Wednesday, August 21, 2013

හොඳම යාළුවා......





ඒ අපගේ මිතුදමයි..... කලක සිටම පැවති සුහද මිතුදමයි....

ඔව් බොහෝ කලකපටන් පැවති මිතුදමයි ....

එහෙත් කාලයත් එක්කමද කියන්න මන් දන්නෙත් නෑ මගේ හිතේ එයා ගැන යාලුවෙක්ට වඩා හැගීමක් ඇති උනේ ඇයිද කියන්න. අපි රෑට එකට පාඩම් කළා. එකට දහම් පාසල් ගියා.

අපේ යාළුකම එහෙමයි ගෙවුනේ .... අපි ඒ ලෙවල් කළා පාස් උනා අපි තාමත් යාළුවො....

ටික කාලයක් යනකොට එයා කෙනෙක්ට ආදරේ කළා.... හොඳම යාළුවා වෙච්ච මට තමයි එයාගේ හිත ගිය කෙනා ගැන කිව්වේ... මට එතකොට දැනිච්ච හැගීම තාමත් වචන වලට හරවන්න බෑ... ඔව් කවදාවත්ම බැරිවෙයි... මන් උදව් කළා එයාගේ ආදරේට ලං වෙන්න.

 මෙයා එයාට ආදරෙයි කිව්වා.. එයත් මෙයාට  ආදරෙයි කිව්වා...

ඒත් මගේ ආදරේ තාම මගේ හිත ඇතුලේ.... මන් හිතුවේ මන් එයාගෙන් අහන එක එච්චර හරි නෑ කියල. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ඉස්සෙල්ලම ආදරේ ගැන අහන එක වැරදියි කියල මන් හිතුවා. ඒ නිසාම එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙනකන්ම මන් බලන් හිටියා. මන් තාමත් එයාගේ හොඳම යාළුවා.

එයා මාව එයාගේ ආදරේ ට අදුන්වලා දුන්නා

“ මේ මගේ හොඳම යාළුවා.... “

ඔව් එදා එහෙම තමයි කිව්වේ මන් එයාගේ ආදරෙත් එක්ක හිනා උනා. මගේ හිතේ තාමත් එයා ගැන ආදරේ තියාගෙන එයාගේ ආදරෙත් එක්ක මන් හිනා උනා.

“ඔයාගේ හොඳම යාළුවා නම් මෙයා මගෙත් හොඳම යාළුවා...”

එයාගේ ආදරේ එහෙම කිව්වා...

අපි හොඳම යාළුවො උනා ඔව් දැන් යාළුවො තුන් දෙනයි. 
ආදරවන්තයෝ දෙන්නයි ඒ දෙන්නගේ හොඳම යාළුවා උන මමයි.

අපි හැමතැනම ගියේ එකට. එයාගේ උපන්දිනේට තෑගී ගන්නකොට එයාගේ ආදරේ මට කෝල් කරලා කියනවා මටත් එන්න කියල. ඉතින් මාත් යනවා. එයා කැමති අකමැති ඒවා මතක් කරලා අන්තිමට ලස්සන තෑග්ගක් ගන්න හොඳම යාළුවා වෙච්ච මම උදව් කරනවා.

ඔව් මට මතකයි එක සැරයක් එයාගේ ආදරෙත් එක්ක ගියා එයාගේ උපන්දිනෙකට තෑග්ගක් ගන්න. ඒ එයාගේ ආදරේ එයාගේ උපන්දිනේට දෙන පලවෙනි උපන්දින තෑග්ග.


හොඳම යාළුවා වෙච්ච මමයි තෑග්ග තෝරලා දුන්නේ. එයා ආසයි ඉර බහින හැන්දෑවට මුහුදු වෙරළකට ගිහින් ගලක් උඩ ඉඳගෙන සිතිජ ඉම දිහා බලාගෙන ඉන්න. මන් තෝරලා දුන්නේ අන්න ඒ වගේ දර්ශනයක් තියෙන පින්තුරයක්. 


එදා හවස එයා මට කතා කළා...

“ ඒ බලන්නකෝ අරයා මට දුන්න තෑග්ග මොකක්ද දන්නවද?...”

“නෑ ...නේ ... මොකක්ද දුන්නේ? .....”

“ පොඩ්ඩක් හිතලා කියනවා හලෝ.....”

“ ම්ම්ම්ම්.... අනේමන්දා හිතාගන්න බෑ...”

“ හපෝ වැඩක් නෑ.... ඔයා දන්නවා නේද අර මන් හවසට බීච් එකට යන්න ආසයි කියල...?”

“ ආ ඔව් ඉතින් ඔයා එක්ක එයා බීච් එකට ගියාද....?”

“ පිස්සුද  ... එයා මට ඒ වගේ පේන්ටින් එක දුන්නා හලෝ මාරම මාර ලස්සනයි.... මන් ඒක මගේ රූම් එකේ එල්ලගත්තා.... ඉන්නවකෝ මන් එකේ එම්.එම්. එස් එකක් එවන්නම්....”

“ නෑ එපා... මට හිතාගන්න පුලුවන් ඒක ලස්සන ඇති... ඔය ලේසියෙන් දේකට  ලස්සනයි කියන කෙනෙක් නෙමෙයිනේ... “

එසේ කියා මම සිනාසුනෙමි... ඔහුද මා සමග සිනාසුනි.

කාලය ගතවිය ඔවුන්ගේ ආදරයද පැවතින. තවමත් මා හොඳම යාළුවා  විය.

එක් දිනක් ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

“ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද....?”

“ ඔව් පුළුවන් ප්‍රශ්නයක් නෑ කියන්න....”

“එයා මාව දාලා ගියා .... මට තේරුම් ගන්න බෑ ඇයි මට එහෙම කලේ කියල....”

“මොකක්ද කිව්වේ? දාලා ගියා...? ඇයි මොකද උනේ කියන්න මට...?”

“ මේ අපේ සම්බන්දෙ නැවැත්තුවා අදින් පස්සේ එයා මන් ළඟ නෑ... යාලුවේ.....?"

 මම මුකුත් කියන්න ගියේ නෑ එයා කියපු හැමදේම අහගෙන හිටියා ඇත්තටම එයාටත් ඕන කලේ එයා කියන දේවල් අහන ඉන්න කෙනෙක් මිසක් උපදෙස් දෙන්න කෙනෙක් නෙමෙයි කියන එකත් එයාගේ හොඳම යාළුවා වෙච්ච මං දැනගෙන හිටියා.

තවත් ටික කාලයක් ගෙවිලා ගියා අපි තාමත් යාළුවො ....

එයා පේරාදෙණි  කැම්පස් සිලෙක්ට් උනා. මටත් කැම්පස් යන්න ඕනෙකමයි සුදුසුකමයි දෙකම තිබුනට ගෙදරින් කැමැත්තක් තිබුනේ නෑ. ඉතින් මං ආයෙත් එයාගෙන් දුරස් වෙන්නද යන්නේ?

ඉස්සර ඔයාගේ ආදරෙත් තිබුන දවස් වල අපි තුන්දෙනාම ඕපන් යුනිවර්සිටි එකට ගියා මතකද? එහෙදී එහෙන් මෙහෙන් තිබුන රොබරෝසියා මල් ගස් වල මලක් දෙකක් වැටිලා තියෙනකොට ඔයයි ඔයාගේ ආදරෙයි එතන වාදී වෙලා කතා කර කර ඉන්න ටිකක් නතර උනා. මම ඔය දෙන්නට නිදහසේ කතා කරගන්න දීලා බස් හෝල්ට් එකට ඇවිත් ඔය දෙන්නා එනකම් බලන් හිටියා. 


මෙහෙ වගේ නෙමෙයි පේරාදෙණියේ රොබරෝසියා මල් ඕනේ තරම් තියෙනවා. මල් පිපෙන කාලෙට මුළු පරිසරේම රෝස පාට වෙනවා ඇති. ඒ පාරවල් දිගේ ඔයා තනියම ටික කාලයක් ඇවිදගෙන යයි ඒත් හැමදාටම එහෙම වෙන එකක් නෑ... ඔයත් එක්ක අත් අල්ලගෙන යන්න ලස්සන මලක් වගේ කෙනෙක් ඔයාට එහෙදි මුණගැහෙයි. එතකොට මාව එයාට ඔයා ඉස්සර වගේ අදුන්වලා දෙයි ද? “ මේ මගේ හොඳම යාළුවා....” කියල?

සමහරක් විට එහෙම අදුන්වලා දෙන එකක් නෑ .... අපි දැන් ගොඩක් දුරස් නිසා .. ඒ කිව්වේ ඔයා පේරාදෙණියේ මම මෙහෙ.

මට මැසේජ් එකක් ඇවිත් ....

“ මේ මන් හෙට උදේම මෙහෙන් පිටත් වෙනවා.....මං ගියාම ඔයාට විස්තර කියන්නම්කො... තෙරුවන් සරණයි!....”

එයා එහෙම කියලා තිබුනා .......

හ්ම්ම්.... මොනවා උනත් මම ඔයාගේ හොඳම යාළුවා. 



Sunday, August 11, 2013

හඳයා....


කියාගන්න බෑ ගේ යාළුවො ගැන කිව්වොත් එහෙම එකී මෙකී නොකී කියාගන්න බැරි ඔක්කොම ජාතියේ යාළුවො ඉන්නවා එයින් එක්කෙනෙක් ගැන කියන්න ඕනේ කියල කියාගන්න බෑ ට හිතුනේ ඉස්කෝලේ කාලේ ගැන කල්පනා සාගරයේ ගිලි ගිලී  නාමින් ඉන්න වෙලාවක තමයි. මේ අතිජාත මිත්‍රයා කවදාවත් කියාගන්න බෑ ගේ බ්ලොග් පිටුව පැත්තේ එන්නේ නෑ, ආවොත් ඉතින් මේ කියාගන්න බෑ විනාඩි 10ක් ඇතුලත වගේ හොදවයින්ම ටිකක් අහගන්නවා කියන එකනම් අමුලික ඇත්තක් වෙනවා අනිවා ඔව් මේ කකා ඉන්න බිස්කට් කෑල්ල පල්ලා :P

මෙන්න මෙහෙමයි ඉතින් පටන් ගන්නේ (  කියාගන්න බෑ කියන නම දිග වැඩියි ලු ඉතින් අද සිට “කියාස්”  කියලවත් කියනවා. බෑ අප්පා මේ වැඩ අස්සේ වෙන නම් මතක් වෙන්නේ නෑ )

ඔන්න කියාස්ලා ගේ පවුල පිටින්ම මව් තුමියගේ රාජකාරියේ හැටියට ස්ථාන මාරු හම්බවෙලා අලුත්ම පැත්තකට ගියාලු පදිංචියට. ඉතින් මේ ඒ කාලේ පොඩ්ඩා වගේ හිටපු පුංචි කියාස්ව ඉස්කෝලේ යවන්න ඉස්කූල් වෑන් එකක් හොයලා ඒකට දැම්මා කියමුකෝ. එන එතකොට තමයි මේ අතිජාත මිත්‍රයව හම්බවෙන්නේ. අපි අතිජාත මිත්‍රයව හඳයා කියලා තමයි ඉතින් ඒ කාලේ ඉදන්ම වෑන් නාමලේඛනයේ රෙජිස්ටර් කොරලා තිබුනේ. වැඩේ කියන්නේ හඳයායි කියාසුයි එකම වයසේ එකම ඉස්කෝලෙට තමයි යන්නේ.

ඔන්න ඉතින් මේ පොඩි කියාස් පැටියා වෑන් එකට අලුතෙන් ආපු මුල් කාලේ වෙනකොට හඳයා නම් පැරණි සාමාජිකයෙක්. ඉතින් කියාස් පැටියා වැඩි කතාවක් බහක් නෑ තැන්පත් ශාන්ත පොඩ්ඩෙක් වගේ උදේට කතා පොතක් අරන් වෑන් එකට නගිනවා ඒකම කියවනවා ඉස්කෝලේ ලඟින් බහිනකම්ම. දවල්ටත් එහෙමයි. ඉතින් ඔය ක්‍රියාපිළිවෙත ටික කාලයක් යනකොට වෙනස් වෙලා වෑන් එක දෙවනත් කරන කටවල් ගොඩට කියාස් පැටියාත්  වැටුනා කියමුකෝ. එකේ ප්‍රතිපලයක් විදිහට අපේ වෑන් අන්කල් රේඩියෝ එක දාන එක නැවැත්තුවා.

ඇයි හත්තිලව්වේ මේ කටවල් ටිකෙන් කියවන දේවල් එක්ක තව රේඩියෝ එකකුත් අහන්න පුළුවනැයි?

එහෙම වෙන්න ටිකක් කලින් රේඩියෝ එක සම්බන්ධ වෙච්ච පොඩි සිද්ධි දෙක තුනක් උනේ නැතුවම නෙමෙයි. ඔන්න දවසක් ඉස්කෝලේ ඇරිලා වෑන් එකේ එන වෙලාවක ලංකාවයි පකිස්ථානෙයි ගහන මැච් එකක විස්තර අහනගමන් නුගේගොඩ හංදියේ ට්‍රැෆික් එකට හිරවෙලා හිටියේ. මැච් එකේ අන්තිම වගේ මහා තීරණාත්මක වෙලාවක ගිනිමද්දහනේ දාඩිය පිහදාන ගමන් හැමෝම මැච් එක අහනවා ඔන්න එතකොටම වගේ නිවේදකයා

“ ඔව් හයේ පහරක්.........”

හඳයා සහ කියාස්

“ හුරේ ..... හයායි....”

වැඩිය කෑගැහුවේ නෑලු ඉතින් ට්‍රැෆික් එක වෙලාවේ වෑන් එක වටේට තිබුන වාහන වල ඔක්කොම ඔලුව කරකවලා බැලුවේ අපේ වෑන් එක දිහාවලු.

එදා ඉදන් අපේ වෑන් අන්කල් මැච් එක තියෙන දවස් වලට රේඩියෝ එක දැම්මේ නෑ ............

ඔන්න ඒ කාලේ ඒ  මොකක්ද රේඩියෝ චැනල් එකක ගිනි මද්දහනේ වැලපෙන අඩන හොටු පෙරාගෙන අඩන ගුවන් විදුලි නාට්ටියක් යනවා. දන්නවනේ ඉතින් කොහොමද නාට්ටිය යන්නේ කියල. නාට්ටිය යනවා ඊට පස්සේ සින්දුවක් දෙනවා , ආයේ නාට්ටිය ආයේ සින්දුවක්, ඔය අතරේ ඉතින් සින්දුවක් ගියාට පස්සේ නාට්ටිය පටන් ගන්නකොට හිතට මොකක්ද වෙලා යන මියුසික් එකක් එක්ක නාට්ටියේ නම කියනවා. ඔන්න එතැනදී තමයි මෙහෙම වෙන්නේ.

හඳයා සහ කියාස් අතින් මේ නාට්ටියේ නම සංස්කරණයට ලක් වෙලා අර හිතට මොකක්ද වෙලා යන මියුසික් එකත් එක්කම නාට්ටියේ නම කියවෙන හැම වෙලාවේම සංස්කරණයට ලක් වෙච්ච නම කියවෙනවලු.

“කුණුගොඩක් සේ ආදරේ.....”

ටික කාලයක් යනකොට මේ නම අහගෙන ඉන්න බැරිකමටද කොහෙද අපේ වෑන් අංකල් විසින් තමන්ගේ ප්‍රියතම ගුවන්විදුලි නාට්ටිය රසවිදීම සම්පුර්ණයෙන්ම අත්හිටවන ලදී ලු.

ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට වෑන් එකේ අපේ වයසේ කට්ටිය ටිකක් වැඩි උනා. එතකොට ඉතින් වෙලාවකට මරාගන්නවා සමහරක් දේවල් වලට ( දන්නැද්ද ඉතින් හැටිනේ) ආයෙත් නෑ වෙලාවකට හුස්ම හිරවෙන්නම බෙල්ල මිරිකනවා. අපේ හඳයාට කාලයක් සීනා ගේ පිස්සුව හොඳටම තිබ්බ කාලෙක අපේ තව එක්කෙනෙක් කියපි

“ අපෝ මොකාද ඒ නිකම් වැරදිලා හදපු පාන් ගෙඩියක් වගේනේ .......”

ඔන්න ඉතින් හරිනේ

“මොකාද එහෙම කිව්ව පණුවා ....”

දඩාන් බඩාන් ......... ඉස්කූල් බෑග් උඩින් පා වෙනවා

ඔන්න එක පාරටම අපේ වෑන් අන්කලුත් කෑගහනවා බොලේ ! අපි හිතුවේ වෑන් අන්කලුත් සීනාගේ රසිකයෙක් වෙන්ට ඇති කියල හුරේ ජය වේවා කියන්න හිතුවා විතරයි වෙලා තියෙන්නේ වෙන දෙයක්

“ ළමයි වැඩිය දගලන්නේ නැතුව ඉන්නකෝ....”

ඔන්න ඕක තමයි අන්කල් කිව්වේ



තව කොච්චර දේවල් ද ඉතින් කියනවනම්....

විශේෂ දවස් තමයි ඉස්කෝලේ නිවාඩු දෙන දවසට වෑන් එකේ පොඩි පාටිය... කට්ටියගෙන් සල්ලි එකතු කරනව වගේම අංකල්ගෙනුත් කීයක් හරි අනිවා ඉල්ලගන්නවා දවසක් ඔන්න අයිස්ක්‍රීම් ගත්තා. අපේ හඳයාට අමුතුම ආසාවක් ඇවිත් අපි දෙන්නට කියල ගත්තේ අයිස්ක්‍රීම් ලීටර් බාගයක්! හරි ඉතින් ගත්තා කියමුකෝ ඇයි දෙයියනේ මොකෙන්ද කන්නේ? කඩේ අංකල්ගෙන් ඉල්ලගත්තා කියමුකෝ යෝගට් හැදී දෙකක්. එදා නම් ඇති වෙන්නම කෑවා අන්තිමට දියකරලා බිව්වා. 



අපේ හඳයා ගේ පොඩි අවුලක් තියෙනවා මොකක්ද දන්නවද? අපේ හඳයා පොඩ්ඩා කාලේ ඉදන්ම ගණන්කාරයා ඒ කිව්වේ වෙන එකක් නෙමෙයි ටර්ම් ටෙස්ට් එකක් තිබ්බොත් එහෙම සෙක්ෂන් එකෙන්ම වැඩිම ලකුණු ගන්නේ අපේ හඳයා. ඉතින් දෙයියනේ කොච්චර හොඳයි ද මොකක්ද ඒකෙ තියෙන අවුල? අවුල ඉතින් මෙන්න මේකයි අපේ හඳයා ටර්ම් ටෙස්ට් එකේ ගණන් තියෙන දවසට පේපර් එකට ලියලා පේපර් එක ගත්තාම අනිවා අඬනවා මොකද කියනවනම් වෙලාව මදි කියල. ඇයි හත්තිලව්වේ ගණන් හදලම  මොලේ අවුල් වෙලාද කොහෙද ලකුණු දුන්නම හඳයාට 100න් 100යි ආයේ මොනවද.

ඔන්න තව දවසක ඉස්කෝලේ නිවාඩු කාලෙක හඳයා අපේ ගෙදර ආවා දුරු කතර ගෙවාගෙන.( වැඩිම උනොත් ගෙවල් 6ක් පහු කරගෙන එන්න ඇති) ඉතින් අපි දෙන්නා පල්ලෙහා තියෙන වැව පැත්තේ පොඩි රවුමක් ගහන්න කියල ආවා කියමුකෝ මගේ කකුලට මොකක්ද ප්ලාස්ටික් කෑල්ලක් පෑගුනා මොකක්ද මේ කියල  හඳයා ගෙන් අහලා විසිකරන්න හැදුවා විතරයි ඒ මගේ අඩිය කියල හඳයා කෑගහගෙන පැන්නේ නැද්ද දෙන්නම ගිහින් නතර උනේ දොළ පාරට නුලයි දශම පහයි බිංදුවෙන්. බලනකොට හඳයාගේ සෙරෙප්පුවේ අඩිය. 



කොච්චර දේවල් කියල කියන්නද ඉතින් අපේ හඳයා ගැන.... ඔන්න කියාස් එක්ක හඳයා ඕ ලෙවල් පංතියට වැටුනා කියමුකෝ එතකොට ඉතින් ඒ කාලේ පන්තියේ නටපු හැම පිස්සු වැඩකටම ඒ නම ගෑවිලා තිබුනා. ඉංග්‍රීසි භාෂා දිනේට කරපු ෆැෂන් ෂෝ එකනම් ආයේ ඉතින් කියන්න පටන් ගත්තොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව ඉතින් එක එක වලි තිබුනේ නැතුවමත් නෙමෙයි. ඒ එක්කම කොත්තු එක්ක ජින්ජර්බියර් පාටියක් දාලා කාලා කාලා නැගිටගන්න බැරුව හිටපු වෙලාවල් එහෙම තාමත් මතකයි.

දවසක් ආෆ්ටර් ඉස්කූල් හිටපු දවසක කට්ටිය එක්ක ගියා අයිස්ක්‍රීම් කන්න අපේ හඳයා අයිස්ක්‍රීම් එක කනවා නෙමෙයි නානවා අන්තිමට ඒකෙ ඉතුරු ටිකට වග කියන්න උනේ අහිංසක කියාස් වෙච්ච මට. කමක් නෑ ඉතින් ඊට පස්සේ එතනින් එනකොට එතන තිබ්බ මොකක්ද වයර් එකක් කකුලේ පටලවගෙන කෑලි දෙකටම කඩාගෙන තමයි අපේ හඳයා එතනින් එලියට ආවේ. අපිත් ඉතින් පස්ස නොබලා එන්න ආවේ අලාබ ගෙවන්න අතේ වැඩිපුර සතයක් ඉතුරු වෙලා තිබුනේ නෑ ගානට බස් එකේ යන්න විතරක් සල්ලි තිබුන නිසා.

ඉතින් ඔහොම තමයි ඒ ලෙවල් කරනම්ම යාළුකම තිබුනා කියන්නත් සතුටුයි අපේ හඳයා මෙඩිසින් වලට සිලෙක්ට් උනා. දැන් නම් ඉතින් හම්බවෙන්නේවත් නෑ අප්පා. ඒ උනාට ඉස්සර ඒ මතක හරිම සුන්දරයි...............  



සානුකම්පිතව..............



හදෙහි ඉපදෙන

සිතුවිලි

සිරකර

ජීවිතය

ජීවත් කරන්නට

වෙරදරණ

  මම

පුරනා

  පෙරුමන්

සියල්ල

රුදුරුව

කෘර ලෙස

බිඳ

විනාශ කර දමන

මගේම

  දෛවය

දෙස

බලාසිටිමි

 සානුකම්පිතව .....................



Saturday, August 10, 2013

ඵලදායී සන්නිවේදනය වනාහී .... අපේ ලෙක්චර් 02

මේ ඉතින් පලවෙනි ඩිංග  ඵලදායී සන්නිවේදනය වනාහී .... අපේ ලෙක්චර් 01


දැන් අපි බලමු අපි ඵලදායී සන්නිවේදනයට යොදාගන්නේ මොනවද කියල


            01. වචන

        ඔන්න ඉතින් පලවෙනි තැන හම්බවෙන්නේ වචන වලට. අපි ඉතින් සුපුරුදු විදිහටම දන්න සිංහල ගැනම කතා කරමු. දැන් ඉතින් දන්න සිංහල කියල කිව්වට සිංහල වලත් අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද. ලංකාවේ උනත් එක එක ප්‍රදේශ වල සිංහල භාෂාවේ වෙනස්කම් දකින්න පුළුවන්. සිංහල විතරක් නෙමෙයි දෙමළ භාෂාව ගත්තත් එහෙමයි දකුණු ඉන්දියානු දෙමළ භාෂාවෙයි ලංකාවේ භාවිතා කරන දෙමළ භාෂාවෙයි පොඩි පොඩි වෙනස් කම් තියෙනවා ඒ විතරක්ද ලංකාව ඇතුලත දෙමළ භාෂාවේත් ප්‍රදේශ අනුව සුළු සුළු වෙනස්කම් තියෙනවා..
   
      තව දෙයක් තියෙනවා ඉතින් දැන් ආයේ සිංහල වලටම එමුකො. අපි සිංහල කතා කරනකොට වර්තමානයේ එක එක විදිහට සිංහල වෂණ වෙනස් කරගෙන තියෙනවා. සමහර වෙලාවකට එහෙම වෙන්න සමාජ මට්ටම් පවා මුලික වෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට මේක බලමුකෝ .................



            ඔන්න ඉතින් උදාහරනේ මගෙන් අහන්න එපා ඉතින් අපෝ මොකක්ද අප්පා මේකද මේ කියල ඕක ඉතින් කියන්න දෙයක් යෑ මේ අපි දන්න එව්වනේ ....
මන් කියන්න ගියේ මේකයි මේත් සිංහල උනාට අපි හරියට භාවිතා කරන සිංහලත් එක්ක කොච්චර වෙනසක් තියෙනවද කියන්නයි මට ඕනේ උනේ. අනික වෙනත් භාෂාවලින් කොච්චර බලපෑමක් අදටත් වෙනවද කියන්න. එතකොට ඒ කියන්නේ කෙලින්ම කිව්වොත් භාෂාව සමාජ මට්ටම් අනුවත් වෙනස් වෙනවා. ඒ අයගේ සන්නිවේදනය සමහරක් විට අපිත් සිංහල උනාට හරියටම ග්‍රහණය කරගන්න බැරිවෙන්නේ ඒ නිසා.
1           

              02. පින්තූර

පින්තූර ගැන ගත්තාම මන් අර මුලදීම කිව්ව මාර්ග සලකුණු වලට එහා ගිය එකක් ගැනයි මේ කියන්න හදන්නේ. දැන් අපි කියමුකෝ සිත්තරෙක් ඇඳපු පින්තූරයක් දිහා බලාගෙන ඉන්න 10 දෙනෙක් ගේ අදහස් විමසුවොත් එහෙම ඒ පින්තුරය ගැන ඒ පුද්ගලයින් 10 දෙනා සමහරක් විට අදහස් 10ක් ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. ඒ මොකද කියනවනම් සරලවම අපි එකම සත්ව කොට්ටාශයකට අයිති උනාට අපි දෙයක් දිහා බලන ආකාර එකිනෙකාට වෙනස් නිසා.

අපිටනම් පින්තුර බර ගානක් පෙන්නුවා. ඒ ඔක්කොම මේකේ දාන්න බැරි කමකුත් නෑ ඒ උනාට මොකක්ද මොකක්ද වගේ සමහර පින්තූර දාන්න. ඒ නිසාම ඉතින් සදාචාර සම්පන්නව පින්තූර දෙක තුනක් විතරක් දානවා.



 මෙතන ඉන්නවලු ගෑනු කෙනෙකුයි අස්සයෙකුයි සිංහයෙකුයි වයසක මනුස්සයෙකුයි වෘකයෙකුයි.


මම නම් කියන්නේ නෑ මේකේ ඉන්නේ කව්ද කියල දෙවිදිහකට හිතන්න පුළුවන් ඇත්තම කියනවනම් මමත් ඔතනින් එක්කෙනෙක්ව විතරයි දැක්කේ අන්තිමට එහා පැත්තේ හිටපු අයියට පිංසිද්ධ වෙන්න තමයි යන්තම් තේරුම් ගත්තේ. ආයෙනම් කියාගන්න බෑ ගේ ලඟින් ඉඳගන්න එකක් නෑ ඇයි දෙයියනේ කී සැරයක් කියල දුන්නද :) 


 මේ ඉතින් ස්වභාවික පරිසරයෙන් දකින්න පුළුවන් දේවල්නේ J


1         03.    ඉරියව්

      ඉරියව් කිව්වාම ඉතින් ආයේ කියන්න දෙයක් නෑ නේ වචන වලට වඩා වැඩිය හොඳට සමහරක් අය ඉරියව් ගැන දන්නවා. ගෑණු ළමයිට නම් ඉතින් හැරුණත් කියන්නේ ඒක 64 මායමක් කියලනේ. හපෝයි ඒ ගැන වැඩිය කතා නොකර ඉමු ;)
       ඉරියව් කියනකොට දැන් ඉතින් සමාජ ජාල වල පැටලිලා ඉන්න හැමෝම තව කෙනෙක් එක්ක චැට් කරද්දී තමන් ව නොපෙනුනත් තමන්ගේ ඉරියව් වචන වලින් විතරක් පෙන්නන්න බැරි උනාම මේ මූණු ටික අනිවාර්යෙන් පාවිච්චි කරනවා නේ???




  
ඔන්න ඔහොම තමයි වෙන්නේ................
ඉතින් මන් මේ කියාගන්න දගලපු ඵලදායී සන්නිවේදනයට කරුණු 7 ක් ඕනේ වෙනවා පිළිවෙලින් ගත්තාම මේ විදිහට තමයි යන්නේ ඒ කියන්නේ පණිවිඩයක් යනවිදිහ තමයි මන් මේ කියන්නේ

1)      සන්නිවේදකයා- මෙයා ඉතින් ඉන්නම ඕනේ නේ සන්නිවේදනය පටන් ගන්න
2)     ග්‍රාහකයා - සන්නිවේදකයා විසින් කුමනහෝ විදිහකට දෙන ඒ කියන්නේ වචන, පිංතුර , ඉරියව් විදිහට දෙන ඕනෙම පණිවිඩයක් ග්‍රහණය කරගන්න ඉන්නේ මෙයා
3)     පණිවුඩය - මෙහෙම එකක් තියෙන්නම ඕනෙනේ ඉතින් නැත්නම් සන්නිවේදකයා ග්‍රාහකයාට මොනවද දෙන්නේ
4)     මාධ්‍ය - මාධ්‍ය කිව්වේ සන්නිවේදකයා ග්‍රාහකයාට පණිවිඩේ දෙන්නේ කොයි විදිහටද? පින්තූර හෙවත් සඥාවක් විදිහටද? නැත්නම් වචන වලින් ද? නැත්නම් ඉරියව් වලින්ද යනාදී වශයෙන්
5)     ප්‍රතිචාර-  මේ කියන්නේ සන්නිවේදකයා විසින් මාධ්‍යක් හෝ කීපයක් උදව් කරගෙන ග්‍රාහකයා වෙතට දුන්න පණිවිඩේ ට ග්‍රාහකයා දෙන පිළිතුර. උදාහරණෙකට ගමුකො ඉතින් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවාම කෙල්ල දෙන ප්‍රතිචාරේ ගැන. කැමතියි නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් තමයි ප්‍රශ්නේ ;)
6)     ප්‍රති ප්‍රතිචාර - මේ කියන්නේ ග්‍රාහකයා දක්වපු ප්‍රතිචාර වලට සන්නිවේදකයා විසින් දෙන පිළිතුර ඔන්න දැන් අර කැමතියිද කියලා ඇහුවනේ කෙල්ලත් ඉතින් කැමතියි ලු පස්සේ ගෙවල් වලින් අවුල් ලු ඔන්න කොල්ලා කියනවලු අපි හදපානේ ඇවිදගෙන ඇවිදගෙන යමු කියල. ( ස්ප්‍රින්ග් තිබුන නම් පැන පැන යන්න තිබුනා)
7)     ක්‍රියාත්මක වීම - ඔන්න ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ ඔන්න දැන් දෙන්නා එහෙම යනවලු.ඒ කියන්නේ හදපානේ ගෙවල් වලින් යන්නම යනවා.  ඔන්න ක්‍රියාත්මක උනා.