Saturday, October 18, 2014

ඔහු හදන මතු මහළට ගී කියන කුරුල්ලනි .....

ටජ්මහල් කුරුල්ලනි
වරෙව් ......
පුරාණ ටාජ් මහල්
කතාව අතැර ...
මෙතෙක් ඔබ ගැයූ
මියගිය පෙම් පුරාණය
මතින් ඉදිවූ .....
"ටාජ්මහල්"
ආදරයේ නාමය අතරින් හමන
ලේ සුවඳ ....
කුමක්ද ?
මියගිය ඇයට ඉදිකළ
ආදර මහළට
දහදිය මුහුකළ
ගල්වඩුන්ගේ මරණයේ විලාපය
ඒ;
ලේ සුවඳ
ටාජ්මහල් ආදර ගී ගයන
කුරුල්ලනි .....
කිසිදිනෙක නොදැනුනි ද නුඹලා හට ...
ඉතින් වරෙව්.....
සාජහන්- මුන්ටාස්
මළවුන්ගේ ආදර කතා  අතැර
මගේ උර තලය මත
ඔහු හිස සතපවන යාමයේ
විකසිත පෙම් පුවත ගයන්නට
මා පෙම්බරා සමඟ ....