Friday, December 7, 2012

හීනය බොඳ විය..............



07/12/2012

               


            අද මොන දවසක් ද කියන්න මන් දන්නේ නැහැ මොකද දවස පටන් ගත්ත වෙලාවේ ඉදන් මොකක් හරි දෙයක් හින්ද මගේ ඔලුව රිදෙන්න පටන් අරගෙන තිබුනේ. එත් මන් හිතුවේ නැහැ මගේ ජීවිතේ තිබුන ලස්සන හීනයක් නැති උනා කියන පණිවිඩේ අහන්න ලැබෙයි කියලා. අපේ ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එක කියන්නේ අපේ පාසල් ජීවිතේ ලබන්න තියෙන උසස්ම අත්දැකීම් වලින් එකක් කිව්වොත් මන් හරි. මොකද කියනවනම් ප්‍රයිස් එකක් තියෙන ළමයෙක්ට ඇරෙන්න වෙන ළමයින්ට ඒක බලන්න වත් හම්බවෙන්නේ නැති අවස්තාවක් නිසා. ඔන්න ඉතින් පොඩි පන්ති වල ඉන්නකොට පන්තියේ පලවෙනියෝ ටික හරි සබ්ජෙක්ට් වලට මුළු ශ්‍රේණියෙන්ම වැඩිම ලකුණු ගත්ත යට ඔය ප්‍රයිස් ගිවින් එකට යන්න අවස්ථාව හම්බවෙනවා ඕක හැමදාම වගේ තිබුනේ ඉස්කෝලේ ඉවර උනාට පස්සේ ඉතින් අපි පහුවෙනිදට ප්‍රයිසස් ගත්ත ලමයින්ගෙන් අහනවා කොහොමද? මොකද උනේ? කොයි විදිහටද තිබුනේ ? ඔන්න ඔය වගේ ප්‍රශ්න. මටත් ආසාවක් තිබුනා ප්‍රයිස් එකක් ගන්න ඒ දැකලා නැති අත්දැකීම විදගන්න.අවාසනාව කියන්නේ පන්තියේ වැඩිම ලකුණු මිසක් ශ්‍රේණියේ වැඩිම ලකුණු අතරට යන්න බැරි උනා 10 වසරට එනකන්ම. එත් ඉතින් කොහොම හරි 10 වසරේ ඉදන්ම එක විෂයකට 12 වසරට එනකන්ම ප්‍රයිස් එක ගන්න මට පුළුවන් උනා. අර කියනවා වගේ ලැබෙනකොට තන්හාව වැඩිවෙනවා වගේ 13 වසරේත් ප්‍රයිස් එක ගන්න හීන මැවුවට ටර්ම් ටෙස්ට් එකට යන්න උනේ නෑ ඩෙංගු හැදුන නිසා. ඔන්න ඔහේ කමක්නෑ කියලා හිත හදාගත්තා. එත් තව දෙයක් හිතේ තිබුනා එත් මන් හිතුවේ නෑ එච්චර දුරකට මට යන්න පුළුවන් වෙයිද කියලා.  
           
            අපි ප්‍රයිසස් ගන්න ඉන්නකොට ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් සිලෙක්ට් උන අක්කලා එනවා ප්‍රයිස් ගිවින් එකට සුදු සාරියක් හරි ඔසරියක් හරි ඇඳලා කොන්ඩෙ බැඳලා  නැත්නම් ගොතලා. එකත් මාර ලස්සනයි පොඩි කාලේ ඉදන්ම අපේ හිතේ තිබුනේ ඒ තැනට යන්න නම් සුපිරිම මොළයක් තියෙන්න ඕනේ කියන එක ඒ කියන්නේ ඉතින් වැඩේ ලේසි නෑ කියන එක. අපේ ගුරුවරුත් ඒ දේ හැමතිස්සෙම කිව්ව නිසාමද මන්ද අපිටත් අසාවක් තිබුනා ඒ ලෙවල් කරලා ඒ වගේ තැනකට ඇවිත් ප්‍රයිස් ගිවින් එකට එන්න. අනිත් එක තමයි අභියෝගතා කුසලානේ එකනම් ඉතින් හීනයක්ම තමයි බන් කියල අපි කිව්වේ.

            ඔන්න ඉතින් අපි ඒ ලේවලුත් කළා හිතාගන්නත් බෑ අපතයා වගේ මහ අපත විදිහට එක්සෑම් කරපු මටත් කැම්පස් යන්න පුළුවන් ඒ දවස් වල නම් පුදුම සතුටක් තිබුනේ. මටත් අන්තිම පාරට ප්‍රයිස් ගිවින් එකට යන්න පුළුවන් කියලා.

            අද ලියුමක් ආවා මගේ නමට ඉස්කෝලෙන් එවලා තියෙන්නේ කියලා අම්මා මගේ අතට දුන්නා.  ලියුමේ උඩින්ම තිබුනේ මෙහෙම  

                        “............. විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2011”

මට ඉතුරු ටික කියවන්න තරම් සිහියක් තිබුනේ නෑ මන් අම්මව බදාගෙන කෑ ගහනවා මටත් ප්‍රයිස් එකක් කියලා.

“ඉතින් ඉතුරු ටිකත් කියවන්න ළමයෝ කවද්ද තියෙන්නේ කියල  බලන්න.....”   අම්ම කිව්වා

ඒ ටික කියවනකොට තමයි මගේ ඇස් වලට කදුළු ආවේ

“අප විද්‍යාලයීය 2011 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2012 දෙසැම්බර් මස 04 වන අගහරුවාදා ප.ව 1.30 ට .............................................. මැතිනියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ත්‍යාගලාභිනියක  ලෙස එම උත්සවයට සහභගී වන මෙන් .................................. මෙයින් ඇරයුම් කරමු.”

මොනවා කරන්නද ලියුම පරක්කු වෙලා ආවට. පස්සේ ඉතින් ඉස්කෝලේ මට උගන්නපු මට ලගින්ම හිටපු මිස් ට කෝල් කළා

“ඇයි ළමයෝ ඔයා ආවේ නැත්තේ.....? ප්‍රයිසස් 2කක් එක්ක අභියෝගතා කුසලානයක් ගන්න ළමයෙක්ට හම්බවෙන්නේ කොච්චර කලාතුරකින්ද.....? මන් කොච්චර කතා කලාද ඔයාගේ ෆෝන් එකට එකත් වැඩ නෑ.....”
ඔහොම කියනකොට මගේ හිත තවත් රිදුන එක ඇරෙන්න තව මුකුත් උනේ නෑ.



ප.ලි ........ මේ ලිපිය මගේ හිතේ දුකට ලියවුන දෙයක් පමණි. මගේ ආඩම්බරකමක් හෝ වෙනත් දෙයක් අරභයා ලියුවක් නොව. කියාගන්න කෙනෙක් අන්තිමට නැති විය හිතේ දුක මෙසේ අකුරු විය.  මේක කියවනකොට හිතෙයි මේකත් මොකක්ද කියල එත් මගේ පුංචි ලෝකෙට මේක මහා ලොකු දෙයක්:(



6 comments:

  1. හපෝයි.. ලංකාවෙ තැපැල් සේවයෙ හොඳකම තමයි. ඉතිං උත්සවේට නොගිහින් දැන් ඉස්කෝලෙට ගිහින් ගන්න බැරිද ?

    ReplyDelete
  2. හ්ම්ම් මොනවා කරන්නද ඉතින් ලංකාවනේ ..... සහතික ටික අරන් කප් එක දිහා බලලා එන්න තමයි වෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඇයි කප් 1 දෙන එකක් නැද්ද දැං ?
      මං හිතුවෙ O/L කරන පොඩි එකෙක් කියල. බලං යද්දි අක්ක කෙනෙක්නෙ :D
      මං 2011 A/L

      Delete
    2. එක ඉතින් ඉස්කෝලෙන් තියාගන්නවනේ. මන් කොහොමද අක්කා වෙන්නේ? මමත් 2011 A/L නේ? :D

      Delete
  3. දුක තමා නංගි..... :(
    කෝම හරි උණුසුම් සුබ පැතුම් තෑගි දෙකක්ම ගත්තට.. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තුතියි අයියේ :)

      Delete