Thursday, January 17, 2013

සිරිපාලගේ නයා.......


අපේ සර්ප සෙට් එක ගැන කියපු එකේ නයෙක් ගැනවත් කතාවක් කිව්වේ නැත්නම් නිකම් නෑ නෑ වගේ කියලා හිතුනා......




මේක රෝහලක වෙච්ච සීන් එකක් හරිය? දැන් ඉතින් මේ සීන් එකේ වීරයාට ඉන්නේ සිරිපාල කියලා වොචර් කෙනෙක්... අපි කෙලින්ම කතාවට බහිමුකො එහෙනම්.

“අම්මෝ...... මිසි.... මිසි.... නයෙක්.....”

එහෙම කියාගෙන ලෙඩෙක් දුවගෙන එනවා වාට්ටුව ඇතුලට.... ඔන්න එතකොට ඇඳන් වල ඉන්න ලෙඩ්ඩුයි වෙන කෙනෙක්ගේ ඇඳකට හේත්තුවක් දාගෙන කයියක් ගහගෙන ඉන්න කස්ටියයි  ඔක්කොම බැලුවේ වාට්ටුවේ මැදින් වැටිලා තියෙන කොරිඩෝව දිහා. ඇත්ත තමයි සිරා ගති සර්ප රාජයෙක් එනවා කොරිඩෝව දිගේ.. 



දැන් ඉතින් කස්ටියම නයාට බය වෙලා පුළු පුළුවන් කස්ටිය ඇඳවල්  උඩ, පුටු  උඩ , බංකු උඩ නැග ගෙන. වයසක උදවිය ඇඳවල් උඩම වාඩිවෙලා ඇස් දෙකත් දොට්ට දාගෙන  බලන් ඉන්නවා. සමහරු දන්නකියන යන්තර මන්තර මුමුණනවා...

ඔන්න ඔය අතරේ වාට්ටුවේ හිටපු සේවකයෙක් ගිහින් සිරිපාල ව එක්කගෙන එනවා නයාව එළවලා දාන්න... කොහොම හරි සිරිපාල එදා මඳ පමණට සප්පායම් වෙලා හිටපු දවසක්.. අර අඩියක් විතර දිග ටෝච් එකක් අරන් සිරිපාල එනවා.

“බය වෙන්න එපා මිසී... ඔන්න බලන්නකෝ මන් මේකාව අල්ලන හැටි...”

“සිරිපාල ඕකාව මරන්නේ නැතුව අල්ලලා බෝතලේකට දාලා කොහේ හරි ගෙනිහින් දාන්න මූ නයෙක්...”
“අරේ මිෂි... මිෂිලා බය වෙන්න එපා ඔන්න බලන්න නයා අල්ලන හැටි...”

ඔන්න ඉතින් එහෙම කියලා සිරිපාල නයාගේ බෙල්ල ලඟින්ම අල්ලලා නයාව ඉස්සුවේ නැතෑ !

දැන් ඉතින් මේ නයි සීන් එක ආරංචි වෙලා එතනට ආපු   රෝහලේ වෛද්‍යවරුයි වෙන වාට්ටු වල ලෙඩ්ඩුයි එකී මෙකී නොකී අය අතරේ කියන්න බෑ ත් හිටියා...

දැන් තමයි සිරිපාලට මතක් වෙලා තියෙන්නේ බෝතලයක් හොයන්න ඕනේ කියලා. ඉතින් නයාවත් ඇඳගෙනම සිරිපාල බෝතලයක් හොයනවා. ඔන්න දැන් ඉතින් කට ලොකු  බෝතලයක් හොයලා නයාව දැම්මා කියමුකෝ වැඩේ කියන්නේ ඒ බෝතලේ මූඩිය නෑ.

ඔන්න ඊට පස්සේ කව්ද ගෙනාව ගෝනියකට නයාව දාගෙන සිරිපාල ගියා නයාට අභය දානය දෙන්න.
ඔන්න ඔහොමලු සිරිපාල නයාව ඇල්ලුවේ.......


ප.ලි.............

මේ දවස් වල කියාගන්න බෑ හෙන බරපතල මිෂන් එකක ඉන්නේ. මොකක්ද දන්නවද? කියාගන්න බෑ ට හෙන ආසාවක් තියෙනවා ගම්පහ  ගෙට්ටුවට යන්න. ගිහින් යාළුවො කාරිය එහෙම දැන අඳුන ගන්න.  ඉතින් මේ දවස් වල කියාගන්න බෑ ගේ අම්මා ට කියාගන්න බෑ පොඩි ඉල්ලීමක් කළා. ඉතින් ඒකේ ප්‍රතිපලයක් හැටියට අම්මා රහස් පොලිස් පරීක්ෂක තනතුරක් වහාම පිහිටුවලා කියාගන්න බෑ ගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද බ්ලොග් කියන්නේ? කව්ද මේකට එන්නේ? ඔන්න ඔහොම එකී මෙකී නොකී හැම විදිහටම හරස් ප්‍රශ්න අහනවා.

ඉතින් අර සෑමා අයියා කිව්වා වගේ මේ කියාගන්න බෑ කොටුවෙන් එහාට ගිහින් නැති හින්දා. කියාගන්න බෑ ගේ අම්මා තීරණය කරනවා “ හරි බලමුකෝ යන්න... හැබැයි මාත් එනවා... ඔයාගේ යාලුවෙක් එක්ක යන්න තියෙනවනම් එයාලත් එක්ක යවන්න තිබුනා...” ඔන්න දැනට හම්බ උන තීන්දුව. කියාගන්න බෑ ඉතින් තව දවස් තියෙනවනේ කියල ඉතින් මේ දවස් වල දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවලු. 




26 comments:

  1. අහෝ.. නයා...

    මොකද මේ කියාගන්න බෑ ට මෙච්චරම මුරකාවල් දාලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ආදරේටනේ ඉතින් කියාගන්න බෑ එකම ළමයා නේ

      ඒ උනාට ඉතින් කියාගන්න බෑ ට කොහොම හරි යාලුවෙක් හොයාගන්න වෙනවා

      Delete
  2. අපොයි අපොයි.... කොහොම හරි එන්න ට්‍රයි කරන්න.... අපිත් සෙට් වෙනව..... එදට බලමු...කවුද, කාටද, මොනවද, කියාගන්න බැරි කියල...එදාට කොහොම හරි කියවන්නම්.....

    ReplyDelete
    Replies
    1. යා යා එන්න තමයි ට්‍රයි එක. ඒත් එන එක තමයි අවුලකට තියෙන්නේ ..
      හි හි කියාගන්න බෑ ඉතින් .......:D

      Delete
  3. අයියො නයා... මේක ඇත්තම සිද්ධියක්ද එතකොට?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පියෝ සිරා සිද්දියක්....... :)

      Delete
  4. shok....shok.....aththatama nayath adi 2k withara gahala innathi mihithe.....neththan ochchara hariyak karanakan uta ninda giyada..... ;)

    ReplyDelete
    Replies
    1. වෙන්න බැරි කමක් නෑ...... වෙන්න බැරි කමක් නෑ........ එක්කෝ නයා හොඳ නින්දක් දාලා නැගිට්ට ගමන් ද දන්නේ නෑ නේ හිටියේ ..:P

      Delete
  5. මොකක් කරල ද එහෙම ඇල්ලුවේ.. මං දැකල තියනවා පරීක්ෂණ කරන අය නම් මොකක්ද ගැජට් එකකින් සර්පයෝ අල්ලනවා.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයා කෙලින්ම අතෙන්නේ සර්පයා ව ඇල්ලුවේ.

      Delete
  6. වන සංරක්ශනේට කෝල් කරන්න වෙන සීන් එකක්

    ReplyDelete
  7. කතාව ලිවීමේ උත්සාහය අගය කරනවා.මීටත් වඩා රස වැඩි වෙන විදියට වෙලාව අරගෙන ලිවුවොත් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි අඩුපාඩු පෙන්නලා දුන්නට ඇත්තටම ඒක මගේ දුර්වල කමක්. වෙලාවකට නම් ගොඩක් හිතලා වෙලාව අරන් ලියනවා එත් කිව්වා වගේ මේකනම් ලිව්වේ ඔලුවේ වෙන එකක් තියාගෙන ඒක හදාගන්න ඕනේ :D

      Delete
  8. කියාගන්න බෑයි කිව්වට ඔය කියලා තියෙන්නෙ. :D නොකියා ෆෝන් ගැන ඉස්සරම අහපු දවසෙත් මම කල්පනා කලේ නොකියා ඉන්න නම් මොන මගුලටද ෆෝන් එකක් කියලා.

    කියාගන්න බෑ වගේම ඔය සබ්ජෙක්ට් එකට ආස එකෙක් ඉන්නවා අන්තිම පේලියෙ කිරිසප්පයා කියලා. ඌත් ලියලා තියෙනවා සර්ප පෝස්ට් දෙකක්ම.

    ජය වේවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නොකියා ෆෝන් එකත් වෙලාවකට නොකියා ඉන්නවා එතකොට තමයි කියාගන්න බැරි තරම් කේන්තියක් එන්නේ :P

      ආ මන් හිතන්නේ ඒ පොස්ට් එක මන් බැලුවා :)

      ආයේ එන්නකෝ මේ පැත්තේ :)

      ජය වේවා!

      Delete
  9. මමත් ආවා මේ පැත්තේ :)

    ReplyDelete
    Replies
    1. අඩේ! හරි ශෝක්නෙ :D එන්න එන්න වාඩි වෙන්න ........

      Delete
  10. ඔන්න අපිලත් ගොඩවුණාලු මෙ දිහාවට....
    ගේටිටුවට යන්න හිතන් ඉන්නවා...
    මාත් මීට කලින් ගිහින් නැති නිසා...

    ReplyDelete
    Replies
    1. හප්පේ.... එන්න එන්න සතුටුයි මේ පැත්තේ ආවාට .....:)))

      ගෙට්ටුවට එන්න මාත් මේ හා හා පුරා කියලා යන්න හදන්නේ :D

      Delete
  11. ශා මේ තියෙන්නේ හොඳට ලියල..
    දිගටම ලියන්න අපි එන්නම් බලන්න ..
    බෝතලේකට දාන්න කිව්වම මන් හිතුවේ
    අර ප්‍රදර්ශන වලට ගන්න වගේ මරල
    දායි කියල ...එහෙම නොවුන එක නම්
    හොදයි

    ReplyDelete
    Replies
    1. හි හි නෑ එහෙම උනේ නෑ අනික මිනිස්සු නයි මරන්න වැඩිය උනන්දු වෙන්නේ නෑ නේ...
      ඒ නයා අන්දමන්ද වෙලා හිටියේ

      Delete
  12. ///මේක රෝහලක වෙච්ච සීන් එකක් හරිය? ///
    ආ... කියාගන්න බෑ දකුණේ කෙල්ලෙක් වගේ හරිය.. අපිත් බෙන්තර ගඟෙන් මෙහා හරිය..

    ගම්පහ ගෙට්ටුවට ගියාද බොල ?

    ReplyDelete
  13. ආ අන්න වැටහුනා ...........

    නෑ හයියූ අන්තිම මොහොතේ වීසා කැන්සල් උනා නෙව :(

    ReplyDelete
  14. අඩේ උඹ මට මෙක කලිං කියලා තියෙනවානෙ? -_-

    ReplyDelete
    Replies
    1. අඩේ මම කිව්වද? ^_^

      ඒ ඉතින් ඔයාට විතරනේ කිව්වේ

      Delete