Tuesday, January 1, 2013

අහිංසක ජීවිත


“අක්කේ මේ පොඩ්ඩක් එන්නකෝ......”

“ ඔතන ඉදන් කියන්න මට බෑ එන්න...”

“ අනේ අක්කේ එහෙම කියන්න එපා පොඩ්ඩකට එන්න.....”

“ ඇයි ...? ඉක්මනට කියන්න මට වැඩ තියෙනවා ඉස්කෝලේ....”

“කෑගහන්න එපා අක්කේ.... මේ අර අම්මා මට අරන් දුන්න කැස්බෑ පැටව් දෙන්නා දැක්කද....? දැන් ඉන්නේ එක්කෙනයිනේ .....”

“ ආ හොද වැඩේ එතැනදී නහයෙන් අඬලා ගත්තේ පණ වගේ බලාගන්නවා කියලනේ...?”

“ අනේ අක්කේ අම්මට කියන්න එපා පොඩ්ඩක් හොයන්න උදවු වෙන්නකෝ...”

දෙදෙනාම කැස්බෑ පැටවූ හොයයි. ගේ ඇතුලේ මේස පුටු යට , නාන කාමරේ, මිදුලේ මල් පෝච්චි අස්සේ එහෙ මෙහෙ කොහේ හෙව්වත් හම්බුන කැස්බෑ පැටියෙක් නම් නැත.

ටික කාලෙකින් මන් ආයෙත් ගියා ඒ ගෙවල් පැත්තේ. ඔන්න ඒ පාර ආයෙත් කැස්බෑ පැටවූ දෙන්නෙක් ඉන්නවා.

“ ආ නංගී අර කැස්බෑ පැටියා හම්බුනා ද....?”

“නෑ අක්කේ මේ මල්ලි ආයෙත් තව එකෙක් තාත්තට කියලා ගෙන්නවා ගත්තනේ. මේ පාර නම් ටැංකියක් එක්ක ගෙනාවේ.....”


මේ ඉන්නේ ඒ දෙන්නා තමයි.


එත් මට නම් දුක හිතුනා මොකද මේ සත්තුන්ට කන්න හම්බවෙන්නෙත් ඒ ගෙදර අයට මතක් උනොත් විතරයි. අමතක උනොත් ඉතින් සොරිම තමයි. කැස්බෑ පැටවූ විතරක් නෙමෙයි මේ ගෙදර බලු පැටවූ දෙන්නෙකුත් ඉන්නවා ඒ දෙන්නටත් කුඩම්මාගේ සැලකිලි වලටත් අන්ත සැලකිලි හම්බ වෙන්නේ.

මේ සත්තු කියන්නේ කවුද? මිනිස්සු වගේම ජිවත් වෙන්න එයාලටත් නිදහස තියෙන්න ඕනේ මේ ලෝකේ එයාලටත් අයිතියි කියලා අපිටම අමතක වෙලාද කොහෙද.

කූඩුවකට හිර කරලා ඕනේ උන වෙලාවට අරගෙන සෙල්ලම් කරලා සතුටු වෙන්න තරම් සෙල්ලම් බඩු  ගානට මේ සත්තු දාල තියෙන්නේ ඇයි  එයාලටත් මේ ලෝකේ අයිතියි. ටිකක් හිතන්න කතා කරන්න බැරි එයාලා අපිට වඩා අසරණයි. කතා කරන්න පුළුවන් නම් කෑ ගහල කියයි “ අනේ අපිත් ආසයි නිදහසට ...” කියලා.   



16 comments:

  1. ඔය සත්තුන්ට කතා කරන්න බැරි නිසා තමයි ඒ අහිංසකයන්ට පුළුවන් තරම් දුක් දෙන්නේ. පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ මේ අසින්සක සත්තුන්ටත් අපිට දැනෙන සියලුම හැඟීම් දැනෙනවා කියන එක.

    මම ගොඩක් කැමති මාතෘකාවක් ඔය තෝරගත්තේ නගෝ.

    ReplyDelete
    Replies
    1. එක තමයි කියන්න නම් මේ ගැන ඕනේ තරම් දේවල් තියෙනවා එත් කියල විතරක් වැඩක් වෙන්නේ නෑ එක එක්කෙනෙක් හරි තේරුම් ගන්නවානම් ලොකු දෙයක්නේ?

      සත්තුන්ට ඇත්තටම ආදරේ කරන අය ඉන්නේ ගොඩක් අඩුවෙන් නේද අයියේ?

      Delete
  2. එක නම් ඇත්තම තමයි නංගියේ..

    ඔයාගේ පොස්ට් එක කියවපුවහම මට පරණ සිදුවීමක් මතක් උනා. ළඟදීම පොස්ට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. අපි බලන් ඉන්නවා එහෙනම්

      Delete
  3. ඒ.. කැස්බෑවො ඇති කරන්න තහනම් ගෙවල්වල... වහාම අත්ඩංගුවට ගන්නවා...

    හරියට සලකන්න බැරි නම් ඕකුන් ඇති කරන එක මහ පව්කාර වැඩක්..

    ReplyDelete
    Replies
    1. සමාවන්න පොඩි වැරදීමක් මේ කැස්බෑවෝ නෙමෙයි මේ ඉබ්බෝ

      එකනම් ඇත්ත මේ ගෙදර පොඩි එකාගේ ආසාවට ගෙනාවට කිසිම සැලකිල්ලක් නෑ

      Delete
    2. ඉබ්බෝ හරි ගඳයිනේ. :(

      Delete
  4. කියා ගන්ඩ බැ කියුවට මේ ලස්සනට කියන්නේ

    ReplyDelete
    Replies
    1. කොච්චර දේවල් කියාගන්න තියෙනවද ඉතින් :D

      බොහොම ඉස්තුතියි මගේ පුංචි බ්ලොග් පැලට ගොඩ වැදුනට :)

      Delete
  5. මේ පෝස්ට් එක මග ඇරිලා නේ මට. මමත් බැලුවේ කැස්බෑවෝ කොහොමද ටැංකි වල හදන්නේ කියල.මේ ඉබ්බෝ නේ. අපි දවසක් වතුර නැති වලක වැටිලා හිටපු ලොකු ඉබ්බෙක් ව අල්ලලා ගෙදර ගෙනත් දාල තිබ්බා වතුර බැරල් එකකට. එහෙම කලේ නාන්න යන ගමන් ඌ ගඟට ගිහින් දාන්න හිතා ගෙන. ඔය උඩින් කමෙන්ට් එකේ කියල තියනවා වගේ උන් ගඳයි තමයි.

    මම නම් කොහොමවත් කැමති නෑ සත්තු හදන්න. කොහොම කලත් උන්ට ස්වභාවික පරිසරයේ තියන නිදහස දෙන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ ඉබ්බා ව ගඟට ගෙනිහින් දැම්මද? :)

      ඒකතමයි එත් ඉතින් සත්තුන්ට ඉන්න කියලත් දැන් පරිසරයක් නෑ නේ

      Delete
  6. අනේ මටත් එකෙක් ඕනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉබ්බෙක් ද? :D

      එසේම වේවා !!! දිගු කල් රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  7. සත්තු හිර කරන ඉන්න එක නම් පව් තමයි අප්පා

    ReplyDelete