Wednesday, September 18, 2013

අඬන්නෑ මං තවත් ....................




මට ඔයා ලඟට වෙලා ඉස්සර වගේ ඉන්න ඕනේ

ඔව් ............

මට ඉස්සර වගේ ආදරේ කරන්න ඕනේ

ඔයා ලඟින් ඉඳගෙන උරහිසට ඔලුව තියාගෙන

අපේ අනාගතේ ගැන හීන දකින්න මට ඕනේ

මේ තනිකම අපේ ආදර කතාව ගැන මතක් කරනවා වැඩියි

මගේ ඇස් දෙකට දකින ආදර වන්තයෝ

අපේ ආදර කතාව මතක් කරලා දෙනවා වැඩියි

විහාරමහා දේවි පාර්ක් එකේ අපි ඇවිදගෙන ගිය හැටි

ගෝල්ෆේස් ගිහින් බංකුවක වාඩි වෙලා

අත් අල්ලගෙන..................

වචනයක්වත් නොකියා ඈත මුහුද දිහා බලාගෙන

හිතින් ආදරේ කරපු හැටි............

කෞතුකාගාරේ බලන්න මාව එක්කගෙන ගිහින්

ඔයා දන්න දේවල් පණ්ඩිතයෙක් වගේ මට කියලා දීපු හැටි

දවල්ට ඔයාගේ බත් එකෙන් මට බත් කවපු හැටි....

මුණගැහිලා කතා කරන්න තැනක් නැතුව

දෙතුන් පාරක්ම දෙහිවල සත්තු වත්ත බලන්න ගිය හැටි

මේ හැමදෙයක් ම මතක් වෙද්දී.....

මගේ හිත ඊයම් බරු දාහක් එල්ලුවා වගේ බර වෙනවා

ඒත් මන් අඩන්නේ නෑ.....

ඇඩුවා කියල ඔයා වෙනස් වෙන්නෙවත්

මට අතීතේ ජීවත් වෙන්නවත් බෑ කියල දන්න නිසා

මන් අඩන්නේ නෑ .............


24 comments:

  1. ඉතිං අඩන්නෙපා අයියෝ..

    ReplyDelete
  2. විහාරමහා දේවි පාර්ක් එකේ අපි ඇවිදගෙන යනකොට

    ගෝල්ෆේස් ගිහින් බංකුවක වාඩි වෙලා ඉන්නකොට

    අත් අල්ලගෙන..................

    වචනයක්වත් නොකියා ඈත මුහුද දිහා බලාගෙන ඉන්නකොට

    හිතින් ආදරේ කරනකොට............

    පොලෝසියෙන් අල්ලං ගියා කියලා මම හිතුවේ.

    මේ සංස්කෘතික පොලෝසිය, පරිසර පොලෝසිය නෙවෙයි :D

    ReplyDelete
  3. හ්ම්ම් ........අඬන්නේ නැති එක හොඳයි.

    ReplyDelete
  4. මටත් ඇඩෙනවා ඔයා ඔහොම අඬනකොට ඉහි ඉහි ඉහි

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා අනේ එතකොට මටත් ඇඩෙනවා

      Delete
  5. අඬන්න එපා පැටියෝ...

    ReplyDelete
    Replies
    1. එපා කියනකොටනම් තවත් ඇඩෙන පුරුද්දක් තියෙනවා

      Delete
  6. හනේ මොකක්ද බං මෙච්චර දවස් තනිකඩායි.......... හිරිකඩායි......... කියල අපිව ඇන්දුව. බූට් කෑවම තමයි දන්නෙම නැතුව කියවෙන්නෙ.. :)

    //දවල්ට ඔයාගේ බත් එකෙන් මට බත් කවපු හැටි....
    මුණගැහිලා කතා කරන්න තැනක් නැතුව
    දෙතුන් පාරක්ම දෙහිවල සත්තු වත්ත බලන්න ගිය හැටි
    මේ හැමදෙයක් ම මතක් වෙද්දී.....
    මගේ හිත ඊයම් බරු දාහක් එල්ලුවා වගේ බර වෙනවා
    ඒත් මන් අඩන්නේ නෑ.....//

    මං නම් ඇඬුවා බං.. තාමත් අඬනවා.. ඇඬුවම තමයි හිත සැහැල්ලු වෙන්නෙ.. Never in relationships again :(

    ReplyDelete
    Replies
    1. තනිකඩයි තමයි අප්පා
      ඇඬුවම හිත නිදහස් වෙනවා තමයි කියල තේරුම් ගත්තේ ගෙදරින් ඈත් උනාට පස්සේ

      Delete
    2. කොන්දොස්තර දකින්න නැති නිසාද :P

      Delete
    3. හපෝ කොන්දොස්තර කව්ද? :P

      Delete
  7. ඕවා අමතක කරලා දාලා සන්තෝසෙන් හිටියනම් ඉවරයිනේ. ගිය දේ ගියා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉතින් වැඩේ කියන්නේ අමතක කරන්න අමාරුයිලු ඔව්වගේ දේවල්

      Delete
  8. ආදරය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්... ආදරය කරද්දි හිනාවෙන්න පුලුවන් වගේම අඩන්නත් පුලුවන්... ඒක හින්ද ආදරය කරද්දි.. පරිස්සම් වෙන්න ඕන... අනික ගොඩාක් දුරට හිතන්න ඕන... හොයල බලන්න ඕන.... එතකොට තමා හැමදාම හිනා වෙන්න පුලුවන් වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ආදරේ කරනකොට හිතන දේවල් හොයන දේවල් නෙමෙයි පස්සේ කාලෙක හිතෙන්න එහෙමත් නැත්නම් හොයනකොට හම්බවෙන උත්තර වෙන්නෙත් ආදරේ කරනකොට හම්බවුන උත්තර නෙමෙයි

      Delete
  9. අඩලා ඇතිවෙලා ඉන්නේ මං නං !!!!! අයේ නං මොන වස්තරේ උනත් අඩන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ඇඩුවා කියලා ඉතින් ලෝකේ පෙරළෙනවායැ

      Delete
  10. අඬල ඉවර නම් අළුත් පෝස්ට් එකක් ලියමුද ?

    ReplyDelete
    Replies
    1. Ekanam aththa eth wade kianne kiyaganna ba ge lapa leda wela. Kiyaganna ba dawasema haduu kadulen inne. :-S

      Delete
  11. ගොඩක්ම ලස්සනයි ඒක.😍

    ReplyDelete