Tuesday, May 21, 2013

කටුක කඳුල ....


සැඟවුන කඳුලකට

දොරට වඬින්නට ...

පාවඩ පිට

පාවඩ දා.....

නොබලන්න ;

උණුසුමින් පිරි

පුංචි කඳුලක ...

කටුක

සුන්දරත්වය දෙස .....



Wednesday, May 15, 2013

නික්මයාම....


මධුමතී නදීතෙර

හිද ලියන මේ ගීය....

කවදා හෝ නුඹට

නොලැබෙනු ඇත....

යම් හෙයකින් ;

මා මුමුණන මේ වදන් ....

මද පවන ගෙනැවිත්

ඔබ සවනත මත

තැබුවහොත් මිසෙක...... 



Thursday, May 9, 2013

කියාගන්න බෑ පැන යයි ....




මටනම් කියාගන්නටම බැරිය .... කුමට කියන්නද .... වචනද අහු වන්නේම නැත්තේය ... මෙහිදී ප්‍රථම වශයෙන් කියාගන්න බෑ පිලිබඳ සත්‍ය හැදින්වීමක් කල යුතුව ඇත.... කියාගන්න බෑ යනු අහිංසක ළමා චරිතයක් ය .. සැබවින්ම අහිංසකය .. අර කියනවා වගේම වචනයේ වූ පරිසමාප්ත අර්ථයෙන්ම එසේම වන්නේය.. හොර බොරු නැත්තේය... 

 ඉතින් ඔහොම කියාගන්නකියාගන්න බෑ  දැහැමෙන් සෙමෙන් ජීවිතේ ගෙවනකාලේ ... දවසක් කියාගන්න බෑ ගේ අම්මාට මෙහෙම සිද්ධියක් උනා ලු...

මෙහෙමනේ ඉතින්...... කියාගන්න බෑ ගේ ගෙදරට යන පාරේ වැඩිපුරම ගාටන්නේ ප්‍රයිවට් බස් රාජයන් නිසාවෙන් කියාගන්න බෑ පාසල් සමයේ හීනෙන් වත් සීසන් පැතුවේ නැත. මොකද ඉතින් සීසන් එක තියාගෙන පාරේ හත් අවුරුද්දක් සිටියත් ලංගම බසයක් නම් බෙහෙතකටවත් නැති නිසාවෙන්මය..

ඔහොම ඉතින් කාලය ගෙවී ගියා කියමුකෝ... දවසක් කියාගන්න බෑ ගේ මව් තුමිය සුපුරුදු පරිදි රාජකාරිය සඳහා කාර්යාලයට වාර්තා කර රාජකාරියේම නිරත වී සිටින පින්වන්ත මොහොතක අපේ පාරේ ( කියාගන්න බෑ ගේ ගෙවල් පාරේ) ගාටන ප්‍රයිවට් බසයක ඩබල් ඇක්ටින් චරිතයක් ( විටෙක කොන්දා ලෙසද විටෙක ඩ්‍රයිවර් ලෙසද ) පැමිණිවිට දුටුවේ කියාගන්න බෑ ගේ මව් තුමියව ය .. “දන්නා අඳුරන කෙනෙක් ඉන්නවනම් ඉතින් වැඩෙත් ඉක්මනින් කරගන්න ඇහැකි ”යන වටිනා කියමන කොන්දා හට නිතැතින් ක්ලික් වන්නට ඇත්තේය...

කල් යල් බලා හෙමින් සීරුවේ මව්තුමියගේ කාර්යාල කාමරය වෙත ගිය කොන්දා මව් තුමියට ආමන්ත්‍රණය කලේ ය ...

කොන්දා - මිස්...

මව්තුමිය - ඔව්... කියන්න

කොන්දා - මිස් ඉන්නේ    ------ පළාතේ නේද?  ------- බස් එකේ නේද යන්නේ එන්නේ ?

මව්තුමිය - ( හිතමින්..... මේ කව්ද මේ ...) ඔව් ඉතින් ඔය ළමයට මොකක්ද වෙන්න ඕනේ?

ඔන්න ඉතින් කුතුහලය දනවන විදිහට කොන්දා තමාගේ දැන් හදුනුම්කම ප්‍රකාශයට පත් කරනවා ලු ... ඊට පස්සේ

කොන්දා - මේ... මේ මිස්ට  නේද අර ටිකක් මහත.. සුදු දුවෙක් ඉන්නේ...?

මව් තුමිය - ( කලබල වෙමින් ) ... ඔව් ඇයි මොකද වෙලා තියෙන්නේ ?

ඔන්න ඉතින් පොට පැටලී   මව්තුමිය කලබල වී ඇත...




කොන්දා - ආ ... නෑ නෑ මිස් එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ මන් මේ ඒ පාරේ දුවන බස් එකක වැඩ කරන්නේ මන් දැකලා තියෙනවා මිස් එක්ක දුව එහෙම යනවා... මන් මේ ආවේ මේ වැඩක් කරගන්න

මව්තුමිය - ( සන්සුන් වෙමින්) ආ  කෝ දෙන්න බලන්න ...

ඔන්න ඔහොමලු උනේ.....

ආ කතාව ඉවර නෑ ඉතින් මොකද ඔය වෙලාවේ කියාගන්න බෑ ගෙදරට වෙලා හොඳට ටී වී වක ඉස්සරහ නැත්නම් කල්පනා ලොවේ .... මෙන්න එතකොට කියාගන්න බෑ ගේ කලාතුරකින් කෑගහන ජංගමයා කෑගහනවාලු ... ආයෙත් ඉතින් මොකද මේස පුටු පෙරලගෙන ගිහින් ජංගමයා අතට අරගෙන බැලුවා කව්ද මේ පින්වතා කියල... ආ මේ ඉතින් සුපුරුදු පරිදි  කියාගන්න බෑ ගැන හොයන මගේ එකම ආදරේ නොවෑ ... මගේ ආදරණීය මව් තුමිය...

කියාගන්න බෑ - අම්මේ....

එහා පැත්තෙන් සිනා හඬක් ඇසේ....

කියාගන්න බෑ - අම්මේ මොකෝ හිනා වෙන්නේ ...?

මව්තුමිය - ආ පුතේ හනේ බලන්නකෝ වෙච්ච දේ .... ( නැවතත් හිනා හඬ)

කියාගන්න බෑ - ඇයි මොකද උනේ පඩි වැඩි කරලද? ලයිට් බිල අඩු කරලද?

මව්තුමිය - නෑ නෑ ළමයෝ මේකයි උනේ ( සිදුවීම විස්තර කරයි)

කියාගන්න බෑ - ඉතින් ....

මව්තුමිය -( සිනාවෙමින් ....) ඔයාගැන  කියනකොට මන් හිතුවේ ඔයා පැනලා ගිහින් කියල  ( නැවතත් සිනා හඬ)

කියාගන්න බෑ - අනේ දෙයියනේ අල්ලගන්නම්කො මන් ඔකාව @ කෝපය ප්‍රකාශ කරමින්

ප. ලි :- දැන් කාලේ පැනලා යන්නත් ස්ප්‍රින්ග් දෙකක් ගන්න ගන්න පුළුවන් වෙයිද දන්නෑ ... හැමදේම ගණන් නොවැ