Wednesday, September 18, 2013

අඬන්නෑ මං තවත් ....................




මට ඔයා ලඟට වෙලා ඉස්සර වගේ ඉන්න ඕනේ

ඔව් ............

මට ඉස්සර වගේ ආදරේ කරන්න ඕනේ

ඔයා ලඟින් ඉඳගෙන උරහිසට ඔලුව තියාගෙන

අපේ අනාගතේ ගැන හීන දකින්න මට ඕනේ

මේ තනිකම අපේ ආදර කතාව ගැන මතක් කරනවා වැඩියි

මගේ ඇස් දෙකට දකින ආදර වන්තයෝ

අපේ ආදර කතාව මතක් කරලා දෙනවා වැඩියි

විහාරමහා දේවි පාර්ක් එකේ අපි ඇවිදගෙන ගිය හැටි

ගෝල්ෆේස් ගිහින් බංකුවක වාඩි වෙලා

අත් අල්ලගෙන..................

වචනයක්වත් නොකියා ඈත මුහුද දිහා බලාගෙන

හිතින් ආදරේ කරපු හැටි............

කෞතුකාගාරේ බලන්න මාව එක්කගෙන ගිහින්

ඔයා දන්න දේවල් පණ්ඩිතයෙක් වගේ මට කියලා දීපු හැටි

දවල්ට ඔයාගේ බත් එකෙන් මට බත් කවපු හැටි....

මුණගැහිලා කතා කරන්න තැනක් නැතුව

දෙතුන් පාරක්ම දෙහිවල සත්තු වත්ත බලන්න ගිය හැටි

මේ හැමදෙයක් ම මතක් වෙද්දී.....

මගේ හිත ඊයම් බරු දාහක් එල්ලුවා වගේ බර වෙනවා

ඒත් මන් අඩන්නේ නෑ.....

ඇඩුවා කියල ඔයා වෙනස් වෙන්නෙවත්

මට අතීතේ ජීවත් වෙන්නවත් බෑ කියල දන්න නිසා

මන් අඩන්නේ නෑ .............


Saturday, September 14, 2013

තේරුම් ගන්න .........







මට ඔයාව මතක් වෙනවා

ඔයා හිතන්නේ මේ හිත ගලක් කියලද?

තේරුම් ගන්න බැරි වෙයි ඔයාට

ඉස්සර වගේම දැනුත්

ඔයා මන් ගැන හිතන්නේ එහෙමයි

හිත රිදුන හැම වාරෙකම

ඇස් වලට කදුළු උනන්න ඕනේ කියලා නෑ

ඔයා වරද්ද ගත්තේ එතන

කොහොම උනත් මාව රිදවපු හැම වාරෙකම

මේ ඇස් දෙකෙන් ඇඩුවා නම්

එදා.............

මාව වෙන් කරලා ඈතට යන්න ගිය දවසේ

මට අඩන්න

මගේ ඇස් වල

එක කඳුලක් වත්


ඉතුරු නොවී තියෙන්න තිබුනා..........