Tuesday, November 27, 2012

එයා ඔයාට කැමතියි ඔයා මොකද කියන්නේ??????


මෙහෙමයි ඉතින් කැමැත්ත ඇහුවා කියමුකෝ කෙල්ලෙක්ගෙන් බුදු අම්මේ කොල්ලෙක්ට කොහොම ගටක් තියෙන්න ඕනෙද කෙල්ලෙක්ගේ ඉස්සරහට ගිහින් ආදරෙයි කියාගන්න.

කතාව උනේ මෙහෙමයි මගේ යාලුවෙක් හිටියා නඳුන් කියලා ( ඇත්තටම එක නෙමෙයි නම :P) එයා ඉතින් කෙමෙස්ට්‍රි වලට ක්ලාස් යනගමන් අපේ ඉස්කෝලේ ළමයෙක් දිහාට හිත ගිහින් දැන් හිතෙන්නෙම එයා ගැන. දැන් ඉතින් කෙමෙස්ට්‍රි පොත අතට ගත්තත් අර කියනවා වගේ පෙන්නේම අරයව පොතේ පිටු අතරෙන් එයාගේ මුණ පේනකොට අර ලස්සන සුදු මුණ......... ලස්සන ඇස්.......... හයියෝ පිස්සු හැදෙනවා

කොල්ලා ඉතින් මේ ගෑනු ළමයාගේ නම එහෙම හොයාගත්තට මොකද එකපාරට ගිහින් අහන්න මොකක්ද  මොකක්ද වගේලු. මට කියනවා ටිකක් එය ගැන හොයල බලන්නලු මදැයි ඉතින් හොයපන්කෝ ! යාලු ෆිට් එක නිසා මුණටම බෑ කියන්නත් බෑ........

“මේ ටිකක් හොයල කියනවකෝ එයාට කොල්ලෙක් ඉන්නවද කියලා........”

“ඉතින් බන් නමත් හොයාගත්ත එකේ ඕක හොයාගන්න බැරි උනාද.........?”

“පුළුවන් නම් ඔයාට කියනවද මම ම හොයාගන්නවනේ ..........?  මොකක්ද හලෝ යාලුවට ඔහොම උදව්වක් වත් කරන්න බැරිද..........?

“ආ...... යාළුකම මතක් වෙන්නේ ඕවට විතරයි  නේද..........? හා...... හා මොකක්ද නම කිව්වේ.......?”

“මදාරා......”

“ ඉතුරු ටික.........?”

“එච්චරයි දන්නේ.......”

බුදු සංතෝ මේකාට නම් හොදටම පිස්සුය! නැත්නම් ළමයි 200ක් විතර ඉන්න සෙක්ෂන් එකකකින් ඔහොම ළමයෙක් හොයන්න කියයිද? වැඩේ කියන්නේ මගේ අඹයෙක් ගේ නමද එයමය.


ඔයා නම් මාරු කතා කියන්නේ හරි මන් හෙට ඉස්කෝලේ ගියාම හොයල බලන්නම්......”

“මන් ඔයාට ඕනෙම උදවුවක් කරන්නම් මේක මට කරලා දුන්නොත්....”

“උදවු ඉල්ලන්න බැරියෑ මන් පණපිටින් ආවොත්.......... එහෙනම් මන් ගියා...”

එදා ඔන්න ඔහොම තමයි කතාව උනේ. පහුවෙනිදා ඉතින් මන් ගියා කියමුකෝ පන්තියේ අඹයෙක් එක්කම. බයෝ සයන්ස් පන්ති ඔක්කොටම හොට දාලා අන්තිමට අර මගේ මදාරා කියන අඹයාගේ පන්තියටද ඔලුව දමා අඹයාට කතා කලෙමි.

“මේ පන්තියේ ඉන්නවද මදාරා කියලා කෙනෙක්...........?”

අඹයා මගේ මුණ දෙස ඔරවා බලයි.

“ඈ යකෝ දැන් මට කතා කලේ කව්රු කියලා හිතාගෙනද? මෙච්චර ඉක්මනට එහෙනම් යාලුවත් අමතක කළා එහෙනම්............?”

හනේ හපොයි මාත් පුදනකොටම කාපි කවුද කිව්වලු! මට මොකද උනේ අහා........! වෙනදට බෙල් එක ගැහුව ගමන් කෑම එක බදාගන්න එකා වෙන වැඩකට ඇවිත්නේ එකයි මේ .
“ නෑ බන් මන් ඇහුවේ ඔයා ඇරෙන්න වෙන මදාරා කෙනෙක් ඉන්නවද කියල...”

“ආ එහෙමද..? ඔව් ඉන්නවා අලුතෙන් ආපු ළමයෙක්. ඇයි......?”

නෑ මෙහෙමයි කතාව කියා එහෙන් මෙහෙන් කතාව කිව්වෙමි.

“ එයාට මන් කතා කරන්නම් අවුලක් නෑ නේ........?”

“මගෙන් අහන්නේ මන් එයාගේ අම්මයැ....?”

අනේ අම්මපා මේකාගේ කටනම්... මන් ඉතින් කියන්නෑ ..ආයෙත් පන්තියට ඔලුව දමා සිත් ගත්  මදාරාට කතා කලෙමි. ඔන්න ඉතින් කතා නායිකාව කරලියට ආවාය. කතාව මෙහෙමයි කියා මා කීවා පමණි. මා මෙතෙක් සිට ඇත්තේ වහා ගිනි ඇවිලෙන තෙල් බවුසරයක් උඩය.


“මොකක්ද ඔයා මේ කියන්නේ ආ.....? මන් හිතුවා ඔහොම දෙයක් වෙන්න ඇති කියලා දැකලා නැති කෙනෙක් පන්තියටම ඇවිත් කතා කලාම... කවුද ඔය කියන කෙනාගේ නම.........? මේ හලෝ මන් ඒ වගේ කෙල්ලක් නෙමෙයි හරිද.......? ”

අනේ අපොයි මාත් ඉදලා ඉදලා දාගන්න බාල්දි තමයි මේවාට කියන්නේ. මේ කෙල්ල කොරිඩෝ එකේ ඉදන් කෑ ගහනවා ඒ මදිවට ඉන්ටවල් එක නිසා එහෙ මෙහෙ යන ළමයිනුත් තොරණක් බලනවා වගේ බලන් ඉන්නවා ශිකේ එලියට බැහැපු වෙලාව හොද නෑ. මන් එහාපැත්ත බැලුවේ අවුලක් නෑ පන්තියේ ඉදන්ම ආපු මගේ අඹයා ඉන්නවනේ කියලා. හනේ කෝ මේ අඹයා........!

වැඩේ හරියන්නේ නෑ අඹයව පස්සේ හොයාගන්නවා කියල මන් මගේ නම්බුව පිළිබද සටනට බැස්සෙමි. නැත්නම් ඉතින් ආයේ මේ පැත්තේ ඇවිත් හමාරය.

“ මොකක්ද දැන් ඔයාට ඔච්චරටම කෑගහන්න මන් කියපු දේ...? එයාම ඇවිත් ඇහුවනම් ඉවරයි නේද... අර පන්තියේ හැමෝම  ඉස්සරහ ඔයාගෙන් ඇහුවම ඔයාට  කියාගන්න දෙයක් නැතිවෙන හින්දා  මන් ඇවිත් කිව්වම... මට  කෑ ගහන්න පුළුවන් නේද...? අනික යාලුවෙන්න ඇහුවේ කොල්ලෙක් මිසක් මන් නෙමෙයිනේ.......? කෑ ගහන්න කලින් පොඩ්ඩක් හිතලා බලනවා..”

 කියාගෙන මන් එන්න ආවා. හපොයි මදැයි ඔයින් බේරුනා!

මෙන්න ඉතින් මන් පන්තියට යනකොට මාත් එක්ක ආපු අඹයා බත් මුලක් දිගැරගෙන හොදට ගිලිනවාය..

“අනේ අපෝ මෙහෙමත් යාළුවො..” කියාගෙන මන් පන්තියට ආවා.

“පිස්සුද පිස්සුද මේ එහෙම හිතන්න එපා...... මන් එතනින් ආවේ බයකට එහෙම නෙමෙයි අපි මේ කාලා ලැස්ති උනේ ඔයාට කට්ටිය ගහනවනම් ගිහින් බේරගන්න..........” කියූ අඹයා බත් මුලට වග කියන්නට විය......


Friday, November 23, 2012

ජංගමයා


 වැඩි වැඩ කියන්නට යන්නේ නැත කෙලින්ම කතාවට එන්ටර්......... ඒ පන්තියේ හැම එකාම මගේ යාළුවා උනේ පන්තියටම හිටියේ ළමයි 5 දෙනෙක් වූ නිසා  යැයි ඔන්න ලෝබ නැතුවම පවසමි.

එකල ආදර පිස්සුව මා හට වැලදී නොතිබූ බවට මට හොද මතකයක් ඇත. නමුදු  පන්තියේ මගේ බත් කන අත පැත්තේ සිටි අඹයා හට නම් පැහැදිලි ලෙස බරපතලවම එය අසාද්‍ය තත්වයටම පැමිණ තිබුණි. පන්තියට එන්නේද ජංගමය කනේ ඔබාගෙනය. පන්තිය වේලාවේද නිවනක් නැත සර් තැන කියවන වචන දකුණු අතින් අකුරු කරන අතර වම අතින් ජංගමයේ සුමධුර පෙම් වදන් අකුරු කරයි.


අපේ ටියුෂන් පන්ති කාමරය ස්ථානගත කර තිබුනේ තට්ටු 5ක බිල්ඩිමේ උඩම තට්ටුවේය. එය නැග ඉවරවෙන විට රජ සැප කනේ ය. මහගිරිදඹ නගිනවා ඊට සැපය. ඔන්න දවසක් මහගිරිදඹේ තරණය කරන්නට ඔන්න මෙන්න තිබියදී මාගේ අඹයා ද පැමිණියේය. එසේනම් කියා මා අඹයා ද පෙරටු කොටගෙන මහගිරිදඹේ තරණය කරමින් සිටියෙමු.



අඹයාගේ ජංගමයා මේ වගේය..........



ටින්... ටින් .. ටීක් ...(අඹයාගේ ජංගමයා හට කෙටි  ලියුමක් යැයි  මොරදෙන්නට විය )
අඹයා ජංගමයා ගෙන පිළිතුරු ලියුම කොටන්නට විය.........
තවමත් අපි මහගිරිදඹේ මැද හරියේය

දඩ බඩාස් ............ මොකක්ද යකෝ ඒ යයි හිතන්න තත්පර කාලක් වත් තිබුනේ නැත.
අඹයා මා ඇග උඩය..... ලිස්සා ගොස් නතර උනේ පඩිපෙළ පහල පඩිය උඩය .....
දඩ බඩ ගා නැගිට ගත් අඹයා
“අනේ සොරි බන් කකුල පැටලුනා .......”යයි කියමින් මට අතද දික් කරයි ශිකේ හිතේ කේන්තියට එන වාග් මාලාව විනාඩි 10කට නතර කරගන්නට වුනේ අඹ යා සහ මා ගේ උඩ සිට බිමට කරනම් ගැසීම නැරඹීමට පැමිණි බටු ඇටයන් ටික විසිරෙන තුරුය.( ඉන් පසු මා අඹයා ගේ පරම් පරාව ඇමතීමි.)

අඹයා ගේ සහ මාගේ පොත් උඩ සිට පහලට ලස්සනට විසිරී ඇත. අඹයාගේ ජංගමයා කෑලි 3කි. ජංගමයා ඩිස්ප්ලේය   සදහටම දෑස පියාගෙනය.

එදා සිට විදුලි සෝපානයේ යන ගමනේ වුවත් අඹයා නොවේ ජංගම්යා එලියට ගත්තේ.

Wednesday, November 21, 2012

පූස් නැට්ට ....


මේ සිද්දිය උනේ  මං  පොඩ්ඩා සන්දියේදී. මෙහෙමයි ඉතින් එතකොට මගේ අම්මගේ තාත්තා ගොඩාක් වයසයි ඒ නිසාමද කොහෙද ටික දවසකින් සීයා අපිව දාලා යන්න ගියා. ඉතින් මොනවා කරන්නද කියලා හැමෝම හිත හදාගෙන අවසන් කටයුතු කරන්න කතා කරගත්තා.

ඔන්න ඉතින් මළ ගෙදරට යාලු හිතමිත්‍රාදී, නෑදෑ,අසල්වැසි එකී මෙකී නොකී හැමෝම එන්න පටන් ගත්තා. මහා ගෙදර එකම යුද්ධයක් මේ එන අයට සංග්‍රහ කටයුතු කරන්න එන අයව පිළිගන්න ඔන්න ඔහොම වැඩ ගොඩයි. මේ අස්සේ ඉතින් මේ පොඩි එකා මොනවා කරන්නද? සෙල්ලම් කරන්නවත් අහල පහල කෙනෙක් නෑ නේ කියලා දුකෙන් සාංකාවෙන් ඉන්නකොට දෙයියෝන්ටත් දුක හිතිලද කොහෙද මෙන්න එනවා  අපේ ලොකු අම්මගේ පුතා.

ඒ හලෝ අපි සෙල්ලම් කරමුද? එකත් ඉතින් දෙයියෝ දීලා වගේ එයාම ඇහුවා. අර මොකක්ද එකකට කියනවනේ ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ  කිව්වද මොකක්ද එකක්. ඉතින් මං ඉබ්බා වෙන්නේ නැතුව හා හා කිව්වා.

හා කිව්වට මොකද දෙන්නටම කරන්න සෙල්ලමක් මතක් වෙන්නේ නෑ. ශිකේ මාර වැඩේ මොකක්ද නංගී සෙල්ලමක් මතක් කරනවකෝ මෙන්න මෙයා මට බර බරේ දානවා. මෙන්න මේ වෙලාවේ අපි හිටියේ ගේ ඉස්සරහ තිබුන මල් ගහක් ළඟ. ඔයාල දන්නවත් ඇති අර  බළල් නැටි කියලා කියන්නේ....



මේ තියෙන්නේ එක තමයි. දන්න අයටයි දන්නැති අයටයි බලාගන්න බැරියෑ........

කතාවෙන් කතාවෙන් කරන්නට සෙල්ලමක් වත් ඔලුවට පාත් වෙන්නේ නැත.

“අයියේ.....”

“හ්ම්ම්ම්.........?”

“මේ ගහට කියන නම මොකක්ද ...........?”

“ඕකට කියන්නේ බළල් නැටි කියලා......”

“ශා...... එක තමයි හරියනම නම නේද...........?”

“මේ විකාර කියවන්නේ නැතුව සෙල්ලමක් කරනවද නැද්ද...........?”

“හරි ඉතින් ඔයාම මතක් කරන්න අයියේ........”

අයියා සෙල්ලමක් මතක් කරයි ඒ අස්සේ මන් ඉතින් ඔය කිව්ව ගහෙන් මල් දෙකක් කඩාගෙන කලිසම පිටිපස්සෙන් තියාගෙන  


“දැන් මං පුසෙක්.......”

“හහ් ! මැටි පුසෙක්........” අයියා මාව එතනම පල් කළේය

මදැයි ඕවට කියන්නේ ඉල්ලගෙන අහගන්නවා කියලාය. මොනවා කරන්නද ඉතින් අනිත් මල අයියාගේ කලිසමේ පිටිපස්සෙන් තියන්න තරම් මොළගෙඩියක් ඒ කාලේ තිබුනේ නිකම් පිනට වගේ. 






කොහොමින් කොහොමින් හරි මට ඕක මතකම නැතුව ගියේ අපි දෙන්නට පොඩි අයිඩියා එකක් පාත් උන නිසා... එක තමයි තරගෙට ටොනික් මූඩි එකතු කරන එක වැඩිපුරම එකතු කරපු එක්කෙනා දිනුම්! ඔන්න ඉතින් ටික වෙලාවක් යනකොට අපි දෙන්නටම අමතක උනා කියමුකෝ සීයා ගේ මළගේ කියලා.

එහාට දුවනවා මෙහාට දුවනවා ඒ අතරේ පොඩි අමුත්තකුත් තිබුනා අපි යන යන තැන ඉන්න කට්ටිය හිනා වෙනවා!

අනේමන්දා  මළගෙයක් උනාම හිනාවෙන්න හොද නෑ කියලනේ අම්මා කිව්වේ!

ඔන්න ඉතින් අපි සෑහෙන ටොනික් මූඩි ටිකකුත් හොයාගෙන දැන් ගණන් කරන්න තමයි කුස්සිය පැත්තට යන්න හිතුවේ. එතකොටම කොහෙද ඉදන් අම්මයි ලොකු අම්මයි මතු වෙලා අපි දෙන්නව ඇදගෙන ගියා පැත්තකට කතා වෙලා හිටියා වගේ දුන්නේ නැතෑ පශ්චාත් භාගේ රත් වෙන්නම!

මේ මොකද දෙයියනේ මේ වෙන්නේ ?

“මොනවද මේ පිටිපස්සේ ගහගෙන දුවන්නේ............? කිව්වා නේද දඟ කරන්න එපා කියලා........? “ ලොකු අම්මා කියවගෙන යනවා එතකොට තමයි අර බළල් නැට්ට මතක් උනේ!

Monday, November 19, 2012

පොඩි කතාවක්


නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ මට ඉතින් මතක් උනා එත් ඉතින් පටන් ගන්න විදිහක් නෑ වගේද මන්ද කමක් නෑ ඔන්න ඔහේ ලියනවා විස්තරේ දිග වැඩි වෙයිද මන්ද .

මේක උනේ කුරුණෑගල පැත්තේ ටිකක් පෝසත් කියන්න පුළුවන් පවුල් දෙකක් අතරේ. සමරසේකර පවුලේ එක දුවයි පුත්තු දෙන්නයි. වැඩිමලා තමයි දුව නම හිරුනි. හිරුනිගේ තාත්තා පොලිසියේ, අම්මා ටීචර් කෙනෙක්.හිරුනිලගේ ගෙදර තව නැවතිලා හිටියා හිරුනිලට ටිකක් දුරින් නෑදෑ වෙන අක්කා කෙනෙකුත්.
කරුණානායක පවුලේ හිටියේ එකම පුතා කසුන්. කසුන්ලගේ තාත්ත කලේ ලී බිස්නස් . ඔන්න ඉතින් මේ කට්ටිය තමයි කතාවට ඕනෙම කස්ටිය අනිත් අය ඉතින් පස්සේ ගමුකෝ.

හිරුනි මේ කියන කාලේ ඒ ලෙවල් කරන ළමයෙක් එයා කලේ බයෝ සයන්ස්. කසුන් හිරුනිව දැක්කේ ක්ලාස් එනකොට. ලස්සන අහිංසක හිරුනි දිහාට කසුන්ගේ හිත ඇදිලා යන එක ඉතින් නතර කරගන්න කසුන් හිතුවේ නෑ ඔන්න ඔහේ ඇදිලා ගියාවේ කියල ඉන්න ඇති.

කසුන් මේ අතරේ හිරුනිට  ලං වෙන්න හැදුවට එක ටිකක් අමාරු වැඩක් උනා මොකද හිරුනි වැඩිය කොල්ලොත් එක්ක කතාවට ගිය කෙනෙක් නෙමෙයි ඒ එයාගේ තාත්ත නිසා. හිරුනිගේ තාත්ත කොහොමත්ම කැමති උනේ නෑ හිරුනි කොල්ලොත් එක්ක හිතවත් කම් පවත්වනවට. ඉතින් ඔය හේතු මොනවා උනත් දවසක් කසුන් ක්ලාස් ඇරුන වෙලාවක හිරුනි ඉස්සරහට ගිහින්ම හිතේ තියෙන දේ කිව්වා. 


“හිරූ මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද........?”

“කව්ද ඔයා....? ”

මං ඔයාට කැමතියි හිරූ...... මං දන්නවා ඔයා ගැන ඔයා ටිකක් කල්පනා කරලා මට කියන්න............”

“මට කල්පනා කරන්න දෙයක් නෑ ....... මං කැමති නෑ.....”

“ප්ලීස් හිරූ එකපාරට ඔහොම කතා කරන්න එපා මං එන සතියේ මෙතනටම එන්නම් ඔයා එදාට හිතලා ඔයාගේ කැමැත්ත මට කියන්න හිරූ .......”

“ එහෙම හිතල කියන්න දෙයක් නැහැ මට කරදර කරන්න එපා..........”

ඔන්න ඔහොම තමයි එදා උනේ .....

කොහොමින් හරි ඉතින් හිරූ ඊලග සතියෙත් කසුන්ව මගෑරලා ගියා. ඔහොම ඉන්නකොට ඉතින් කසුන්ටත් තේරුනා හිරුනිගේ කැමැත්ත හම්බවෙන පාටේ කෑලිත් නෑ කියලා. දැන් ඉතින් කසුන්ගේ යාළුවොත් දන්නවා කසුන් හිරූ ට  ට්‍රයි කියලා.

ඉතින් මෙහෙම ඉවසල කසුන්ට ඇති වෙලා හිටියේ ඔන්න කොහොම හරි ක්ලාස් ඇරිලා යන දවසක කසුන් හිරූව කොහොම හරි නවත්තගත්තා. හිරූ ගේ යාලුවෝ ටිකත් නැවතුනා.

“ඔයා මාව මගරිනවා හිරූ.... ඔයාට තේරෙන්නේ නැහැ මං ඔයාට කොච්චර ආදරේ කරනවද කියල. ඔයාට තේරෙයි මං මැරුණ දවසට.....ඔයාව මට ලැබුනේ නැත්නම් මං වහ බොනවා .....”

කසුන් මෙහෙම කියාගෙන ගියේ  හිරූ ගේ යාළුවොත් ඉන්න තැන.මොනවා උනත් හිරූ ගේ හිතට මොකක්ද වෙලා ගියා කසුන් ඒ කතා කරපු විදිහට එත් හිරූ බිම බලාගෙන හිටියා විතරයි මුකුත් කිව්වේ නෑ. 


“ඔයා බය වෙන්න එපා හිරූ ඕකා ඔයාව බය කරලා කැමැත්ත ගන්න හදන්නේ....” චමෝදි කිව්වේ හිරූ කසුන් ගිය වෙලාවේ ඉදන් බය වෙලා වගේ හිටපු නිසා.

“එත් චමෝ....... මට බයයි....”

“බය වෙන්න එපා කෙල්ලේ එහෙම උනත් අපිට මොකෝ.........? මෙන්න මෙහෙ එන්න අපි යමු ”

හිරුනිට ඒ සිද්දිය අමතක කරන්න තරම් කාලයක් තිබුනේ නැත්තේ පහුවෙනිදා උදේම බයික් එකක ආපු දෙන්නා නිසා. ඒ සෙනසුරාදා දවසක් තාත්ත වැඩට ගියා විතරයි. බයික් එකේ සද්දේ ඇහිලා හිරූ ගේ අම්ම එලියට ආවා.

“මේ හිරුනි ගේ ගෙදරද..........?”

“ඔව් කව්ද මේ ළමයි..........?"

“ආන්ටි ...... අපි කසුන් ගේ යාලුවෝ.. කසුන් අද උදේ වහ බීලා... දැන් හොස්පිටල් ඉන්නේ.....”




මේ කතාව අහපු හිරුනි ට වටේ තිබුන හැමදේම කැරකෙනවා වගේ දැනුනා. එදා කසුන් කියපු වචන හිරුනිට කන ලගින් කියනවා වගේ ඇහෙන්න ගත්තා.  මොනවා උනත් හොද වෙලාවටද මන්දා හිරුනි කසුන් ගැන අම්මට කියලා තිබුනා. ඉතින් හිරූ ගේ අම්ම කලබල වෙන්නේ නැතුව ආපු දෙන්නගෙන් විස්තර අහගත්තා.

අනේ අම්මා අපි ගිහින් බලමුද.........? මට බයයි අම්මේ......” හිරූ අඬන්න ගත්තේ හිතේ තියෙන බයට.

“කලබල වෙන්න එපා ළමයෝ ...... අපි බලමුකෝ...”

අම්මා එහෙම කිව්වට හිරූ ගේ කලබලෙටම අම්ම කිව්වා ගෙදර ඉන්න අක්කත් එක්ක කසුන්ලගේ ගෙදර ගිහින් මොකද කියල බලන්න කියල. එක පාරටම හොස්පිටල් යන්න එපා කිව්වා. ඔන්න ඉතින් හිරූ අක්කත් එක්ක කසුන් ලගේ ගෙදර ගියා. කසුන්ගේ තාත්තා කියල හිතන්න පුළුවන් කෙනෙක් ඉස්තෝප්පුවේ පුටුවක ඉඳෙගන ඉන්නවා.


මේ දෙන්නත් එතනට කිට්ටු කළා. හිරූ ට කතා කරන්න එපා කියලා හිරූ ගේ අක්කා උදේ ඉදන් වෙච්ච සිද්දිය කසුන්ගේ තාත්තට කිව්වා. බලාගෙන ගියාම වැඩේ ඇත්ත. කසුන් ගෙදර තිබුන ස්ලීපින් ටැබ්ලට්ස් වගයක් බීලා ඔන්න දැන් ප්‍රයිවට් නර්සින් හෝම් එකක ඉන්නවලු. මේ කතාව අහපු හිරූ තවත් බය උනා. ඉන්න තැනත් අමතක කරලා හිරූ අඬන්න පටන් ගත්තා. ඔන්න එතකොට තමයි කසුන්ගේ තාත්ත ත් බැලුවේ කව්ද මේ කියලා.

එත් ඉතින් හිරූ අඩනවා ඇරෙන්න මුකුත් කියන්නේ නෑනේ එක කියන්න උනෙත් ඉතින් හිරූ ගේ අක්කටම තමයි. ඔන්න එතකොට තමයි කසුන්ගේ තාත්තට තේරුනේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා.

“ඔය ළමයා කැමති නම් අපි දැන් යනවා කසුන් ව බලන්න.... කැමතිනම් එන්න අපිත් එක්ක...”

ඉතින් ඔහොම කියපු නිසා හිරූ යි අක්කයි කසුන්ගේ තාත්තත් එක්ක ගියා හොස්පිටල් එකට. මෙන්න ඉන්නවා කසුන් ඇඳක් උඩ හාන්සි කරවලා. සේලයින් එකක් නම් දෙනවා වැඩි අමාරුවක් නෑ වගේ. ඔහොම ඉන්නකොට තාමත් හිරූ අඩනවා. එතනට ඒ වෙලාවේ ඩොක්ට ත් අවා.

“ මේ මොකෝ මෙයා අඩන්නේ.......?”

මෙන්න දෙයියනේ හිරූ කෑගහන්න පටන් ගත්තා....

“අනේ මන් හිතුවේ නෑ එයා වහ බොනවා කිව්වට එහෙම කරයි කියලා...... මගේ යාළුවොත් කිව්වා එයා එහෙම කියන්නේ මාව බය කරලා කැමැත්ත ගන්න කියලා.. ඒ... ඒ......ඒගොල්ලෝ.... කිව්වා එහෙම උනත් මොකද කියලා.......”

හිරූ පොඩි එකෙක් වගේ කියව කියව අඩනවා.පැත්තක ඉදන් කතාව අහපු ඩොක්ට ට පොඩි හිනාවක් ගියා....

“ආ..... මේ මෙයා නිසාද මේ මෙහෙම වෙලා තියෙන්නේ....? බය වෙන්න දෙයක් නෑ... දැන් ගිහින් එයත් එක්ක කතා කරන්න ...”

මේ වෙනකොට ඉතින් හිරූ ගැන කසුන් ගේ තාත්තගේ හිතේ දුකකුත් තිබුනා පව් මේ කෙල්ල අහිංසකයි කියලා. ඉතින් කට්ටිය කසුන්ගේ ඇඳ ලගට ගියා. හිරූ කසුන්ට කතා කලේ ඇහෙන නෑහෙන ගානට. එත් ඉතින් කසුන්ට නම් ඇහුනා.





“දෙයියනේ මගේ කෙල්ල මන් ලගට ඇවිත්.........”

මෙහෙම කියල නැගිට්ට කසුන් නැගිට්ට ගමන් හිරූ ගේ අතින් ලගට ඇදල අරගෙන හිරූ ව කිස් කළා. විනාසයි කියල ඉතින් මන් කියන්න ඕනේ නෑ නේ? කසුන් එතකොට තමයි දැක්කේ තාත්තා ඇදේ එහා පැත්තේ කියලා.




පසුව ලියමි කියන්න බෑ මොකද ඉතින් දැන්ම තමයි මේ ටිකත් ලියන්නේ ..............


            මේක නව කතාවක්ද කෙටි කතාවක්ද කියන්න නම් මං දන්නේ නැහැ  ආදර කතාවක්ද මන්දා! ඉතින් එදා කසුන් අල්ල ගත්ත හිරූ ගේ අත නම් අතෑරියේ නැහැ. කසුන්ගේ ගෙදරින් කැමැත්ත හම්බුනා. හිරූ ගේ තාත්ත නම් අදටත් මේ වෙච්ච දේ දන්නේ නැහැ.හිරූ මෙඩිකල් ෆැකල්ටි ගිහින් සෙකන්ඩ් ඉයර් එකේදී කසුන් හිරූ ව බැන්දා .
මහා බොලද කතාවක්ද මන්ද මටත් එහෙම හිතෙනවා එත් ලියන්නම හිතුනා.




Sunday, November 18, 2012

යමුද ලර්නස් ???????????????


ඔන්න හා හා පුරා කියල මන් මේ ලියන්න යන්නේ වෙච්ච පොඩි වැඩක්. මේක වෙනකොට එයා චූටි ට්‍රේනින් ඩොක්ටර් කෙනෙක් අපි එයාට කියමුකෝ රශ්මි කියලා . මේ දවස් වල එයා වැඩ කලේ රත්නපුර පැත්තේ රෝහලක. ඉතින් එයත් එක්ක හිටපු ඩොක්ටර්ස්ලා ඔක්කොම වගේ ඩ්‍රයිවින් ඉගෙනගන්න ල්ර්නස් යන්න කතා උනා. රශ්මි ඔයත් යන්න මේ කාලෙදිම ඕවත් කරගත්තාම ලේසියි කියලා කිව්වේ රෝහලේ හිටපු එම්.එස් සර්.

රශ්මිත් ඉතින් හිතුවා කතාව ඇත්ත තමයි මාත් යනවා කියල ඔන්න ඉතින් රශ්මි ල්ර්නස් එකට ගිහින් මාසෙකටම සල්ලිත් බැන්ද. ඉතින් ල්ර්නස්  එකේ එදා හිටියේ ටිකක් වයසක අන්කල් කෙනෙක්. ඉතින් රශ්මිව ට්‍රයල් වලට යනකොට හොස්පිටල් එක ලගින්ම ගන්නම් කිව්ව් නිසා රශ්මිත් එයාට ඩියුටි නැති දවස් මොනවද කියලා එහෙම ආවා. නමෝ විත්තියෙන් කියල රශ්මිගේ ඉස්සෙල්ලම ට්‍රයල් එක සදුදට වැටුනා.


ලර්නස් එකේ වාහනේ හොස්පිටල් එක ලග නැවැත්තුවාම  රශ්මිත් ඇවිත් නැග්ගා. එදා වාහනේ අරන් ආවේ අර වයසක අන්කල්ගේ පුතා. කිව්වට මොකද ඉතින් කොල්ලෙකුයි කෙල්ලෙකුයිනේ නේද?
ඉතින් රශ්මි ලර්නස් ගියාට මහ පාරේ  වාහනයක්  එලවන්න නම් හිතේපොඩි  බයක් තිබුනා. එක නිසාම ඉතින් රශ්මි අර අයියට මෙහෙම කිව්වා.
“අයියේ අපි කව්රුවත් නැති පාලු තැනකට යමුද ......?”
අයියා වටපිට බලයි ........
“ඇයි නංගී මෙතනත් අපි දෙන්නා විතරනේ......? මෙතනත් පාලුයිනේ.........?”







 කොහොමින් හරි ඉතින් එදා තමයි රශ්මි අන්තිමටම ලර්නස් එකට ගියෙත් මොකද පහුවෙනිදා වෝර්ඩ් එකට යනකොට ඔය කතාව කියල රශ්මිව බයිට් කරපු නැති කෙනෙක්ව හොයාගන්නත් බැරි උනා.:P