Saturday, September 30, 2017

මට ඕනේ.....

මට ඕනේ හැන්දෑවේ 4 ට විතර පාලු පාරක ඇවිදගෙන යන්න. ඒක ටිකක් කැලෑ පාරක් වෙන්නත් ඕනේ. 
එහෙමත් නැත්නම් මට ඕන හවස 6 ට විතර මුහුදු වෙරළකට වෙලා තනියම ඉර බහින හැටි බලන් ඉන්න. තව මට කියවන්න කතා පොත් ගොඩාක් එක්ක ( කන්නත් පොඩ්ඩක් ඕනේ ඉතින් කෝපි එකක් වගේ තිබුනොත් තවත් හොඳයි)  තනියම  කාමරේකට වෙලා ඉන්න ඕනේ. තව ලංකාවේ හැම තැනකටම ඇවිදින්න යන්න ඕනේ. ගෙදර ලස්සනට තියාගන්න ඕනේ මට ඕනේ විදිහට. ගෙදර මගේ කාමරේ මන් ආසම කරන පොත් හැම එකක්ම අරගෙන තියාගන්න ඕනේ. පොඩි බලු පැටියෙක්ව ඇති කරන්න ඕනේ. මල් වවන්න ඕනේ. වත්ත පිටිපස්සේ එලවලුයි පලතුරුයි වවන්න ඕනේ. මගේම ජොබ් එකක් කරන්න ඕනේ ( ඒ කිව්වේ කාගේවත් යටතේ වැඩ කරන එකක්වත් කාවවත් යටතට අරන් වැඩ කරවගන්න ජොබ් එකක්වත් නෙමෙයි). එක  එක ජාතියේ කෑම උයලා බලන්න ඕනේ. නිදහසේ යාළුවෙක්ව එහෙම බලන්න යන්නත් ඕනේ.  



8 comments:

  1. ඔයාට ඕන ඕන දේවල් කරන්න ඉඩ දෙන්න බෑ කියල මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.. හැක්

    ReplyDelete
  2. මමත් ආසම දේවල් සෙට් එකක් තමයි ඔය. හැබැයි මන් ඒවා කරන්න ගිහින් නාගෙන ඉන්නේ...

    "මට ඕනේ හැන්දෑවේ 4 ට විතර පාලු පාරක ඇවිදගෙන යන්න. ඒක ටිකක් කැලෑ පාරක් වෙන්නත් ඕනේ.
    එහෙමත් නැත්නම් මට ඕන හවස 6 ට විතර මුහුදු වෙරළකට වෙලා තනියම ඉර බහින හැටි බලන් ඉන්න. "
    - කොළඹ පාරවල් නැති නිසා හැමදාම පාර්ලිමන්ට් එක වටේ ඇවිදිනවා රෑ වෙනකම්

    තව මට කියවන්න කතා පොත් ගොඩාක් එක්ක ( කන්නත් පොඩ්ඩක් ඕනේ ඉතින් කෝපි එකක් වගේ තිබුනොත් තවත් හොඳයි) තනියම කාමරේකට වෙලා ඉන්න ඕනේ.
    - මේ ෆන් එක නම් උපරිමෙන් ගන්නවා හැමදාම

    තව ලංකාවේ හැම තැනකටම ඇවිදින්න යන්න ඕනේ. ගෙදර ලස්සනට තියාගන්න ඕනේ මට ඕනේ විදිහට. ගෙදර මගේ කාමරේ මන් ආසම කරන පොත් හැම එකක්ම අරගෙන තියාගන්න ඕනේ.
    - බෝඩිමේ කාමරේ මට ඕන විදියට තමයි

    පොඩි බලු පැටියෙක්ව ඇති කරන්න ඕනේ. මල් වවන්න ඕනේ. වත්ත පිටිපස්සේ එලවලුයි පලතුරුයි වවන්න ඕනේ.
    - බලු පැටියා ලොකු වෙලා ගමේම මිනිස්සු කෑවා. අන්තිමට නැන්දට ගෙනියන්න දුන්නා


    මගේම ජොබ් එකක් කරන්න ඕනේ ( ඒ කිව්වේ කාගේවත් යටතේ වැඩ කරන එකක්වත් කාවවත් යටතට අරන් වැඩ කරවගන්න ජොබ් එකක්වත් නෙමෙයි).
    - ඉලක්කම් 6 කට ආසන්න ගානක ජොබක් තිබිලා ඔය attitude එක නිසා අයින් වෙලා තනියම කොරන්න ගත්තා. දැන් පාන් ගෙඩියක් ගන්නවත් අතේ සතේ නැහැ :(

    එක එක ජාතියේ කෑම උයලා බලන්න ඕනේ.
    - උයාගෙන තමයි කන්නේ. එක එක ජාති. ලුණු වැඩි කෑම, ලුණු නැති කෑම, රොස් වෙච්ච කෑම, දන්කුඩ් බත්, තව බොහෝ දේ

    නිදහසේ යාළුවෙක්ව එහෙම බලන්න යන්නත් ඕනේ.
    - උන් ඔක්කොම 8-5 ජොබ් කරනවා. උන් ගෙදර නැහැ

    ReplyDelete
  3. හවස ඇවිදින්න නම් මාත් යන්නේ පාර්ලිමේන්තුව පැත්තේ තමයි. ( සමහරක්විට හම්බවෙලත් ඇති)
    මැද හරියේ ටික නම් එහෙන් මෙහෙන් වෙනස් සිද්දි වෙලා තියෙනවා
    අන්තිම එකත් එකම තමයි ඉතින්.... අනික යාළුවො පවුල් වෙලා

    ReplyDelete
  4. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඇත්තටම මට මේකට උත්තරයක් දෙන්න පමා උන එකට. ඔබ වැනි කෙනෙකුගෙන් ලැබුන ඇගයීම සෑහෙන්න වටිනවා. ස්තුතියි.. එන්නම් ඒ පැත්තේ :)

      Delete
  5. මේ දේවල් හීන විතරක්ම නෙමෙයිනේ

    ReplyDelete
    Replies
    1. තාම දෙකයි හැබෑ කරගන්න වෙලා තියෙන්නේ. බලමු ඉතින් ඉතුරු ටිකත් හීන වෙන්න නොදී බේරගන්න

      Delete