා) ගෙදර දොර ළඟටම ආවා කියමුකෝ. 

මම- ( ආදරණීය ස්වරයෙන්) අම්මේ මන් ආ...වා....
අම්මා - දොර ඇරලා තියෙන්නේ ඇරගෙන එන්න 

හපොයි මේ මොකද වෙනදට මොනවා උනත් ඇවිත් දොර අරින අම්මා. හා කමක් නෑ ඉතින් දොර ඇරගෙන ගේ ඇතුලට ගියා. හප්පේ ......... මේ මොකෝ මේ!!

අපේ ගෙදර බලු තඩියට අපේ අම්මා බත් කවනවා!

මම- මේ මොකෝ අම්මේ මේ?
අම්මා- මෙයා ඊයේ ඉදන් බත් කන්නේ නෑ 
මම- ඉතින් ? 
අම්මා- මන් කවනකොට කනවා 

මම- (ඇහෙන්න නෙමෙයි) හපොයි දෙයියනේ!

හා ඉතින් කමක් නෑ කියමුකෝ. මාත් ඉතින් මුණ හෝදගෙන ඇවිත් 

මම- අම්මේ මොනවද උදේට ඉව්වේ? 
අම්මා- ආනේ.... මට අමතක උනානේ මෙයාට විතරයි කෑම හැදුවේ. අනේ අදට විතරක් අර පාන් ඇති බටර් ට්කක් ගාගෙන කන්න. 
මම- හාකෝ ඉතින් 

හ්ම්ම් අනේ කාලේ ඉතින් මොනවා කරන්නද කියල පාන් පෙත්තක් හපන ගමන් මන් කල්පනා කලේ මේ බලු කුක්කා අපේ ගෙදරට ගෙනාව හැටි. 

කියාස් ගේ තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදරින් තමයි මේ කුක්කා ගෙනාවේ. ඒ වෙනකොට කියාස් 6 වසරේ විතර ඇති.මෙයා රිච්බැක්+ජ්ර්මන්ශේෆ්ර්ඩ් ලු අනේමන්දා ඉතින්.




තාත්තා වැඩ ඇරිලා ඇවිත් රෑ වෙලාවක තාත්තත් එක්ක බයික් එකේ ගිහින් ගෙනාව. එන ගමන් ඉතින් මේ කුක්කට දෙන්න කිරි පිටි ගන්න නැවැත්තුවා කියමුකෝ ෆුඩ් සිටි එකක් ලග. මොකෝ ඉතින් මුව මන් අර බඩු තියන රාක්කෙක තියල යන්නද ඔන්න ඔහේ යමු කියල මුව වඩාගෙන ෆුඩ් සිටි එකෙත් කරක් ගහලා ආවා.   

ඔන්න ඔහොම ගෙනාපු කුක්කා තමයි දැන් කකුල් දෙකෙන් හිටගත්තාම මගේ ගානට වගේ උස. අර ඉස්සර වගේ වඩාගෙන ෆුඩ්සිටි යන්න තියා වඩාගන්න හිතන්නවත් බෑ. හැබැයි ඉතින් මොනවා උනත් හොඳ එකා. ඌ ගැන කියන්න ගියොත් මේක හයිවේ එකටත් වැඩිය දික් වෙනවා. 

දැන් ඉතින් පාන් කෑවා කියමුකෝ. හප්පේ මෙන්න තියෙනවා සමපෝෂ පැකට් එකක්. අහා ! දෙන්නම්කො වැඩේ කියල අතට ගත්තා විතරයි අම්මා ආවා

අම්මා- හා හා ඕක කන්න එපා ඕක සුදු පුතාගේ 
මම- ඉතින් අම්මේ මමනේ සුදු පුතා 
අම්මා- නෑ නෑ මන් කිව්වේ බලු පැටියට 

මදැයි ඔය වෙලා තියෙන්නේ ඉතින් මන් නැති ටිකට මගේ නමත් බල්ලටම දීලා රෙජිස්ටර් කරලත් එක්ක. මන් ඉතින් පැත්තකට උනා සමපෝෂ සිහිනය බිදවැටුනා. 

අපේ එකා කන්නේ නෑ කියල අම්මා වැඩට යන්නේ නැතුව නිවාඩුවකුත් දාලා. බෙහෙතුත් ගෙනල්ලා. දෙයියනේ බතුත් කවනවා. ඒ මදිවට කැද හදලා, පෙඩිග්‍රී ගෙනල්ලා, සමපෝෂ ගෙනල්ලා. කවනවා කවනවා ආදරෙන් කතා කරනවා ( සුදු පුතේ මෙන්න ඔයාගේ ආසම කෑම පෙඩිග්‍රී) 

හනේ හපොයි මදැයි නිවාඩුවට ආව දැන් මට වෙන්නේ ඔය කොහෙට හරි වෙලා පෙඩිග්‍රී විස්කෝතුවක් හප හපා ඉන්න තමයි 

කියාස් බල්ලට ගියාද? නෑ.... කියාස්ගේ තැන බල්ලට දීලා.... 

23 comments:

  1. ඕක මේ මහින්ද මාමි මේපාර ගෙනාපු අයවැයේ අතුරුපලනේ දරුවො.. කොහොමත් ඉස්සරහට බල්ලන්ට මිසක් අපිට නං ඉහ ගහල ඉන්න බෑ.. බලු කෑම ගනං අඩුවෙලා.. අපේ කෑම වැඩිවෙලා. රට බල්ලට ගිහින් බලා රට ගි.. හුටා නෑ නෑ මේ මොනාද මං කියවන්නෙ.. අන්න සුදු වෑන්.. මං පැන්නෝ
    ටටා!!

    ReplyDelete
    Replies
    1. පොඩි යොජනාවක් .. අම්මට කියන්නකො මාවත් බව්වෙක් වගේ හදාගන්න කියලා.. මාත් මේම හිටියට හොද කුක්කෙක් .. ඔව්

      Delete
    2. දැන් ඔය උඩ තියෙන කොමෙන්ටුවට උත්තර දෙන්න ගිහින් මේ පැත්තටත් සුදු වෑන් එකක් එයි ද දන්නේ නෑ නේ ?

      හනේ අම්මේ මේ කුක්කට කන්න දෙන්න ගිහින් පාරට බහින්න වෙයි ද දන්නේ නෑ :P

      Delete
  2. ඉතිං ඔයා නිකං බලන් ඉන්න එපා... ඔයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් බල්ලත් එක්ක සටන් කරන්න.. ඌ නිදි වෙලාවක උගේ කෑම ඔක්කොම කන්න හොරෙන්...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අන්තිමට වෙන දේ දන්න නිසා කට වහන් ඉන්නවා ;) එහෙම උනා නම් මාස 4 කට විතර සැරයක් ගෙදර එන එකටත් තිත තියන්න වෙනවා අනිවා

      Delete
    2. මටත් ඔයින් එකෙක් හොයල දෙන්න බැරි වෙයිද ? මේ පැත්තෙ පට්ට ගනන්..
      නැත්නම් මෙහෙම කරමු.. ඕකව කිඩ්නැප් කරමු.. ඔයා හෙල්ප් කරන්න.. අපි 2ගෙම ප්‍රශ්ණ නිකන්ම විසඳෙනවනේ...

      Delete
    3. හප්පේ මුව කිඩ්නැප් කරන්න හෙන අමාරුයි පොඩ්ඩක් හිතන්නකෝ අර කෑම ටික කාලා කාලා මූ හරක් පැටියෙක් වගේ වෙලා
      අනික ඉතින් මුව කිඩ්නැප් කලොත් ඔයාටමයි අවාසිය හිකිස්

      Delete
    4. "කියාගන්න බෑ" අලි talk දුන්නට අලි කෙට්ටුයි.. ඉතින් කොහොමද කුක්කෙක්ව වත් කිඩ්නැප් කරන්නේ :v

      Delete
    5. කව්ද යකූ එහෙම කිව්වේ? :/

      Delete
    6. අර ඉරිදා පත්තරේ තිබ්බේ O.o

      Delete
    7. ඕ.... මන් එච්චර ජනප්‍රිය ද ^_^

      Delete
  3. මේක කියවනකොට තේරෙනවා කියාස් හරිම සතුටින් සැහැල්ලු මනසින් ඉන්න ළමයෙක් බව නම්... පෝස්ටුව ලස්සනයි කියාස් ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව නැත්නම් කොහෙද මෙහෙම ඉන්නේ අප්පා මේ කූර ලෝකේ :)

      Delete
  4. පවු අප්පා බල්ලා ...

    ReplyDelete
  5. බල්ලොත් එක්ක බෑ .සැලෙන්ඩ එපා.ඕකා එක බලු වැඩක් කලාම කට්ටියට එපාවෙයි !!

    ReplyDelete
  6. දැන් ඉතින් උබ බල්ලගෙ තැන ගනින්

    ReplyDelete
    Replies
    1. ඒ තැන දෙන එකකුත් නැති පාටක් තියෙන්නේ

      Delete
  7. අප්පා...බයේ බෑ...මටත් ඔහොම වෙයිද දන්නේ නෑ....
    සටන් කරහන් අයිතිවාසිකම් වෙනුවෙන්...
    නිකම් ඉදලා හරි යන්නේ නෑ පුතේ....

    ReplyDelete
    Replies
    1. ඇයි මේ වගේ බලු තඩියෙක් ඔහෙත් ඉන්නවද?
      එහෙනම් අයිතිවාසිකම් රැකගන්න දැන්ම පෙළ ගැහෙන්න

      Delete
  8. අයවැයට ගහපු හිනි ටෝක්කද මන්ද. ;) මොක උනත් ඕක පැහැදිලි ඉරිසියාව :3

    ReplyDelete
    Replies
    1. නෑ මේකට කියන්නේ වෙන නමක් .....

      Delete